Showing posts with label Father. Show all posts
Showing posts with label Father. Show all posts

Monday, September 16, 2013

අනාගැනීම.

මෝඩයා! මැටි හරකා! කිව්වා නේද ඔය වගේ වැඩ කරන්න එපා කියල!”
තමුසෙව හැදුවට මටයි ගහන්න ඕන!

අහල පුරැදු යි වගේ නේද?

"පුතේ, හොඳ පුතා වගේ ගිහිං කඩෙන් අර බඩු ටික අරං ඵන්න."
"මගෙ හොඳ දූ ගිහිං රෙදි ටික වේලෙන්න දාන්න."

අවුරුදු පහේ හයේ මතක ඇති කාලෙක ඉදන් ම අපිට අපේ අම්මා තාත්තාගෙන් මේ වගේ දේවල් අහන්ට ලැබෙන්න ඇති අනිවාර්යයෙන්ම.
ඔව්. ඇත්ත.
අම්මා තාත්තා අපේ හොඳ වැඩ ‍‍අගයන්නෙත්‍‍, නරක වැඩ වලට බනින්නෙත්, ගහන්නෙත් අපිට උගන්නන්න. අපිට තියෙන ආදරේට.

Thursday, September 12, 2013

ඇත්තටම ඔහු වීරයෙක් ද?

කෝච්චිය පරක්කුයි. සීතල හුළඟත් එක්ක එන හිරිකඩට ඔලුවෙ ඉඳන් තෙමෙනවා. ඒත් කුඩේකුත් නැතුව හොඳ ගාණට තෙමිලා, පෙඟිලා ඉන්න නිසා ඒක ඒ තරම් ප්‍රශ්නයක් වුනේ නෑ මට. මම උඩ බිම බල බල ඉන්නවා. කෝච්චිය තවම නෑ. මට ටිකක් ඈතින් තාත්තෙක්ගෙ අතේ එල්ලුන පුංචි කෙල්ලෙක්. අවුරුදු එකොළහක්, දොලහක් වයස ඇති ඈට. ඈ මොකද්දෝ දෙයක් ගැන හරි උනන්දුවෙන් කතාකරන බව පේනවා. ඇගේ තාත්තා සැරින් සැරේ ඈ අසන දේවල් වලට පිළිතුරු දෙන හැටිත් මට පේනවා. ඔවුන්ගෙ කතාව අහන් ඉන්න ආසාවක් මට එනවා.
'අනුන්ගෙ කතා අහන් ඉන්න එක කැත පුරුද්දක්!' කියලා මට දැන් බනින්නෙපා. ඒ කෙල්ල කතාකරන විදිය හරිම හුරතල්. ඉතින් මම ඔවුන්ගෙ ආසන්නයට ඇවිදන් ‍යනවා.