Showing posts with label saudi. Show all posts
Showing posts with label saudi. Show all posts

Thursday, October 3, 2013

කාන්තාවන්ට සවුදියෙන්..


සිරාම නිව්ස් එකක් අසන්නට ලැබුණාය. සමහර විට ඔබ දැනටමත් දන්නවා විය හැකිය.

සවුදියේ ඉහළම තලයේ ඉස්ලාම් පූජකයෙක් ඉල්ලං පුකේ මාමයිට් ගාගන්නට යන සීන් එකක්ය. සීන් එකට හේතු වී ඇත්තේ උගේ ප්‍රකාශයක්ය. ප්‍රකාශය මෙසේය.

“තදබල, නොසලකා හැරිය නොහැකි, අනිවාර්ය හේතුවක් නැති නම් කාන්තාවන් රිය පැදවීම ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකරය. ක්‍රියාකාරී වෛද්‍ය පරීක්ෂණ හා වාර්තා වලට අනුව, රිය පදවන විට කාන්තාවන්ගේ ඩිම්බකෝෂ වලට ඉබේම හානි සිදුවේ. ඊට අමතරව උකුල් පෙදෙස ඉහලට තල්ලු වීමක්ද සිදුවේ.”