'මේ කල්පයේදී පහළවන අවසාන බුදුන්වහන්සේ වන මෛත්‍රී බුදුන්වහන්සේගේ ශාසනයේ සාමාජිකත්වය හිමිකරගැනීමට ඔබ කැමතිද? අග්‍රශ්‍රාවකයෙක් වීමට පෙරුම් පුරනවාද? එසේනම් මෙන්න ඔබට අනගි අවස්ථාවක්! එන්න, අප හා එක්ව පෙරුම් පුරන්න!'
ඔහොම leaflet එකක්, පුවත්පත් දැන්වීමක් ලඟදිම දැකගන්න ලැබුනොත් පුදුම වෙන්න එපා. රාවණා මේනියාව, මහමායා-සුදොවුන් පෙරහැර, කතරගම වන්දනාව, පත්තිනි පූජා, රාවණා වන්දනාවෙ ඊළඟ episode එකයි ඔය.
සෑහෙන දවසක් නිකන්ම ගෙදරට වෙලා ඉඳලා කම්මැලි කමක් දැනුන නිසා ඊයෙ උදේ ගෙයින් එලියට බැස්සෙ පොඩි රස්තියාදුවක් ගහන්න. සෙනඟ වැඩිය හිටියෙ නැති 138ක් හෝල්ට් එකට ගිය ගමන්ම වගේ ආපු නිසා නැගලා, අවුව වැටෙන්නෙ නැති පැත්තෙ සීට් එකක වාඩිවුනා. එහාපැත්තෙ ඉන්න බුවා දැකල පුරුදුයි. ඇස් කොනින් බැලුවා කව්ද කියලා.
Showing posts with label Religion. Show all posts
Showing posts with label Religion. Show all posts
Wednesday, December 11, 2013
Tuesday, November 26, 2013
"රකින්නට බුදු දහම : සිවුරු හොරු, හෙන්චයියලා හා ආච්චිලා"
අවවාදයයි:
පහ වසරේ උනුත් දන්නා යම් යම් වචන ඔබ නොදන්නවා නම්, හෝ ඒවා කියවා මළ පනිනවා නම් මෙය කියවීමෙන් වළකින්න.
පහ වසරේ උනුත් දන්නා යම් යම් වචන ඔබ නොදන්නවා නම්, හෝ ඒවා කියවා මළ පනිනවා නම් මෙය කියවීමෙන් වළකින්න.
***
හරි. දැන් මේකයි කතාව. ඔය එක එක උන්
කියනවනේ බුදු දහම රකින්න නම් කරන්න ඕනේ දේවල්. වැඩිපුර ළමයි හදපල්ල කියයි, හම්බ කඩ
වර්ජනේ කරපල්ල කියයි, ඒවට යන උන්ට බිත්තර ගහපල්ල කියයි. රටේ නැති විකාර නෙ. දැන්
මම මේ කියන්න යන්නෙ බුදු දහම රකින්න නම් කරන්න ඕනෙයි කියල මට හිතෙන දේ.
මට තේරෙන හැටියට නම්, බුදු දහම
නැතිවේගෙන යන්න හේතු වෙච්ච කොට්ටාශ තුනක් ඉන්නව.
Saturday, November 2, 2013
කුමන්ත්‍රණය නැතහොත් Answer the Question.
කුමන්ත්‍රණය: (නා) පුද්ගලයෙකුට/ ආයතනයක ට නපුරක් කරනු සඳහා රහසේ කථා කිරීම, නීතිවිරෝධී වැඩක් සඳහා කරනු ලබන සාකච්ඡාව.
මිනිස්සුන්ගෙන් ප්‍රශ්න ඇහැව්වාම සමහරක්ට තරහා යන්නේ ඇයි? එක්කෝ ප්‍රශ්නයට උත්තරේ නොදන්න නිසා. නැත්තං ඒ ප්‍රශ්නෙට ගැලපෙන උත්තරේ දෙන්න අකමැති නිසා.
ප්‍රශ්න කරන තරමට අපි දන්නවා උත්තර ලැබෙන බව. වැල යන පැත්තට නෙවෙද මැස්ස ගැසිය යුත්තේ?
