Sunday, March 2, 2014

සිහින වෙළෙන්දෙක්!

අහල තියෙනවද මං ගැන? අහල නැතුවට උඹ දන්නව මං ගැන. මං වෙළෙන්දෙක්. පාට පාට සිහින විකුණන වෙළෙන්දෙක්. සිහින වෙළෙන්දෙක්!

මගෙ ළඟ තියෙනවා අර අම්මට හරියන හීන, අර සීයට හරියන හීන. බස් පෝළිමේ ඉන්න ගාමන්ට් නංගිට හරියන හීන, පිකට් කරන කැම්පස් කොල්ලට හරියන හීන.  ඇයි ඇයි, අර ටීචර්ට, මේ කඩල අන්කල්ට, වනාතෙ ලොක්කට ගැලපෙන හීන?


                               පා
                  
                                 ට 

                                             පා

                                                         ට

                                                                    හී

                                                                                න  


ඇයි මේ බලන්න මෙන්න මේ හීනෙ? මේ තියෙන්නෙ සංවර්ධන හීනෙ. මේ බලන්න මේ දිග හයිවේ එක? මේ උසම උස පිච්ච මල් කුළුන? මේ බලන්න මේ රට හාරලා හදන වරාය? අයි මේ ඒක මැද්දෙ තියෙන ගල? මේ බලන්න මේ ස්වභාවිකත්වය මැද හදපු ගුවන්තො‍ටුපළ? ඇයි මේ බලන්නකො ඒකෙ ඉන්න පාට පාට මොණරු?  

                     ඇයි උඩ බිම බලන්නෙ? හා කමක් නෑ, උඩ බලන්නකො. අර බලන්න අර සැටලයිට් එක?


එපා? ඒවා හරියන්නෙ නැද්ද? හා එහෙනම් මෙන්න මේක බලමු. මේ අධිරාජ්‍යවාධී හීනය. මේ බලන්න චැනල් ෆෝර්? මේ බලන්න මේ විදුලි පු‍ටු හීනෙ? මේන්න මේ ජිනීවා? මානව හිමිකම්? නෑ? මොකක්? ඒක නරක හීනයක්? ඔව් ඉතින්, එහෙම තමයි. කමක් නෑ, ඒක ලාබෙට දෙන්නම්. ඔවුවා තියෙන්නෙ නාහෙට නාහන ජෙප්පොන්ට පෙන්නන්න. මහත්තයගෙ එහාගෙදර එකා ජෙප්පෙක්නම් ඌට ඕක පෙන්නන්නකො!

හා, එහෙනම් මෙන්න මේක බලමු. මේක මේ හැමෝම කැමති එකක්, 'ජාත්‍යාතල්' හීනෙ! මේ බලන්න මේ පර හම්බයො වඩේ වලට වඳ බෙහෙත් දාන හීනෙ? මේ බලන්න දු‍ටුගැමුණු සොහොන වනසන හැටි? මේ බලන්න මේ ලංකාවම මුස්ලිම් වෙන හීනෙ? ඔවු ඔවු මෙව්වත් නරක හීන, ඒත් මේව මහත්තයගෙ, නෝනගෙ පොඩි ළමයිට පෙන්නන්න ඕනෙ හීන. එපා? හොඳ හීනයක් ඕනෙ? අහ් මේ තියෙන්නෙ, මේ බලන්න මේ හරක් මරන එක නවත්තන හීනෙ? ඇයි මේ ගෑණු පහක් බැඳගන්න, ළමයි හතරක් හදන හීනෙ?

ඒකට කැමතිද? එහෙනම් ඒක දෙන්නද මහත්තයා? ආ මේ බුලත් කොළේ දවටලා ගෙනියන්නකො ඕක. මහත්ටයට තව ඕනෙනම් එන්නකො මේ මාසෙ 29 කිට්‍ටුකරලා මේ පැත්තෙ? තව අලුත් ඒවා ඇවිත් තියේ එතකොට. එහෙනම් නෝනා, මහත්තයා, අබසුනාගතයක්!









              

3 comments:

  1. //එහෙනම් නෝනා, මහත්තයා, අබසුනාගතයක්!//

    අපිටත් ඉතින් කියන්න වෙන්නෙ එහෙමම තමයි.. ජාත්‍යාල් හීනෙත් නරකම නෑ..

    ReplyDelete
    Replies
    1. කාටත් කියන්න වෙන්නෙ එහෙම තමයි :D

      Delete
  2. අපිව අන්දනව විතරයි... අපිත් අැන්ෙදනව.... තූ ඉතරක්......
    අදයි ෙමහාට්ට අාෙව....
    යුනිෙකා්ඩ් පිස්සු ෙකලිනව... පස්ෙස ඒන්නං....
    පුලුවං නං අෙප් පැත්ෙත අැවිත් යන්න...

    ReplyDelete