tag:blogger.com,1999:blog-6304821097599548790.post5363008268082670763..comments2016-06-25T17:01:47.788-07:00Comments on A Serious Blog | රැඩිකල් සටහන්..: පබළු අමුනපු පිරිත් නූල්...Sonichttp://www.blogger.com/profile/03057914915328551569noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6304821097599548790.post-33029999133436948472014-03-22T03:14:42.347-07:002014-03-22T03:14:42.347-07:00To me, this post taught me something I don't k...To me, this post taught me something I don't know. It is not an insult, here we are given some facts, they might true or false. But from everything we can learn something, whether to do or avoid.Tharanga Jothirathnahttps://www.blogger.com/profile/01109311551674889607noreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-24119604414792807092014-03-19T21:09:21.784-07:002014-03-19T21:09:21.784-07:00මෙතන වෙන්නෙ මේකනෙ. තමන්ගෙ පාඩුවෙ අහිංසක මිනිස්සු ට...මෙතන වෙන්නෙ මේකනෙ. තමන්ගෙ පාඩුවෙ අහිංසක මිනිස්සු ටිකක් පිරිත් අහගෙන පිරිත්නූල් බැඳගෙන ඉන්නව. ඒක දකින තව පිරිසක් අරගොල්ලන්ට අපහාස කරනව ප්රකාශනයේ නිදහස කියල. මෙතන සම්පූර්නයෙන්ම අනවශ්‍ය ගැටුමක් ඇතිවෙනව. ඊට පස්සෙ ජිනීවා ගිහින් කියනව මානව හිමිකම් නැතෝ කියල. කට පියන් හිටියනම් ඉවරනෙ. රටට හානියක් වෙන ජාවාරම් ගැන නම් කතා කළත් කමක් නෑ.
අනික ඔහොම කතා කළොත් අනික් ආගම්වල චාරීත්‍ර ගැනත් කියන්න වෙනව.එතකොට ලොකු අවුලක් වෙනව.බෞද්ධයො ඒ අයගෙ දර්ශනය දර්ශනයක් විදියට ඇදහුවත් ආගමක් විදියට ඇදහුවත් ඔහෙට තියන අමාරුව මොකක්ද?
ඔය නිරාගමික ලේබලේට මුවා වෙලා එන්නෙ ආගමික බලවේග බව අපි දන්නව.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-16420146872284326452014-03-19T01:24:57.704-07:002014-03-19T01:24:57.704-07:00චන්ද්‍රිකා වැව පිරිත් කිරීම කියන්නෙ ජාවාරමක්නෙ. ඒක...චන්ද්‍රිකා වැව පිරිත් කිරීම කියන්නෙ ජාවාරමක්නෙ. ඒක කරපු කෙනා ඒකෙන් හම්බකරගත්ත. නමුත් ගමේ පන්සලේ පිරිතකට සහභාගි වුන අහිංසකයෙක් නූලක් ගැටගහගෙන ආව කියල ඒ අහිංසක විශවාසය සරදමට ලක් කරන්න අපට අයිතියක් නෑ.
පිරිත් කියන ඒව සිංහලට පර්වර්තනය කළොත් ඒවගෙ ගන්න දෙයක් නෑ. සිංහලට දාන්නෙ නැත්තෙත් ඒකයි. ඒ වගේම ඒව තන්ත්රයානයට සම්බන්ධයි කියන එකත් ඇත්ත. ඒත් ඒ විශ්වාසයන් සමාජයට හානියක් නැතිනම් අපට මොකෝ. දැන් බුදු දහම විවේචනය කරන විදියටම වෙනත් ආග්ම් එහෙමත් විවේචනය කරනවද.ඒව තනිකර ආගම්නෙ. මේ සයිට එක ගැන සැක ඇතිවෙන එක තමයි වෙන්නෙ.අපිටවත් හේතුවාදී තර්කයක් ඉදිරිපත් කරන්න බැරිවෙනව මේ අන්තවාදීන් නිසා.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-19501332598572397402014-03-19T01:14:24.759-07:002014-03-19T01:14:24.759-07:00මම නම් කාගෙවත් හොඳ අහන්න ලියන කෙනෙක් නොවෙයි.මම ඔය ...මම නම් කාගෙවත් හොඳ අහන්න ලියන කෙනෙක් නොවෙයි.මම ඔය කිසි දෙයක් විශ්වාස කරන්නෙත් නෑ. සමාජය මිත්යාන්ධකාරයට දාන එකටත් මම විරුද්ධයි. හැබැයි ඒ ඒකෙන් සමාජයට හානියක් වෙන නිසා. ඒත් ඕනම කෙනෙක් ඕනම විශ්වාසයක් දරන්න අයිතිය තිබෙනව. නිරාගමික කියල ආගම් වලට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කරන්න බෑ. ඒ මිනිස්සු පිරිත් නූලක් බැද ගත්තට ඔයාට තියෙන අමාරුව මොකක්ද
මේක මේ සිල් ගත්තට පස්සෙ නයාව දරමිටියට ගත්ත කතන්දරය වගේනෙ. බෞද්ධයො ආගම් අදහන්න ඕන ඔයා කියන විදිඅය්ටද?
අපි මිත්‍යාවට විරුද්ධයි. පිරිත් නූල් බඳින්නෙ පිරිත් කියල. එහෙම විකුනනවනම් විකුනන්න බැරි දෙයක් නෑනෙ.
මේ පෝස්ට් එක සීමාව ඉක්මවල. ඔය විදියට අනෙක් ආගම්වලත් සිරිත් විරිත් ඔයා විවේචනය කරනවද?