ඉතිං ඔබ අහන්නෙ නිවැරදි ප්‍රශ්නයද?
මිනිස්සුන්ගෙන් ප්‍රශ්න ඇහැව්වාම සමහරක්ට තරහා යන්නේ ඇයි? එක්කෝ ප්‍රශ්නයට උත්තරේ නොදන්න නිසා. නැත්තං ඒ ප්‍රශ්නෙට ගැලපෙන උත්තරේ දෙන්න අකමැති නිසා.
ප්‍රශ්න කරන තරමට අපි දන්නවා උත්තර ලැබෙන බව. වැල යන පැත්තට නෙවෙද මැස්ස ගැසිය යුත්තේ?
ඉතිං ඔබ අහන්නෙ නිවැරදි ප්‍රශ්නයද?
Tuesday, October 22, 2013
"මහායාන"
මම වාඩිවෙලා හිටියෙ දකුණු අත පැත්තෙ සීට් පේලියෙ, ඉස්සරහ ඉඳන් දෙවනි සීට් එකේ. සුදු ඇඳගත්ත මැදි වයස් නෝනල දෙන්නෙක් මට ඉස්සරහ සීට් එකේ. පන්සල් ගිහින් එන ගමන් වෙන්නැති. දෙන්නා එක්ක බර කතාබහක්. අහන් ඉන්න හිතුනා මට. ඔව්, අනුන්ගෙ කතා වලට ඇහුම්කන් දෙන එක කැත පුරුද්දක්. ඒත් ඒ කැත පුරුද්ද මට තියෙනවා.
"දීඝවාපිය? අනේ මම සොළොස්මස්ථාන වලින් වැඳලා නැත්තෙ දීඝවාපිය විතරයි අනේ. ජානකී යනකොට අපිටත් කතාකරන්නකො? අපෙ මහත්තයත් හරි ආසයි ඔය ගමන් වලට"
"මොකෝ නැතුව, අපෙ නංගිත් කිවුවා යනකොට පුශ්පලටත් කියන්න ඕනි කියලා. ඒක නෙවේ අනේ, අර පූජ්‍ය අහවල් හාමුදුරුවො බණකට කිවුවනෙ බුදුහාමුදුරුවො වැඩ ඉඳල තියෙන්නෙ ලංකාවෙය කියලා?"
"දීඝවාපිය? අනේ මම සොළොස්මස්ථාන වලින් වැඳලා නැත්තෙ දීඝවාපිය විතරයි අනේ. ජානකී යනකොට අපිටත් කතාකරන්නකො? අපෙ මහත්තයත් හරි ආසයි ඔය ගමන් වලට"
"මොකෝ නැතුව, අපෙ නංගිත් කිවුවා යනකොට පුශ්පලටත් කියන්න ඕනි කියලා. ඒක නෙවේ අනේ, අර පූජ්‍ය අහවල් හාමුදුරුවො බණකට කිවුවනෙ බුදුහාමුදුරුවො වැඩ ඉඳල තියෙන්නෙ ලංකාවෙය කියලා?"
Wednesday, October 9, 2013
අසම්පූර්ණ අත්දැකීම් හතරක්..
1.
මං බස් එකක යනව. හිටගෙන. වාඩිවෙන්න ඉඩ
නෑ. මට පේනව ඉස්සරහම තියෙන “පූජ්‍ය පක්ෂයට” සීට් එකේ මැදිවියේ මුස්ලිම් ජෝඩුවක් වාඩිවෙලා
ඉන්න හැටි. අවුලක් නෑ. හාමුදුරු කෙනෙක්වත්, ෆාදර් කෙනෙක්වත්, කවුරුවත් නෑනෙ. ඔහොම
ටික දුරක් යනව. එක හෝල්ට් එකක නැවැත්තුවහම හාමුදුරු කෙනෙක් බස් එකට නගිනව. වයස
පෙනුමයි. “අවුරුදු හැත්තෑවක් විතර ඇති,” මං හිතනව. බස් එකට නගිනකොටම උන්වහන්සේ
දිහා බලන අර ජෝඩුව, නොදැක්ක වගේ ජනේලෙන් එළිය බලාගෙන ඉන්නව. කොන්දොස්තර ඇවිත් සීට්
එක හාමුදුරුවන්ට දෙන්න කියනව. “ඇයි අපි මුස්ලිම්ලා හින්දද?” උන් අහනව.
