Showing posts with label muslim. Show all posts
Showing posts with label muslim. Show all posts

Wednesday, December 11, 2013

"මොනවා බල බල ඉන්නද ඩෝ..ව්? වරෙන් ඩෝ..ව් ඩර්මෙ ‍රැකගන්න යන්න!"

'මේ කල්පයේදී පහළවන අවසාන බුදුන්වහන්සේ වන මෛත්‍රී බුදුන්වහන්සේගේ ශාසනයේ සාමාජිකත්වය හිමිකරගැනීමට ඔබ කැමතිද? අග්‍රශ්‍රාවකයෙක් වීමට පෙරුම් පුරනවාද? එසේනම් මෙන්න ඔබට අනගි අවස්ථාවක්! එන්න, අප හා එක්ව පෙරුම් පුරන්න!'

ඔහොම leaflet එකක්, පුවත්පත් දැන්වීමක් ලඟදිම දැකගන්න ලැබුනොත් පුදුම වෙන්න එපා. රාවණා මේනියාව, මහමායා-සුදොවුන් පෙරහැර, කතරගම වන්දනාව, පත්තිනි පූජා, රාවණා වන්දනාවෙ ඊළඟ episode එකයි ඔය.

සෑහෙන දවසක් නිකන්ම ගෙදරට වෙලා ඉඳලා කම්මැලි කමක් දැනුන නිසා ඊයෙ උදේ ගෙයින් එලියට බැස්සෙ පොඩි රස්තියාදුවක් ගහන්න. සෙනඟ වැඩිය හිටියෙ නැති 138ක් හෝල්ට් එකට ගිය ගමන්ම වගේ ආපු නිසා නැගලා, අවුව වැටෙන්නෙ නැති පැත්තෙ සීට් එකක වාඩිවුනා. එහාපැත්තෙ ඉන්න බුවා දැකල පුරුදුයි. ඇස් කොනින් බැලුවා කව්ද කියලා.

Tuesday, November 26, 2013

"රකින්නට බුදු දහම : සිවුරු හොරු, හෙන්චයියලා හා ආච්චිලා"



අවවාදයයි:
පහ වසරේ උනුත් දන්නා යම් යම් වචන ඔබ නොදන්නවා නම්, හෝ ඒවා කියවා මළ පනිනවා නම් මෙය කියවීමෙන් වළකින්න.


***


හරි. දැන් මේකයි කතාව. ඔය එක එක උන් කියනවනේ බුදු දහම රකින්න නම් කරන්න ඕනේ දේවල්. වැඩිපුර ළමයි හදපල්ල කියයි, හම්බ කඩ වර්ජනේ කරපල්ල කියයි, ඒවට යන උන්ට බිත්තර ගහපල්ල කියයි. රටේ නැති විකාර නෙ. දැන් මම මේ කියන්න යන්නෙ බුදු දහම රකින්න නම් කරන්න ඕනෙයි කියල මට හිතෙන දේ.

මට තේරෙන හැටියට නම්, බුදු දහම නැතිවේගෙන යන්න හේතු වෙච්ච කොට්ටාශ තුනක් ඉන්නව.

Wednesday, October 9, 2013

අසම්පූර්ණ අත්දැකීම් හතරක්..



1.
මං බස් එකක යනව. හිටගෙන. වාඩිවෙන්න ඉඩ නෑ. මට පේනව ඉස්සරහම තියෙන “පූජ්‍ය පක්ෂයට” සීට් එකේ මැදිවියේ මුස්ලිම් ජෝඩුවක් වාඩිවෙලා ඉන්න හැටි. අවුලක් නෑ. හාමුදුරු කෙනෙක්වත්, ෆාදර් කෙනෙක්වත්, කවුරුවත් නෑනෙ. ඔහොම ටික දුරක් යනව. එක හෝල්ට් එකක නැවැත්තුවහම හාමුදුරු කෙනෙක් බස් එකට නගිනව. වයස පෙනුමයි. “අවුරුදු හැත්තෑවක් විතර ඇති,” මං හිතනව. බස් එකට නගිනකොටම උන්වහන්සේ දිහා බලන අර ජෝඩුව, නොදැක්ක වගේ ජනේලෙන් එළිය බලාගෙන ඉන්නව. කොන්දොස්තර ඇවිත් සීට් එක හාමුදුරුවන්ට දෙන්න කියනව. “ඇයි අපි මුස්ලිම්ලා හින්දද?” උන් අහනව.

Sunday, September 1, 2013

ජාතිවාදී හම්බ කොල්ලෙක් මෙසේ කියයි

“අර බලපන් අයියා අර මෝඩ යක්කුල ටික ආ! හිහී.. මං කිව්වෙ අර “ශර්ව-ආගමික” ශෙට් එක.. අපිව බේරගන්න අපිට වඩා අමාරුවක් උන්ට තමා තියෙනවා. උන් හිතාගෙන ඇති අපි උන්ට ශපෝට් කියල ආ! අයියෝ ශල්ලි ආ! දැන් බලනකො අපි ළමයිල හදල හදල රට අල්ලනකොට.. හිහී!