Showing posts with label mervin. Show all posts
Showing posts with label mervin. Show all posts

Thursday, August 29, 2013

සුභ මංගලම්!

අවවාදයයි: මෙය රචකයාගේ මනඃකල්පිත රචනයක් වන අතර, මෙය කවරාකාරයකින් හෝ නුදුරු අනාගතයේ දී ඇත්තට සිදු වුනොත් ඕං අපි නෑ.
කලින් දවසක ගරු මර්වින් පෙරේරා මැතිතුමා (සමා වෙන්න ආචාර්‍ය්තුමා), නවනීදන් පිල්ලේ මැතිනියට කල මංගල යෝජනාව පෙරභවයේ කල පුණ්‍ය ක්‍රියාවකට පිළිගත් ඇය, මුළු මහත් ශ්‍රී ලංකාවට ම සතුටුදායක ආරංචියක් විය. මේ ඒ පිළිබඳ ව මැතිතුමා මාධ්‍ය ට කළ ප්‍රකාශය යි.
"ඔබතුමා පුදුම වුනා ද පිල්ලේ මැතිනිය ඔබගේ යෝජනාව පිළිගත්තහම?" (උදේ පාන්දරම ඩෝං යන ප්‍රශ්නනෙ මුං අහන්නෙ)