Tuesday, September 24, 2013
කෝපරේට් ලෝකය.
දඩාස්!
උදේ
පාන්දර නැගිටින්නෙ ඇඳ උඩ නෙවෙයි ඇඳෙන් බිම වැටුනහම. එලාම් එක බල්ලට ගියාවේ. දැනටත්
පරක්කුයි.
අම්මා
උදේ පාන්දරම හදල දුන්න දුං දාන කෑම කාලා කටත් පුච්චා ගත්තා. අවුලක් නෑ දත් මදිනකොට හරි යයි. කැතරිනා පරාදයි මම නාලා
කරලා, ඇඳුම් ඇඳලා, සපත්තු දාලා ලෑස්ති වෙන වේගෙට. කොහොම කොහොම හරි අම්මටවත්
වඳින්නෙ නැතිව, ගෙයිං එළියට පැනල බස් එකක එල්ලුනා.
"අයිසේ
වට් බ්ලඩි ට්රැෆික්!" වටිං ගොඩිං මට ඇහෙනවා.
කාර් එකක් ගන්නකල් විතරයි. ඊට පස්සෙ යතෑකිනෙ පුක කෑඩිච්ච කඩියා වගේ.
කාර් එකක් ගන්නකල් විතරයි. ඊට පස්සෙ යතෑකිනෙ පුක කෑඩිච්ච කඩියා වගේ.
Sunday, September 1, 2013
ජාතිවාදී හම්බ කොල්ලෙක් මෙසේ කියයි
“අර බලපන් අයියා අර මෝඩ යක්කුල ටික ආ! හිහී.. මං
කිව්වෙ අර “ශර්ව-ආගමික” ශෙට් එක.. අපිව බේරගන්න අපිට වඩා අමාරුවක් උන්ට තමා
තියෙනවා. උන් හිතාගෙන ඇති අපි උන්ට ශපෝට් කියල ආ! අයියෝ ශල්ලි ආ! දැන් බලනකො අපි
ළමයිල හදල හදල රට අල්ලනකොට.. හිහී!
Wednesday, August 28, 2013
අලුත් ආගමක්?
කලකට
පසු රූපවාහිනිය (=TV එක. පචනාහිනී නාලිකාව නොවේ) නැරඹීමට සිතුනි. ආශ්චර්යයෙකි! ලස්සන ලස්සන adය. බලන් ඉන්නට ආසා හිතේ. ලස්සන ලස්සන ගෑල්ලමයි සිටිති. ඔවුන් අප ගැන ආදරයෙන් අපට කන්නට කියන අහර වල රස ගුණ ගැන ඇසීම සර්වාංගයම කිලිපොලා යයි. අර නාලිකාවේ තාච්චි දිලිසෙන්නටම මැදීමට හැකි සබන්ය. සබන් කැට ඇතුලේ පෙන්ඩන්ට් ය. මේ නාලිකාවේ චන්ඩි බන්ඩියට යෝගට් විකුණන අවුරුදු දහ අටේ අම්මලාය. "මමත් අම්මකෙනෙක්, අපි ඔක්කොම ඉන්නවා වගකියන්න" යයි කියන විධායක නිලධාරී අම්මලාය. (මෙම වෙළඳ දැන්වීම් වල, ළමයාට අවුරුදු අටක් පමණ වන විට අම්මාට දහ අටක් පමණ වන්නේත් තාත්තාට අවුරුදු විසි එකක් පමණ වන්නේත් කෙසේදැයි මම අහස පොළව ගැටලා නිතර කල්පනා කරන ගැටලුවකි.) ඔය අතරේ මා නිතරම දුටු පාඨයක් වූයේ, "අනුකරණ වලට නොරැවටෙන්න" යන්නයි. අනුකරණ?
ඔවු. මෙම ලිපිය අනුකරණ ගැන මිස ඔබ සිතා සිටි පරිදි වෙළඳ දැන්වීම් ගැන නොවේ.
Subscribe to:
Posts (Atom)