මම කවදාවත් පිරිත් නූල් බැදලත් නෑ.ඒත් මිනිස්සු මෙහෙම හිතන්න ඉඩ තිබෙනව. . මුන්ගෙන් අවසර අරන් නෙ දැන් ආගම් අදහන අයට ඒව අදහන්න වෙන්නෙ කියල. ඔන්න ඔතනදිනෙ ඥානසාරල ඕන වෙන්නෙ. හෙළ උරුමය වගෙ සංවිධාන බලවත් වුනේ බුදු පිළිම කඩන්න ගත්තහම. සාමාන්‍ය බෞද්ධයො හිතුව මේකට විසදුමක් ලෙස අන්තවාදී බලවේග ශක්තිමත් කළ යුතු බව.

අපි මිත්‍යාවට එරෙහි විය යුත්තේ එය සමාජයට හානිකර නම් පමණයි.අහිංසක මිනිස්සුන්ගෙ අහිංසක විශ්වාසයන්ට පහර දෙන්න එපා.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-18353032152385885112014-03-11T01:11:55.775-07:002014-03-11T01:11:55.775-07:00මට මේකට මගේ බ්ලොග් එකෙන් ලොග් වෙන්න බෑ,ජර මර වෙනවා...මට මේකට මගේ බ්ලොග් එකෙන් ලොග් වෙන්න බෑ,ජර මර වෙනවා, ඒ හින්දා ඇනෝ එන්නේ හොඳේ.
මෙහෙමයි පිරිත ගැන මම නම් දන්නේ පරිත්ත කියන පාලි වදනෙන් බිඳී ඇවිල්ලා හැදුණු වදනක් විදිහට.ඒකේ තේරුම සජ්ජායනා කිරීමලු(දැන් ලු,ලු කිව්වා කියලා එක එක එව්වා මට කියන්න එපා,හොඳේ)
පිරිත් අහන්න කැමති අය තමන්ගේ පාඩුවේ අහන්න.ඒක අනුන්ට බලෙන් පටවන්න යන්න එපා.පිරිත් නූල යම් මානසික සහනයක්,ආරක්ෂාවක් වෙනුවෙන් දාන්න ඕන නම් දාන්න.ඒත් ඒක විලාසිතාවක් කර ගත්තොත් ධර්මයත් විලාසිතාවක් වෙන්න ගන්නවා.පිරිත නිසා යම් වෙනසක් ජලයේ,ශාකවල වෙනවා කියලා මතයක් තියෙනවා.ඒත් ඒ ගමන්ම සංගීතය,හොඳ වචන වගේ ඒවයිනුත් යම් වෙනසක් වෙනවා කියලා තව අදහසකුත් තියෙනවා.
මෙහෙමයි ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනෙම නෑනේ.හරි දැක්මකින් පිරිත් ශ්‍රවණය කරනවා නම් ගැටළුවක් නෑනේ.අනික මේකත් කියන්න ඕන පිරිත් නූල් විකුණනවා තමයි .එක කාලෙකදි ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැවට පිරිත් පැන් බවුසරයක් හලලා කිව්වේ වැවම පිරිත් කියලා.www.amuthusithuwili.wordpress.