Showing posts with label incomplete. Show all posts
Showing posts with label incomplete. Show all posts

Wednesday, October 9, 2013

අසම්පූර්ණ අත්දැකීම් හතරක්..



1.
මං බස් එකක යනව. හිටගෙන. වාඩිවෙන්න ඉඩ නෑ. මට පේනව ඉස්සරහම තියෙන “පූජ්‍ය පක්ෂයට” සීට් එකේ මැදිවියේ මුස්ලිම් ජෝඩුවක් වාඩිවෙලා ඉන්න හැටි. අවුලක් නෑ. හාමුදුරු කෙනෙක්වත්, ෆාදර් කෙනෙක්වත්, කවුරුවත් නෑනෙ. ඔහොම ටික දුරක් යනව. එක හෝල්ට් එකක නැවැත්තුවහම හාමුදුරු කෙනෙක් බස් එකට නගිනව. වයස පෙනුමයි. “අවුරුදු හැත්තෑවක් විතර ඇති,” මං හිතනව. බස් එකට නගිනකොටම උන්වහන්සේ දිහා බලන අර ජෝඩුව, නොදැක්ක වගේ ජනේලෙන් එළිය බලාගෙන ඉන්නව. කොන්දොස්තර ඇවිත් සීට් එක හාමුදුරුවන්ට දෙන්න කියනව. “ඇයි අපි මුස්ලිම්ලා හින්දද?” උන් අහනව.