සැප්තැම්බර්. සාහිත්‍ය මාසය.
මේ සාහිත්‍ය මාසය නිසාත්, කොළඹ පොත් ප්‍රදර්ශනය
ළඟ ළඟම එන නිසාත්, පොඩි අයිඩියා එකක් දෙන්න හිතුන අපේ “ජෝඩු දාල ඉන්න එවුන්ට”..
කතාව මෙහෙමයි.
ලව් කරන ගොඩක් කොල්ලො (ඒ කියන්නෙ ඔය ලව් කළාට ලව්
කිරිල්ල ගැන මෙලෝ අයිඩියා එකක් නැති අයියලයි, ලෝබ කුණාලයි ඇරුනම අනිත් උන්) සාමාන්‍යයෙන්
කරන දෙයක්නේ ඔය කෙල්ලව එහෙ මෙහෙ එක්කන් ගිහින් කන්න බොන්න අරං දෙන එක. කෙල්ලෙක්ව
සෙට් කරගන්න දත කන උනුත් හදනවනෙ ඒවා මේවා අරං දීල වැඩේ ගොඩදාගන්න.