Showing posts with label Divorce. Show all posts
Showing posts with label Divorce. Show all posts

Monday, September 16, 2013

අනාගැනීම.

“මෝඩයා! මැටි හරකා! කිව්වා නේද ඔය වගේ වැඩ කරන්න එපා කියල!”
“
තමුසෙව හැදුවට මටයි ගහන්න ඕන!”

අහල පුරැදු යි වගේ නේද?

"පුතේ, හොඳ පුතා වගේ ගිහිං කඩෙන් අර බඩු ටික අරං ඵන්න."
"මගෙ හොඳ දූ ගිහිං රෙදි ටික වේලෙන්න දාන්න."

අවුරුදු පහේ හයේ මතක ඇති කාලෙක ඉදන් ම අපිට අපේ අම්මා තාත්තාගෙන් මේ වගේ දේවල් අහන්ට ලැබෙන්න ඇති අනිවාර්යයෙන්ම.
ඔව්. ඇත්ත.
අම්මා තාත්තා අපේ හොඳ වැඩ ‍‍අගයන්නෙත්‍‍, නරක වැඩ වලට බනින්නෙත්, ගහන්නෙත් අපිට උගන්නන්න. අපිට තියෙන ආදරේට.

Sunday, September 8, 2013

ඇත්තටම ප්‍රේමයේ නාමයෙන් ඔක්කොම විඳගෙන ඉන්න එක වීරකමක්ද?

"ආදරේ වෙනුවෙන් හැමදෙයක්ම දරාගෙන ඉන්න එක නේද වටින්නෙ?", ඈ මගෙන් අහනවා.

ඈ මගෙ හොඳම යෙහෙළිය. ඈව මම අඳුනගෙන දැන් අවුරුදු අටකටත් වැඩි. ඊට කලින් ඉඳන්ම අඳුනන අය හිටියත්, ඈ තරම් මට සමීප වුනේ නැහැ කවුරුවත්.

දැන් ඈට ගැටලුවක්. ඇගෙ ප්‍රේමය පිළිබඳ ගැටලුවක්.

ඈ නිතරම මා සමග ඇගේ ප්‍රේමය පිළිබඳ තොරතුරු කිවුවා. ඒවා සතුටින් කියූ දේවල් වලට වඩා දුක්ගැනවිලි ලෙසයි මට හැඟුනේ.
"එයා කැමති නෑ මම පිරිමි ළමයි ආශ්‍රය කරනවට"