Showing posts with label doctor. Show all posts
Showing posts with label doctor. Show all posts

Friday, September 6, 2013

"හොවර්ඩ් කෙලී සහ කිරි වීදුරුවේ කතාව"

පොඩි කතාවක්. සමහරවිට අහලත් ඇති. කමක් නෑ, කියවල බලන්න. ඊට පස්සෙ ඉතුරු ටික.

***

ඉස්කෝලෙ යන්න සල්ලි හොයාගන්න විදිහක් නැතුව, ගෙයින් ගෙට ගිහින් බඩු විකුණන්න පුරුදුවෙලා හිටපු කොලුගැටයෙක් හිටිය. හොවර්ඩ් කෙලී තමයි නම. දවසක් මෙයා බඩගිනි වෙලා බලනකොට අතේ තියෙන්නෙ සත දහයයි.  සත දහයකට කන්න දෙයක් ගන්න බැරි නිසා මිනිහ හිතනව ඊළඟට යන ගෙදරින් මොනව හරි කන්න ඉල්ලගන්න ඕනේ කියල.

ඉතිං මිහින ඊළඟ ගෙදරට ගිහින් දොරට තට්ටු කරනව. ලස්සන තරුණ ගෑනු කෙනෙක් ඇවිත් දොර අරිනව. දැන් කොල්ලට කන්න දෙයක් ඉල්ලන්න මොකද්ද වගේ.