Showing posts with label Lovers. Show all posts
Showing posts with label Lovers. Show all posts

Tuesday, November 19, 2013

ඈ-ගේ කුරුල්ලා-මම.

අහසෙ කළු වළාකුළු. හුළඟ සැරයි. වැස්සක් ලඟ නිසාද කොහෙද පාක් එක පාලුයි. කිරි කිරි ගාලා පැද්දෙන් ඔංචිල්ලාවක් අතින් අල්ලලා නවත්තගන්න ඈ ඒකෙ වාඩිවෙනවා. ඈට මාව පේන්නෙ නෑ. මට ඈව පේනවා. ඇගේ කතාව ඔබට කිව යුතුද නැද්ද මම දන්නෙ නෑ. ඒත් ඔන්න ඔහේ කියලා දානවා. කොහොමටත් ඔබ ඈව අඳුනන්නෙ නැහැනෙ.

මට ඈව හමුවෙන්නෙ  A/L chemistry class එකේදි. ඈ දැනන් හිටියා මම ඈට කැමැත්තෙන් ඉන්න බව. නමුත් ඈ ඒ ගැන දැක්වුවෙ උදාසීන ආකල්පයක්. ඈට ඔහුව හමුවෙන්නෙත් එහෙදිමයි. ඔවුන්ව ලඟින් ආශ්‍රය කළත්, ඔවුන් අතරෙ තිබුන සම්බන්ධය මොන වගේ එකක්ද කියලා මම දැනගෙන හිටියෙ නැහැ. මම ඒක තේරුම්ගන්න උත්සාහ නොකළෙත්, සමහරවිට මමත් ඈට කැමැත්තෙන් හිටි නිසා වෙන්නැති.  ඔවුන් ඒක label කරන්න නොගියෙ, සමහරවිට, ඒ මොකද්ද කියලා ඔවුන්වත් දැනගෙන නොහිටි නිසා වෙන්නැති.

Sunday, September 8, 2013

ඇත්තටම ප්‍රේමයේ නාමයෙන් ඔක්කොම විඳගෙන ඉන්න එක වීරකමක්ද?

"ආදරේ වෙනුවෙන් හැමදෙයක්ම දරාගෙන ඉන්න එක නේද වටින්නෙ?", ඈ මගෙන් අහනවා.

ඈ මගෙ හොඳම යෙහෙළිය. ඈව මම අඳුනගෙන දැන් අවුරුදු අටකටත් වැඩි. ඊට කලින් ඉඳන්ම අඳුනන අය හිටියත්, ඈ තරම් මට සමීප වුනේ නැහැ කවුරුවත්.

දැන් ඈට ගැටලුවක්. ඇගෙ ප්‍රේමය පිළිබඳ ගැටලුවක්.

ඈ නිතරම මා සමග ඇගේ ප්‍රේමය පිළිබඳ තොරතුරු කිවුවා. ඒවා සතුටින් කියූ දේවල් වලට වඩා දුක්ගැනවිලි ලෙසයි මට හැඟුනේ.
"එයා කැමති නෑ මම පිරිමි ළමයි ආශ්‍රය කරනවට"