මේක කියෙවුවට පස්සෙ මම කාන්තාවාදියෙක් (feminist) කියලා ඔබ මාව ලේබල් කරන්න එපා. නමුත් අද උදේ වුන සිදුවීමකින් පස්සෙ මේක නොලිය ඉන්න බැරි බව හිතුනා.
උදේ පාන්දර හෝල්ට් එකට වෙලා හිටියෙ බස් එකක් එනකන්. ක්ලාස් යන්න පරක්කුයි. බස් වලට ඇඟිල්ල ගහන්න බෑ, සෙනඟ. 122ක් ඇවිත් නැවැත්තුවා. සෙනඟ පිරිලා. ඒත් 122 වේගෙන් යන නිසා තදබද වුනත් කමක් නෑ කියලා නගින්නත් හිතුනා. ආ... අන්න 138ක් එනවා. මේකෙ චප්ප වෙන්න ඕනෙ නෑ. මම පස්සට වුනා. බස් එක අද්දනවා. මේ අතරෙ දුවන් ආපු මැදිවියේ කාන්තාවක් අද්දන බස් එකට නගින්න හිහින් බස් එකෙන් වැටුනා. බස් එක බ්‍රේක් නොකලනම් ඈ රෝදෙකට යට වෙන්නත් තිබුනා. හෝල්ට් එකේ හිටි 'මහත්මයෙක්' හැමෝටම ඇහෙන්න ප්‍රබුද්ධ කතාවක් කරනවා.