අහසෙ කළු වළාකුළු. හුළඟ සැරයි. වැස්සක් ලඟ නිසාද කොහෙද පාක් එක පාලුයි. කිරි කිරි ගාලා පැද්දෙන් ඔංචිල්ලාවක් අතින් අල්ලලා නවත්තගන්න ඈ ඒකෙ වාඩිවෙනවා. ඈට මාව පේන්නෙ නෑ. මට ඈව පේනවා. ඇගේ කතාව ඔබට කිව යුතුද නැද්ද මම දන්නෙ නෑ. ඒත් ඔන්න ඔහේ කියලා දානවා. කොහොමටත් ඔබ ඈව අඳුනන්නෙ නැහැනෙ.
මට ඈව හමුවෙන්නෙ A/L chemistry class එකේදි. ඈ දැනන් හිටියා මම ඈට කැමැත්තෙන් ඉන්න බව. නමුත් ඈ ඒ ගැන දැක්වුවෙ උදාසීන ආකල්පයක්. ඈට ඔහුව හමුවෙන්නෙත් එහෙදිමයි. ඔවුන්ව ලඟින් ආශ්‍රය කළත්, ඔවුන් අතරෙ තිබුන සම්බන්ධය මොන වගේ එකක්ද කියලා මම දැනගෙන හිටියෙ නැහැ. මම ඒක තේරුම්ගන්න උත්සාහ නොකළෙත්, සමහරවිට මමත් ඈට කැමැත්තෙන් හිටි නිසා වෙන්නැති. ඔවුන් ඒක label කරන්න නොගියෙ, සමහරවිට, ඒ මොකද්ද කියලා ඔවුන්වත් දැනගෙන නොහිටි නිසා වෙන්නැති.
Showing posts with label thoughts. Show all posts
Showing posts with label thoughts. Show all posts
Tuesday, November 19, 2013
Wednesday, November 6, 2013
"ඔබ, මම හිතනවාට වඩා මිනිසුන් හරිම පුදුමාකාරයි"
“අද ගොඩක් සෙනග හිටියද පුතේ?”
ගෙදර හියහම එයාගේ අම්ම අහනව ඇති.
“ඔව්.. අද නං වෙනදට වඩා ටිකක් හොඳයි”
එයා කියයි.
හ්ම්ම්.. නෑ..
සමහර විට දෙබස ඔයිට වඩා ටිකක් වෙනස් වෙයිද දන්නෙ නෑ.
“පුතේ, ඔන්න මම
කෑම පිඟානක් බෙදල තියල ඇති. කාල නිදාගනින්, මහන්සිත් ඇතිනෙ”
එහෙම නැත්තං,
“ආ! ආවද? එහෙනං
අර බෙදල තියෙන ටික කාල නිදාගනින්!” ?
Friday, October 25, 2013
රැජිණියනි එන්න, මල් පිපී ඇති සැටි බලන්න?
ලංකාව. ජනගහනය මිලියන විසිදෙකයි. ආර්ථිකේ බංකොලොත්. රට දුවන්නෙ ණය උඩ. ජනාධිපතිගෙ විතරක් වාර්ෂික වියදම රුපියල් කෝටි 856ක්.
'රුපියල් කෝටි'
'කෝටි'
තව දින විසි එකකින් පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව මෙහි අගනුවර වන කොළඹදී පැවැත්වීමට නියමිතයි (රැජිණට යටත්ව සිටි බව තවමත් මේ රටට ගෞරවයක්!) මෙයට සහභාගී වන රටවල් 54න් රටවල් 32ක්ම ජනගහයන ලක්ෂ 15ට අඩු කුඩා රටවල්. දුප්පත් රටවල්. කැනඩාව හා ඉන්දියාව සහභාගී නොවන බව දන්වලා තියෙනවා. රටට වෙන වාසියක් නම් නෑ මේ සමුළුවෙන්. නමුත් රටට අහිමිවන දේ නම් අති විශාලයි.
Thursday, October 17, 2013
කාන්තාවාදයට නොවේ. නමුත්...
මේක කියෙවුවට පස්සෙ මම කාන්තාවාදියෙක් (feminist) කියලා ඔබ මාව ලේබල් කරන්න එපා. නමුත් අද උදේ වුන සිදුවීමකින් පස්සෙ මේක නොලිය ඉන්න බැරි බව හිතුනා.
උදේ පාන්දර හෝල්ට් එකට වෙලා හිටියෙ බස් එකක් එනකන්. ක්ලාස් යන්න පරක්කුයි. බස් වලට ඇඟිල්ල ගහන්න බෑ, සෙනඟ. 122ක් ඇවිත් නැවැත්තුවා. සෙනඟ පිරිලා. ඒත් 122 වේගෙන් යන නිසා තදබද වුනත් කමක් නෑ කියලා නගින්නත් හිතුනා. ආ... අන්න 138ක් එනවා. මේකෙ චප්ප වෙන්න ඕනෙ නෑ. මම පස්සට වුනා. බස් එක අද්දනවා. මේ අතරෙ දුවන් ආපු මැදිවියේ කාන්තාවක් අද්දන බස් එකට නගින්න හිහින් බස් එකෙන් වැටුනා. බස් එක බ්‍රේක් නොකලනම් ඈ රෝදෙකට යට වෙන්නත් තිබුනා. හෝල්ට් එකේ හිටි 'මහත්මයෙක්' හැමෝටම ඇහෙන්න ප්‍රබුද්ධ කතාවක් කරනවා.

