Showing posts with label India. Show all posts
Showing posts with label India. Show all posts

Thursday, September 12, 2013

ඇත්තටම ඔහු වීරයෙක් ද?

කෝච්චිය පරක්කුයි. සීතල හුළඟත් එක්ක එන හිරිකඩට ඔලුවෙ ඉඳන් තෙමෙනවා. ඒත් කුඩේකුත් නැතුව හොඳ ගාණට තෙමිලා, පෙඟිලා ඉන්න නිසා ඒක ඒ තරම් ප්‍රශ්නයක් වුනේ නෑ මට. මම උඩ බිම බල බල ඉන්නවා. කෝච්චිය තවම නෑ. මට ටිකක් ඈතින් තාත්තෙක්ගෙ අතේ එල්ලුන පුංචි කෙල්ලෙක්. අවුරුදු එකොළහක්, දොලහක් වයස ඇති ඈට. ඈ මොකද්දෝ දෙයක් ගැන හරි උනන්දුවෙන් කතාකරන බව පේනවා. ඇගේ තාත්තා සැරින් සැරේ ඈ අසන දේවල් වලට පිළිතුරු දෙන හැටිත් මට පේනවා. ඔවුන්ගෙ කතාව අහන් ඉන්න ආසාවක් මට එනවා.
'අනුන්ගෙ කතා අහන් ඉන්න එක කැත පුරුද්දක්!' කියලා මට දැන් බනින්නෙපා. ඒ කෙල්ල කතාකරන විදිය හරිම හුරතල්. ඉතින් මම ඔවුන්ගෙ ආසන්නයට ඇවිදන් ‍යනවා.