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-37842692594045547422014-03-10T06:37:48.472-07:002014-03-10T06:37:48.472-07:00//'ලු' ප්‍රත්‍යය යොදන්නේ හරි හැටි නොදන්නා,...//'ලු' ප්‍රත්‍යය යොදන්නේ හරි හැටි නොදන්නා, කාගෙන් හෝ අසා දැනගත් දෙයක් සඳහන් කිරීමට බව ඔබ නොදැන සිටීම කණගාටුවට කරුණක්//
ඔබ කලබල වෙන්න ඕනේ නෑ. මම ඕක දන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔතන නෙමෙයි. තමන් හරිහැටි නොදන්නා කාරනාවක්, අනිත් අය කියූ පළියට, ඒ ඒ පුද්ගලයාගේ හෝ ස්ථානයේ හෝ නමින්ම පලකිරීමයි. එහෙම කරන සයිට්/බ්ලොග් තියෙනවා. ඒවාට කියන්නේ "ගොසිප් සයිට්" කියලා. දැන් රැඩිකල් සටහනත් ගොසිප් සයිට් එකක්ද?

//විද්‍යුතය වැනි යම් ශක්තියක් පිටවන බවයි සඳහන් කර ඇත්තේ//
ඔහොම කතාවක් කියනවා මං අහපු පලවෙනි කෙනා ඔබයි. ඔබම මෝඩ තර්කයක් හදාගෙන ඒ පිටින් දමා අනිත් අයගේ මතයන්ට ගැරහීමක් තමා ඔය තියෙන්නේ.

//එමෙන්ම ඔබ දැනගතයුතුයි මා මෙය ලිව්වේ විවිධ සමාජ මට්ටම් වල සිටින බෞද්ධයින්ගෙන්, පිරිත ගැන ඔවුන්ගේඅදහස්, ඔවුන්ගේ මත, ඔවුන්ගෙ අර්ථ දැක්වීම් පිළිබඳව සමීක්ෂණයක් කිරීමෙන් අනතුරුව බව//
අනේ ඇත්තට? තනියම ලංකාව පුරාම ගිහින් සමීක්ෂණයකුත් කළාද මේක ලියන්න කලින්? එහෙම නැත්නම් ඔබ වටේ සිටින ඔබ වැනි "රැඩිකල්", "නිරාගමික" පොරවල් ටිකක් අරගෙන කරපු සමීක්ෂණයක්ද? මට නම් හිතෙන්නේ දෙවෙනි එක කියායි.

//පිරිතෙන් වගේම මොසාට්ගේ සංගීත සංධ්වනියකිනුත් හොඳ ප්‍රතිපල අත්කරගත හැකියි//
හොඳ ප්‍රතිපල අත්කර ගන්න පිරිතෙනුත් පුලුවන් කියලා ඔබ කියනවනම්, මොකක්ද ඔබේ තර්කය මෙතන? ඔබට හොඳ ප්‍රතිපල අවශ්‍ය වෙලාවට මොසාට්ගේ සංගීතය භාවිතා කරන්න. එම අරමුණම මුල් කරගෙන බෞද්ධයන් පිරිත් අහනවනම් ඒක ඔවුන්ගේ මතය, සහ අයිතිය.

