Showing posts with label women. Show all posts
Showing posts with label women. Show all posts

Monday, February 17, 2014

ගබ්සාව නීතිගත කළ යුතුද? නැතිද?

මා මේ ලියන්නට යන ලිපිය හිතක් පපුවක් නැති ලිපියක් වීමට ඉඩ ඇත.  සුචරිතවාදීන් හා ඊනියා අවිහිංසාවාදීන් මෙය කියවීමෙන් වළකින්න.

වර්තමානයේදීත් ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ පවතින නීති බොහොමයක් යටත් විජිත සමයේ බ්‍රිතාන්‍යයින් විසින් නිර්මාණය කළ නීතිම වේ. බොහොමයක් නීති කාලයට හා සමාජයට නොගැලපෙනවා වුවද ඒවා වෙනස්කිරීමේ සූදානමක් තවමත් බලධාරීන් සතුව නොමැත. බ්‍රිතාන්‍යය විසින් මෙම නීති තම රටේදී බොහෝ කලකට පෙර වෙනස් කළත් ශ්‍රී ලංකාවෙ තවමත් පවතින්නේ ඔවුන්ගේ වික්ටෝරියානු නීති පද්ධතියයි.

Thursday, October 17, 2013

කාන්තාවාදයට නොවේ. නමුත්...

මේක කියෙවුවට පස්සෙ මම කාන්තාවාදියෙක් (feminist) කියලා ඔබ මාව ලේබල් කරන්න එපා. නමුත් අද උදේ වුන සිදුවීමකින් පස්සෙ මේක නොලිය ඉන්න බැරි බව හිතුනා.
උදේ පාන්දර හෝල්ට් එකට වෙලා හිටියෙ බස් එකක් එනකන්. ක්ලාස් යන්න පරක්කුයි. බස් වලට ඇඟිල්ල ගහන්න බෑ, සෙනඟ. 122ක් ඇවිත් නැවැත්තුවා. සෙනඟ පිරිලා. ඒත් 122 වේගෙන් යන නිසා තදබද වුනත් කමක් නෑ කියලා නගින්නත් හිතුනා. ආ... අන්න 138ක් එනවා. මේකෙ චප්ප වෙන්න ඕනෙ නෑ. මම පස්සට වුනා. බස් එක අද්දනවා. මේ අතරෙ දුවන් ආපු මැදිවියේ කාන්තාවක් අද්දන බස් එකට නගින්න හිහින් බස් එකෙන් වැටුනා. බස් එක බ්‍රේක් නොකලනම් ඈ රෝදෙකට යට වෙන්නත් තිබුනා. හෝල්ට් එකේ හිටි 'මහත්මයෙක්' හැමෝටම ඇහෙන්න ප්‍රබුද්ධ කතාවක් කරනවා.

Thursday, October 3, 2013

කාන්තාවන්ට සවුදියෙන්..


සිරාම නිව්ස් එකක් අසන්නට ලැබුණාය. සමහර විට ඔබ දැනටමත් දන්නවා විය හැකිය.

සවුදියේ ඉහළම තලයේ ඉස්ලාම් පූජකයෙක් ඉල්ලං පුකේ මාමයිට් ගාගන්නට යන සීන් එකක්ය. සීන් එකට හේතු වී ඇත්තේ උගේ ප්‍රකාශයක්ය. ප්‍රකාශය මෙසේය.

“තදබල, නොසලකා හැරිය නොහැකි, අනිවාර්ය හේතුවක් නැති නම් කාන්තාවන් රිය පැදවීම ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකරය. ක්‍රියාකාරී වෛද්‍ය පරීක්ෂණ හා වාර්තා වලට අනුව, රිය පදවන විට කාන්තාවන්ගේ ඩිම්බකෝෂ වලට ඉබේම හානි සිදුවේ. ඊට අමතරව උකුල් පෙදෙස ඉහලට තල්ලු වීමක්ද සිදුවේ.”