Wednesday, November 27, 2013

ඇස් ඇරලා බලාපල්ලා! අත් දිගහැර නටාපල්ලා!


"අද lunch එක ගත්තෙ Mc Donald's එකෙන්. දැන් මේ Odel එකට යනගමන්. හවසට යනවා Savoy එකේ KRRISH 3 බලන්න"

     'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය'

රටේ නමට 'ප්‍රජාතාන්ත්‍රික', 'සමාජවාදී' වගේ කෑලි තිබුණට රටේ පවතින්නෙ ධනේෂ්වර සමාජ ක්‍රමයක් බව ඔබ දන්නවා. නමුත් වෙනත් රටවල ධනපති පන්තිය බිහිවූ ආකාරයට වඩා අපේ රටේ ධනපති පන්තිය බිහි නොවුනු නිසා රටේ මිනිස්සු අති බහුතරයක් විකෘති චින්තනයකයි ඉන්නේ. මේ නිසා, රාජ්‍යය ධනේෂ්වර වුනාට සමාජය තවමත් වැඩවසම් මානසිකත්වයෙත්, ජාතිකත්ව සීමාවෙත් පවතින බව දැකගන්න පුලුවන්. රටේ ධනේෂ්වර රාජ්‍යය නිසි ලෙස සංවර්ධනය නොවුනු නිසා, මේ රටේ ගෑණු මිනිස්සුන්ගෙ මොළ ක්‍රියාත්මක වෙන්නෙ ආසියානු ලක්ෂණ සහිත වැඩවසම් ක්‍රමයක් තුල බව දකින්න පුළුවන්.

Tuesday, November 26, 2013

"රකින්නට බුදු දහම : සිවුරු හොරු, හෙන්චයියලා හා ආච්චිලා"



අවවාදයයි:
පහ වසරේ උනුත් දන්නා යම් යම් වචන ඔබ නොදන්නවා නම්, හෝ ඒවා කියවා මළ පනිනවා නම් මෙය කියවීමෙන් වළකින්න.


***


හරි. දැන් මේකයි කතාව. ඔය එක එක උන් කියනවනේ බුදු දහම රකින්න නම් කරන්න ඕනේ දේවල්. වැඩිපුර ළමයි හදපල්ල කියයි, හම්බ කඩ වර්ජනේ කරපල්ල කියයි, ඒවට යන උන්ට බිත්තර ගහපල්ල කියයි. රටේ නැති විකාර නෙ. දැන් මම මේ කියන්න යන්නෙ බුදු දහම රකින්න නම් කරන්න ඕනෙයි කියල මට හිතෙන දේ.

මට තේරෙන හැටියට නම්, බුදු දහම නැතිවේගෙන යන්න හේතු වෙච්ච කොට්ටාශ තුනක් ඉන්නව.

Wednesday, November 20, 2013

කොළඹ කාක්කො සහ අපේ මිනිස්සුන්ගෙ ඇනලොග් මානසිකත්වය.

"කාක් කාක්! මල්ලී ඇප්ලිකේස්න් පෝම්ද? පොටෝද? කාක් කාක් කාක්! ඕක පුරෝගන්න නේද මල්ලී? එන්ඩ මේ පැත්තෙන්! කාක් කාක්!"

පුංචි බොරැල්ලෙ පාස්පෝට් ඔෆිස් පැත්තට අපි ගියේ ඇත්තටම රට යන්න බලා ගෙන නෙවෙයි. නිකං වෙනස් වෙන කොළඹ වටේ රස්තියාදු පාරක් දාන්න.
(රස්තියාදු කිව්වහම ඕං වැරදි විඳිහට හිතන්න එපා)

"බලපන් උඹ මාව ඇදං ආපු අපාය! යකෝ කොටුව හොඳයි ඕයි මේ කාක් කූඩුවට වඩා."

Tuesday, November 19, 2013

ඈ-ගේ කුරුල්ලා-මම.

අහසෙ කළු වළාකුළු. හුළඟ සැරයි. වැස්සක් ලඟ නිසාද කොහෙද පාක් එක පාලුයි. කිරි කිරි ගාලා පැද්දෙන් ඔංචිල්ලාවක් අතින් අල්ලලා නවත්තගන්න ඈ ඒකෙ වාඩිවෙනවා. ඈට මාව පේන්නෙ නෑ. මට ඈව පේනවා. ඇගේ කතාව ඔබට කිව යුතුද නැද්ද මම දන්නෙ නෑ. ඒත් ඔන්න ඔහේ කියලා දානවා. කොහොමටත් ඔබ ඈව අඳුනන්නෙ නැහැනෙ.

මට ඈව හමුවෙන්නෙ  A/L chemistry class එකේදි. ඈ දැනන් හිටියා මම ඈට කැමැත්තෙන් ඉන්න බව. නමුත් ඈ ඒ ගැන දැක්වුවෙ උදාසීන ආකල්පයක්. ඈට ඔහුව හමුවෙන්නෙත් එහෙදිමයි. ඔවුන්ව ලඟින් ආශ්‍රය කළත්, ඔවුන් අතරෙ තිබුන සම්බන්ධය මොන වගේ එකක්ද කියලා මම දැනගෙන හිටියෙ නැහැ. මම ඒක තේරුම්ගන්න උත්සාහ නොකළෙත්, සමහරවිට මමත් ඈට කැමැත්තෙන් හිටි නිසා වෙන්නැති.  ඔවුන් ඒක label කරන්න නොගියෙ, සමහරවිට, ඒ මොකද්ද කියලා ඔවුන්වත් දැනගෙන නොහිටි නිසා වෙන්නැති.

Wednesday, November 6, 2013

"ඔබ, මම හිතනවාට වඩා මිනිසුන් හරිම පුදුමාකාරයි"


“අද ගොඩක් සෙනග හිටියද පුතේ?”
ගෙදර හියහම එයාගේ අම්ම අහනව ඇති.

“ඔව්.. අද නං වෙනදට වඩා ටිකක් හොඳයි”
එයා කියයි.

හ්ම්ම්.. නෑ.. සමහර විට දෙබස ඔයිට වඩා ටිකක් වෙනස් වෙයිද දන්නෙ නෑ.

“පුතේ, ඔන්න මම කෑම පිඟානක් බෙදල තියල ඇති. කාල නිදාගනින්, මහන්සිත් ඇතිනෙ”

එහෙම නැත්තං,

“ආ! ආවද? එහෙනං අර බෙදල තියෙන ටික කාල නිදාගනින්!” ?

Saturday, November 2, 2013

කුමන්ත්‍රණය නැතහොත් Answer the Question.

කුමන්ත්‍රණය: (නා) පුද්ගලයෙකුට/ ආයතනයක ට නපුරක් කරනු සඳහා රහසේ කථා කිරීම, නීතිවිරෝධී වැඩක් සඳහා කරනු ලබන සාකච්ඡාව.

මිනිස්සුන්ගෙන් ප්‍රශ්න ඇහැව්වාම සමහරක්ට තරහා යන්නේ ඇයි? එක්කෝ ප්‍රශ්නයට උත්තරේ නොදන්න නිසා. නැත්තං ඒ ප්‍රශ්නෙට ගැලපෙන උත්තරේ දෙන්න අකමැති නිසා.

ප්‍රශ්න කරන තරමට අපි දන්නවා උත්තර ලැබෙන බව. වැල යන පැත්තට නෙවෙද මැස්ස ගැසිය යුත්තේ? 

ඉතිං ඔබ අහන්නෙ නිවැරදි ප්‍රශ්නයද?