//ඔබේ අදහස අපැහැදිලියි ඇනෝ. ගැටළුව ඔබට ලිපිය නොතේරුන එකද, නැත්නම් ඔබේ අන්ධ භක්තියදැයි මට සැකයි//
ඔබ කියනවා පිරිත් කියා ගස් වලට බලපෑමක් කරන්න බෑ කියා. ඊට පස්සේ ඔබ කියනවා පිරිතෙන් හොඳක් කරන්න පුළුවන් කියා. මොකක්ද මේ පරස්පර විරෝධී බව? මට, "මෝඩයා උඹට මේක තේරෙන්නේ නෑ" කිව්වහම ඔබේ කතාවේ තියෙන අවුල නැතිවෙලා යනවද?

//ඔවු, ඔබට මානසික සහනයක් ලැබෙනවා නම් කමක් නැහැ//
පිරිතේ මූලික අරමුණ මානසික සුවයක් සහ ශක්තියක් ලබා ගැනීමයි. පිරිතෙන් ඒක වෙනවා. ඒ මදිද? ඔබට මොසාට්ගේ සංගීතයට සවන් දීමෙන් මානසික සුවයක් සහ ශක්තියක් ලැබෙනවා නම් ඔබ මොසාට්ගේ සංගීතය අහන්න. ඒ දේම කරන්න පිරිත් අහන අයව හෑල්ලුවට ලක් කරන්න එපා.

//ඔබ ඔබේ ආගම යැයි 'පිළිගන්නා දෙය' තමන්ගේ පිට අලංකාරය, පිට ඔපය සඳා භාවිතා කරනවා නම්, බුද්ධ දර්ශනය වැනි ශ්‍රේෂ්ඨ දර්ශනයක් පිට ඔපය, ලෞකික අලංකාරය සඳහා පමණක් භාවිතා කරනවා නම් එය මට ගැටලුවක්//
එහෙම කියන ඔබේ පළමු තර්කය මෙසේයි:
//නමුත් සුදු නූලක් ගැටගහන එක වඩා ලස්සනයි නේද?//
//වඩා ලස්සනයි නේද?//, //..පිට ඔපය, ලෞකික අලංකාරය සඳහා පමණක් භාවිතා කරනවා නම් එය මට ගැටලුවක්//

බුද්ධ දර්ශනය ගැන ඔබ මට කියාදීම අවශ්‍ය වන්නේ නෑ. ඒක ආගමක් නෙමෙයි තමයි. ආගමකයි, දර්ශනයකයි තියෙන වෙනස තමයි, ආගමක් ඇදහිය යුතුයි. ඇදහුවේ නැත්නම් ඔබට විපාක විඳින්න සිදු වෙනවා. නමුත් දර්ශනයක් අදහන්නේ නෑ. බුද්ධියෙන්, සිතා බලා අවබෝධ කරගෙන, තමන්ට ගැළපෙනවා නම් එයට අනුව ජීවත් වෙනවා.

මා එය එසේ නොවේය කීවේ නෑ. මගෙ අදහස, තමන්ගේ මානසික සුවය, ශක්තිය පිණිස පිරිත් අහන, සුදු හෝ කහ පිරිත් නූල් බඳින, අනුන්ට කරදරකාරී ලෙස හැසිරෙන්නේ නැති, අහිංසක මිනිසුන්ව පහත් කොට සැලකීම හරි නැති බවයි. ඔබට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා කියන එක මතක නම්, ඔබට අනිවාර්යයෙන්ම මතක ඇති මේ රටේ ආගමික නිදහසකුත් තියෙන බව. ඔබ ඔබේ භාෂණයේ නිදහස භුක්ති විඳීමෙන්, තව කෙනෙකුගේ ආගමික නිදසහට (මා කතා කරන්නේ කහ පාට පිරිත් නූල් බඳින, කාටවත් කරදරයක් නැති මිනිසුන් ගැනයි) බාධාවක්, හෙළාදැකීමක් සිදුවෙනවා නම් එය ඔබේ වැරැද්දක්. හිතාමතා ඔවුන්ට අපහාස කරමින් හෙළාදකිනවා නම් එය පහත් කම.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-13444892946479440242014-03-10T03:51:01.062-07:002014-03-10T03:51:01.062-07:00විශිෂ්ට ලිපියක්....මමත් කිහිපවතාවක්ම මේගැන ලියල බැ...විශිෂ්ට ලිපියක්....මමත් කිහිපවතාවක්ම මේගැන ලියල බැනුම් ඇහුවා!!මනෝරමnoreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-47309948017511408992014-03-09T23:42:15.453-07:002014-03-09T23:42:15.453-07:00//Anonymous March 9, 2014 at 10:53 AM//
spot on :...//Anonymous March 9, 2014 at 10:53 AM//

