Showing posts with label perera. Show all posts
Showing posts with label perera. Show all posts

Friday, January 31, 2014

"ගයේෂා අක්කීට ආදරෙන් ලියමි.."


ගයේෂා අක්කීට ආදරෙන්ය...

ඔයාගේ සැප දුක කොහොමද කියා අහන්නට හිතෙනවාය. ඒත් අසා වැඩක් නෑ ය. සෑහෙන්න නෝන්ඩි වී ශේපට ගෙදරට වෙලා ඉන්න අක්කිට මොන සැපක්ද කියා හිතෙනවාය. අක්කී.. මේ ලියුම කොහෙන් පටන් ගන්නද කියා හිතාගන්නවත් බෑ ය. ඔයාට කියන්න එච්චරටම දේවල් තියෙනවාය.

අක්කී හරිම ලස්සනය. මලක් වගේය. ගඳ ගහන මලක්ද කොහෙද කියා අපේ අක්කා නං කියනවාය. ඒක අහනකොට මට එකසිය ගානට මළ පනිනවාය. අපේ අක්කා, අක්කීට ඉරිසියාවද කොහෙද ය. බියුටි කචල් කුයීන් තරඟ දිනලා නැති හින්දා වෙන්න ඇති ය. හ්ම්ම්.. ඒකෙන් වැඩක් නෑ ය. වෙන කියන්න දේවල් තියෙනවාය.

Thursday, August 29, 2013

සුභ මංගලම්!

අවවාදයයි: මෙය රචකයාගේ මනඃකල්පිත රචනයක් වන අතර, මෙය කවරාකාරයකින් හෝ නුදුරු අනාගතයේ දී ඇත්තට සිදු වුනොත් ඕං අපි නෑ.
කලින් දවසක ගරු මර්වින් පෙරේරා මැතිතුමා (සමා වෙන්න ආචාර්‍ය්තුමා), නවනීදන් පිල්ලේ මැතිනියට කල මංගල යෝජනාව පෙරභවයේ කල පුණ්‍ය ක්‍රියාවකට පිළිගත් ඇය, මුළු මහත් ශ්‍රී ලංකාවට ම සතුටුදායක ආරංචියක් විය. මේ ඒ පිළිබඳ ව මැතිතුමා මාධ්‍ය ට කළ ප්‍රකාශය යි.
"ඔබතුමා පුදුම වුනා ද පිල්ලේ මැතිනිය ඔබගේ යෝජනාව පිළිගත්තහම?" (උදේ පාන්දරම ඩෝං යන ප්‍රශ්නනෙ මුං අහන්නෙ)