Showing posts with label Mahayana. Show all posts
Showing posts with label Mahayana. Show all posts

Tuesday, October 22, 2013

"මහායාන"

මම වාඩිවෙලා හිටියෙ දකුණු අත පැත්තෙ සීට් පේලියෙ, ඉස්සරහ ඉඳන් දෙවනි සීට් එකේ. සුදු ඇඳගත්ත මැදි වයස් නෝනල දෙන්නෙක් මට ඉස්සරහ සීට් එකේ. පන්සල් ගිහින් එන ගමන් වෙන්නැති. දෙන්නා එක්ක බර කතාබහක්. අහන් ඉන්න හිතුනා මට. ඔව්, අනුන්ගෙ කතා වලට ඇහුම්කන් දෙන එක කැත පුරුද්දක්. ඒත් ඒ කැත පුරුද්ද මට තියෙනවා.
"දීඝවාපිය? අනේ මම සොළොස්මස්ථාන වලින් වැඳලා නැත්තෙ දීඝවාපිය විතරයි අනේ. ජානකී යනකොට අපිටත් කතාකරන්නකො? අපෙ මහත්තයත් හරි ආසයි ඔය ගමන් වලට"
"මොකෝ නැතුව, අපෙ නංගිත් කිවුවා යනකොට පුශ්පලටත් කියන්න ඕනි කියලා. ඒක නෙවේ අනේ, අර පූජ්‍ය අහවල් හාමුදුරුවො බණකට කිවුවනෙ බුදුහාමුදුරුවො වැඩ ඉඳල තියෙන්නෙ ලංකාවෙය කියලා?"