spot on :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-32413905395890696992014-03-09T23:14:14.928-07:002014-03-09T23:14:14.928-07:00 AnonymousMarch 9, 2014 at 10:53 AM
agree with you... AnonymousMarch 9, 2014 at 10:53 AM
agree with you. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-36027966206643905632014-03-09T22:03:39.949-07:002014-03-09T22:03:39.949-07:00පට්ට කතාව.
පට්ට කතාව.
Ahesh Lakmalhttps://www.blogger.com/profile/09179613748848617005noreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-89184835577629144682014-03-09T21:19:37.104-07:002014-03-09T21:19:37.104-07:00ඔබට මුලින්ම කිවයුතුයි ඇනෝ, මේ මුළු රචක මණ්ඩලයේම අද...ඔබට මුලින්ම කිවයුතුයි ඇනෝ, මේ මුළු රචක මණ්ඩලයේම අදහස නොවන වග. මෙම ලිපිය මගේ අදහස් ප්‍රකාෂ කිරීමක්. මෙහි වගකීම මා සතුයි.

{{//බෙල්ලන්විල පන්සල අසල පිරිත් නූල් විකුනන්නටත් තිබේලු!//
//ලු//
ඔය තියෙන්නේ ඔබේ පහත් මානසිකත්වය. "ලු" -යන්න දාලා දැක්කා වගේ මඩ ගහනකොට ආතල් ඇති නේද?}}
ඔබට කිවයුතුයි, 'ලු' යනුවෙන් එය සඳහන් කළේ මම එය දුටුවේ නැති නිසා. හුඟ දෙනෙක් එය සඳහන් කරන නිසයි මෙතන ලියුවේ. 'ලු' ප්‍රත්‍යය යොදන්නේ හරි හැටි නොදන්නා, කාගෙන් හෝ අසා දැනගත් දෙයක් සඳහන් කිරීමට බව ඔබ නොදැන සිටීම කණගාටුවට කරුණක්.

{{//මුඛයෙන් පිටවන විද්‍යුතය වැනි යම් ශක්තියක් පිරිත් නූල් ඔස්සේ ශ්රාවකයාට ශරීරගත වන බව. පට්ටපල් බොරු.//
මුඛයෙන් පිටවන විද්‍යුතයක් ගැන කවුද කිව්වේ? "මුඛයෙන් පිටවන විද්‍යුතය", මොන ගොන් බූරු කතාවක්ද ඒ?}}

මුඛයෙන් විද්‍යුතය පිටවන බවක් මා සඳහන් කර නැහැ. විද්‍යුතය වැනි යම් ශක්තියක් පිටවන බවයි සඳහන් කර ඇත්තේ.

එමෙන්ම ඔබ දැනගතයුතුයි මා මෙය ලිව්වේ විවිධ සමාජ මට්ටම් වල සිටින බෞද්ධයින්ගෙන්, පිරිත ගැන ඔවුන්ගේඅදහස්, ඔවුන්ගේ මත, ඔවුන්ගෙ අර්ථ දැක්වීම් පිළිබඳව සමීක්ෂණයක් කිරීමෙන් අනතුරුව බව. පිරිත ගැන ඔබේ අදහස, ඔබ විශ්වාස කරන දෙය මෙය නොවිය හැකියි. නමුත් මෙයයි බහුතරයක් දෙනා විශ්වාස කරන දෙය. එහි සත්‍යාසත්‍යතාව විමසීමකුයි මම කරන්නේ.

