Showing posts with label Freedom. Show all posts
Showing posts with label Freedom. Show all posts
Wednesday, November 27, 2013
ඇස් ඇරලා බලාපල්ලා! අත් දිගහැර නටාපල්ලා!
"අද lunch එක ගත්තෙ Mc Donald's එකෙන්. දැන් මේ Odel එකට යනගමන්. හවසට යනවා Savoy එකේ KRRISH 3 බලන්න"
'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය'
රටේ නමට 'ප්‍රජාතාන්ත්‍රික', 'සමාජවාදී' වගේ කෑලි තිබුණට රටේ පවතින්නෙ ධනේෂ්වර සමාජ ක්‍රමයක් බව ඔබ දන්නවා. නමුත් වෙනත් රටවල ධනපති පන්තිය බිහිවූ ආකාරයට වඩා අපේ රටේ ධනපති පන්තිය බිහි නොවුනු නිසා රටේ මිනිස්සු අති බහුතරයක් විකෘති චින්තනයකයි ඉන්නේ. මේ නිසා, රාජ්‍යය ධනේෂ්වර වුනාට සමාජය තවමත් වැඩවසම් මානසිකත්වයෙත්, ජාතිකත්ව සීමාවෙත් පවතින බව දැකගන්න පුලුවන්. රටේ ධනේෂ්වර රාජ්‍යය නිසි ලෙස සංවර්ධනය නොවුනු නිසා, මේ රටේ ගෑණු මිනිස්සුන්ගෙ මොළ ක්‍රියාත්මක වෙන්නෙ ආසියානු ලක්ෂණ සහිත වැඩවසම් ක්‍රමයක් තුල බව දකින්න පුළුවන්.
Wednesday, October 2, 2013
"ශිෂ්ශත්තේ" : යාන්ත්‍රික වූ ළමා කාලය
ශිෂ්ශත්තේ
යාන්ත්‍රික වූ ළමුන් ලියන
අම්මලාගේ විභාගය
පාස් උනොත් ගොඩ
ෆේල් උනොත්?
Tuesday, September 24, 2013
අපොයි පොත් ප්‍රදර්ශනේ!
කොළඹ පොත් ප්‍රදර්ශනේ
ලාබෙට පොත්
ඊටත් වඩා ලාබෙට කෙල්ලො
වෙසක් කූඩු, තොරණ වගෙ
Thursday, September 12, 2013
ඇත්තටම ඔහු වීරයෙක් ද?
කෝච්චිය පරක්කුයි. සීතල හුළඟත් එක්ක එන හිරිකඩට ඔලුවෙ ඉඳන් තෙමෙනවා. ඒත් කුඩේකුත් නැතුව හොඳ ගාණට තෙමිලා, පෙඟිලා ඉන්න නිසා ඒක ඒ තරම් ප්‍රශ්නයක් වුනේ නෑ මට. මම උඩ බිම බල බල ඉන්නවා. කෝච්චිය තවම නෑ. මට ටිකක් ඈතින් තාත්තෙක්ගෙ අතේ එල්ලුන පුංචි කෙල්ලෙක්. අවුරුදු එකොළහක්, දොලහක් වයස ඇති ඈට. ඈ මොකද්දෝ දෙයක් ගැන හරි උනන්දුවෙන් කතාකරන බව පේනවා. ඇගේ තාත්තා සැරින් සැරේ ඈ අසන දේවල් වලට පිළිතුරු දෙන හැටිත් මට පේනවා. ඔවුන්ගෙ කතාව අහන් ඉන්න ආසාවක් මට එනවා.
'අනුන්ගෙ කතා අහන් ඉන්න එක කැත පුරුද්දක්!' කියලා මට දැන් බනින්නෙපා. ඒ කෙල්ල කතාකරන විදිය හරිම හුරතල්. ඉතින් මම ඔවුන්ගෙ ආසන්නයට ඇවිදන් යනවා.
'අනුන්ගෙ කතා අහන් ඉන්න එක කැත පුරුද්දක්!' කියලා මට දැන් බනින්නෙපා. ඒ කෙල්ල කතාකරන විදිය හරිම හුරතල්. ඉතින් මම ඔවුන්ගෙ ආසන්නයට ඇවිදන් යනවා.
Labels:
Ahimsa,
British,
Daughter,
Father,
Fight,
Freedom,
Gandhi,
government,
hero,
India,
Non-violence
Subscribe to:
Posts (Atom)