Friday, September 20, 2013
කෙලෙහිගුණේ හෙටත් රකිමුද අපි?
මාසෙ පඩිය තිස්දාහයි
ගෑණියි, මමයි, අම්මයි, තාත්තයි, දරුවො දෙන්නයි
අම්මා ලෙඩින්
බෙහෙත්වලට මාසෙට පන්දාහයි
ළමයින්ගෙ ඉස්කෝල වලට දෙදාහයි
ලයිට් බිල් වතුර බිල් ණය ණය ණය....
පඩිය ඉවරයි
ගෑණියි, මමයි, අම්මයි, තාත්තයි, දරුවො දෙන්නයි
අම්මා ලෙඩින්
බෙහෙත්වලට මාසෙට පන්දාහයි
ළමයින්ගෙ ඉස්කෝල වලට දෙදාහයි
ලයිට් බිල් වතුර බිල් ණය ණය ණය....
පඩිය ඉවරයි
Monday, September 16, 2013
නැහැදිච්ච කෙල්ල - අත්දැකීමක් යැයි සැලකිය හැකි යමක්
අව්ව සැර වුනත්, ගස් නිසා වැව් කන්ඩිය හෙවනයි. මම වැව් කන්ඩිය දිගේ ඇවිදන් යනවා. ඉස්කෝලෙ එක්සිබිශන් එකට ෆොටොස් ගන්න ආවට, ආවෙ අපරාදෙ කියලා හිතෙන තරමට රස්නෙයි. මාත් එක්ක ආපු එකා මට බනිනවා. හරියට හම්බන්තොට එමුයි කිව්වෙ මම වගේ!
"උඹ තමයි කිව්වෙ ගම්වල වස්තු බීජ තියෙනව කියල!" ඌ කියනවා. ඉතින් යකෝ මම කිව්වද උඹට මාත් එක්ක එන්නෙයි කියලා? ඌ ආට්ස් කාරයා. අනේ උගෙ ආට්ස්!
ඌ ගහක් යට වාඩිවෙනවා.
"අව්ව අඩු වෙනකන් මම මෙතනින් හෙල්ලෙන්නෑ.බලපන් ඔය අව්වෙ කොහොමද යන්නෙ කියලා?" ඌ කියනවා.

Sunday, September 8, 2013
ඇත්තටම ප්‍රේමයේ නාමයෙන් ඔක්කොම විඳගෙන ඉන්න එක වීරකමක්ද?
"ආදරේ වෙනුවෙන් හැමදෙයක්ම දරාගෙන ඉන්න එක නේද වටින්නෙ?", ඈ මගෙන් අහනවා.
ඈ මගෙ හොඳම යෙහෙළිය. ඈව මම අඳුනගෙන දැන් අවුරුදු අටකටත් වැඩි. ඊට කලින් ඉඳන්ම අඳුනන අය හිටියත්, ඈ තරම් මට සමීප වුනේ නැහැ කවුරුවත්.
දැන් ඈට ගැටලුවක්. ඇගෙ ප්‍රේමය පිළිබඳ ගැටලුවක්.
ඈ නිතරම මා සමග ඇගේ ප්‍රේමය පිළිබඳ තොරතුරු කිවුවා. ඒවා සතුටින් කියූ දේවල් වලට වඩා දුක්ගැනවිලි ලෙසයි මට හැඟුනේ.
"එයා කැමති නෑ මම පිරිමි ළමයි ආශ්‍රය කරනවට"

Sunday, September 1, 2013
ජාතිවාදී හම්බ කොල්ලෙක් මෙසේ කියයි
“අර බලපන් අයියා අර මෝඩ යක්කුල ටික ආ! හිහී.. මං
කිව්වෙ අර “ශර්ව-ආගමික” ශෙට් එක.. අපිව බේරගන්න අපිට වඩා අමාරුවක් උන්ට තමා
තියෙනවා. උන් හිතාගෙන ඇති අපි උන්ට ශපෝට් කියල ආ! අයියෝ ශල්ලි ආ! දැන් බලනකො අපි
ළමයිල හදල හදල රට අල්ලනකොට.. හිහී!
Subscribe to:
Posts (Atom)