{{//අමුම අමු බොරු! ගස් වලට කන් නෑ ශ්‍රවනය කරන්න//
ගස් වල වැඩීමට ශබ්ද තරංග මගින් බලපෑම් කළහැකි බව පර්යේෂණ වලින් සනාථ කරලා තියෙන්නේ. ඔබ ඉඳහිට වත් වැදගැම්මකට ඇති ලිපියක් දෙකක් කියවන්නේ නැත්තං අනිත් අයට කරන්න දෙයක් නෑ. ඕනේ නං ගූගල් සෙවුමක් දාලා බලන්න.}}

ශබ්ද තරංග මගින් බලපෑම් කළ හැකී. නමුත් ඒ එම ශබ්ධ තරංගයෙන් ඇතිවන කම්පනයෙන් විනා, එහි සංඛ්‍යාතය, තරංග ආයාමයෙන් විනා වෙන කිසිවකින් නොවේ. පිරිතෙන් වගේම මොසාට්ගේ සංගීත සංධ්වනියකිනුත් හොඳ ප්‍රතිපල අත්කරගත හැකියි.

{{//විද්‍යාවෙන් කරන්නෙ පැහැදිලි කිරීමක්. ඒක සෑම ප්‍රශ්නයකටම උත්තරයක් නොදෙන්න පුළුවන්. නමුත් උත්තර දීලා තියෙද්දිත් බහුබූත දොඩනවා නම් ඒ මෝඩ කම.//
අපූරුයි. ඔබේ තර්කයට ඔබම පිළිතුරු දීලා!}}

ඔබේ අදහස අපැහැදිලියි ඇනෝ. ගැටළුව ඔබට ලිපිය නොතේරුන එකද, නැත්නම් ඔබේ අන්ධ භක්තියදැයි මට සැකයි.

{{//ඔබට යම්කිසි මානසික සහනයක් ලැබෙනවා නම් පිරිත් නූල් පැළඳීමේ වරදක් නැහැ//
එසේ නම් ඔබගේ මේ ලිපියේ තේරුම මොකක්ද? පිරිත් නූලට බැනලා බැනලා ඊට පස්සේ කියනවනං, "ඔබට කැමති නං කරගන්න" කියලා, මේ ලිපියේ අරමුණ මොකක්ද?}}

ඔවු, ඔබට මානසික සහනයක් ලැබෙනවා නම් කමක් නැහැ. නමුත් යමක් කිරීමට පෙර එහි තේරුම, එහි පසුබිම, එහි හොඳ නරක දැන සිටීම වැදගත් බවත්, එය කරන්නන්වාලේ කිරීම මෝඩකමක් බවයි අදහස් කළේ. ඒක එහෙමයි නේද ඇනෝ?

{{//නමුත් සුදු නූලක් ගැටගහන එක වඩා ලස්සනයි නේද?//
ඒ ඔබේ අදහස. ඒ වගේම අනිත් අයටත් තම තමන්ගේ අදහස් තියෙනවා. වෙන කෙනෙක් බඳින පිරිත් නූලක පාට නිසා ඔබේ ඇඟේ කෑල්ලක් යනවානම් හෝ වෙන කිසිමාකාරයක අපහසුතාවයක් ඇතිවෙනවානම්, ඔබේ අදහස සලකා බලන්න තිබුනා. නමුත් කොහෙවත් ඉන්න කෙනෙක් කහ පාටින් පිරිත් නූලක් බැන්දා කියලා (පැහැදිලිවම "නිරාගමික") ඔබට ඇති වන අපහසුතාවය මොකක්ද? කවුරු හරි ඇවිත් ඔබට කිව්වොත් එහෙම, නිල් පාට බ්ලවුස් අඳින්න එපා කියලා? ඒ වගෙ තමයි මේක.}}

නෑ. ඇඟේ කෑල්ලක් යන්නෙ නෑ. නමුත් මට එය ගැටළුවක්. ඔබ ඔබේ ආගම යැයි 'පිළිගන්නා දෙය' තමන්ගේ පිට අලංකාරය, පිට ඔපය සඳා භාවිතා කරනවා නම්, බුද්ධ දර්ශනය වැනි ශ්‍රේෂ්ඨ දර්ශනයක් පිට ඔපය, ලෞකික අලංකාරය සඳහා පමණක් භාවිතා කරනවා නම් එය මට ගැටලුවක්.

{{කාටවත් හිංසාවක් නොකර තමන්ගේ පාඩුවේ ආගම අදහගෙන ඉන්න අහිංසක මිනිස්සුන්ට, ඔබේ ඊනියා පොරත්වය මත දෙසන බණේ තේරුම මොකක්ද? මේ ඔබේ පුද්ගලික අදහසද, නැත්නම් මුලු රචක මණ්ඩලයේම අදහසද?

ප.ලි. දැන් ඉතිං පටන් ගන්න මටත් මඩ ගහන්න, ආගමක් අදහන මෝඩයෙක් කියලා. මොකද "ආගම් යනු මෝඩ දෙයක්" නිසා සහ "ආගම් අදහන මිනිසුන් මෝඩයන්" නිසා, "නිරාගමික" වීම අලුත් ට්‍රෙන්ඩ් එක වී ඇති නිසා.}}

කාටවත් හිංසාවක් නොකර? නෑ ඇනෝ, මිත්‍යා විශ්වාස මුළු සමාජයටම අහිතකරයි. එමෙන්ම, බෞද්ධ දර්ශනය 'දර්ශනයක්' මිස 'ආගමක්' නොවේ. ඔබ දර්ශනයක් 'අදහනවා' නම්, ඔබ එය සම්පූර්නයෙන්ම වැරදියටයි වටහාගෙන තිබෙන්නේ. එනිසා එය හානිකරයි.
ඔබට මඩගහන්න මට අවශ්‍ය නැහැ ඇනෝ. මම මගේ අදහස ඉදිරිපත් කළා. ඔබ ඔබේ අදහස ඉදිරිපත් කරනවා. මට ඔබට මෝඩයෙක් කීමේ අවශ්‍යතාවක් නැහැ, මොකද ඔබ කවුද කියන දේ ඔබ පෙන්වන නිසා. ආගම් ඇදහීම අනිවාර්යයෙන්ම මෝඩ දෙයක්. ඒ, 'ඇදහීම' අන්ධ භක්තියෙන් කරන්නක් විනා බුද්ධියෙන් විමසා බලා කරන්නක් නොවන නිසා. බුද්ධ දර්ශනය තේරුම් ගෙන පිළිපැදීමටයි, ඇදහීමට නොවේ.
Manorathahttps://www.blogger.com/profile/12240361806501618071noreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-5150138295629943382014-03-09T21:05:39.468-07:002014-03-09T21:05:39.468-07:00There are 2 types of people who read this. One bei...There are 2 types of people who read this. One being "evaluating different views" n other being "suffocating others with their stinking close minded extremism".arjunaahangamahttps://www.blogger.com/profile/11419284617611582879noreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-80167779197408060522014-03-09T18:53:20.394-07:002014-03-09T18:53:20.394-07:00I completely agree with you...I completely agree with you...Anonymoushttps://www.blogger.com/profile/08210846111471807689noreply@blogger.comtag:blogger.com,1999:blog-6304821097599548790.post-18757797757220703392014-03-09T10:53:29.486-07:002014-03-09T10:53:29.486-07:00//බෙල්ලන්විල පන්සල අසල පිරිත් නූල් විකුනන්නටත් තිබ...//බෙල්ලන්විල පන්සල අසල පිරිත් නූල් විකුනන්නටත් තිබේලු!//
//ලු//
ඔය තියෙන්නේ ඔබේ පහත් මානසිකත්වය. "ලු" -යන්න දාලා දැක්කා වගේ මඩ ගහනකොට ආතල් ඇති නේද?

//මුඛයෙන් පිටවන විද්‍යුතය වැනි යම් ශක්තියක් පිරිත් නූල් ඔස්සේ ශ්රාවකයාට ශරීරගත වන බව. පට්ටපල් බොරු.//
මුඛයෙන් පිටවන විද්‍යුතයක් ගැන කවුද කිව්වේ? "මුඛයෙන් පිටවන විද්‍යුතය", මොන ගොන් බූරු කතාවක්ද ඒ?

//අමුම අමු බොරු! ගස් වලට කන් නෑ ශ්‍රවනය කරන්න//
ගස් වල වැඩීමට ශබ්ද තරංග මගින් බලපෑම් කළහැකි බව පර්යේෂණ වලින් සනාථ කරලා තියෙන්නේ. ඔබ ඉඳහිට වත් වැදගැම්මකට ඇති ලිපියක් දෙකක් කියවන්නේ නැත්තං අනිත් අයට කරන්න දෙයක් නෑ. ඕනේ නං ගූගල් සෙවුමක් දාලා බලන්න.

//විද්‍යාවෙන් කරන්නෙ පැහැදිලි කිරීමක්. ඒක සෑම ප්‍රශ්නයකටම උත්තරයක් නොදෙන්න පුළුවන්. නමුත් උත්තර දීලා තියෙද්දිත් බහුබූත දොඩනවා නම් ඒ මෝඩ කම.//
අපූරුයි. ඔබේ තර්කයට ඔබම පිළිතුරු දීලා!

//ඔබට යම්කිසි මානසික සහනයක් ලැබෙනවා නම් පිරිත් නූල් පැළඳීමේ වරදක් නැහැ//
එසේ නම් ඔබගේ මේ ලිපියේ තේරුම මොකක්ද? පිරිත් නූලට බැනලා බැනලා ඊට පස්සේ කියනවනං, "ඔබට කැමති නං කරගන්න" කියලා, මේ ලිපියේ අරමුණ මොකක්ද?

//නමුත් සුදු නූලක් ගැටගහන එක වඩා ලස්සනයි නේද?//
ඒ ඔබේ අදහස. ඒ වගේම අනිත් අයටත් තම තමන්ගේ අදහස් තියෙනවා. වෙන කෙනෙක් බඳින පිරිත් නූලක පාට නිසා ඔබේ ඇඟේ කෑල්ලක් යනවානම් හෝ වෙන කිසිමාකාරයක අපහසුතාවයක් ඇතිවෙනවානම්, ඔබේ අදහස සලකා බලන්න තිබුනා. නමුත් කොහෙවත් ඉන්න කෙනෙක් කහ පාටින් පිරිත් නූලක් බැන්දා කියලා (පැහැදිලිවම "නිරාගමික") ඔබට ඇති වන අපහසුතාවය මොකක්ද? කවුරු හරි ඇවිත් ඔබට කිව්වොත් එහෙම, නිල් පාට බ්ලවුස් අඳින්න එපා කියලා? ඒ වගෙ තමයි මේක.

කාටවත් හිංසාවක් නොකර තමන්ගේ පාඩුවේ ආගම අදහගෙන ඉන්න අහිංසක මිනිස්සුන්ට, ඔබේ ඊනියා පොරත්වය මත දෙසන බණේ තේරුම මොකක්ද? මේ ඔබේ පුද්ගලික අදහසද, නැත්නම් මුලු රචක මණ්ඩලයේම අදහසද?

ප.ලි. දැන් ඉතිං පටන් ගන්න මටත් මඩ ගහන්න, ආගමක් අදහන මෝඩයෙක් කියලා. මොකද "ආගම් යනු මෝඩ දෙයක්" නිසා සහ "ආගම් අදහන මිනිසුන් මෝඩයන්" නිසා, "නිරාගමික" වීම අලුත් ට්‍රෙන්ඩ් එක වී ඇති නිසා.Anonymousnoreply@blogger.com