Showing posts with label drug. Show all posts
Showing posts with label drug. Show all posts

Tuesday, September 24, 2013

කෝපරේට් ලෝකය.


දඩාස්!
උදේ පාන්දර නැගිටින්නෙ ඇඳ උඩ නෙවෙයි ඇඳෙන් බිම වැටුනහම. එලාම් එක බල්ලට ගියාවේ. දැනටත් පරක්කුයි.

අම්මා උදේ පාන්දරම හදල දුන්න දුං දාන කෑම කාලා කටත් පුච්චා ගත්තා. අවුලක් නෑ  දත් මදිනකොට හරි යයි. කැතරිනා පරාදයි මම නාලා කරලා, ඇඳුම් ඇඳලා, සපත්තු දාලා ලෑස්ති වෙන වේගෙට. කොහොම කොහොම හරි අම්මටවත් වඳින්නෙ නැතිව, ගෙයිං එළියට පැනල බස් එකක එල්ලුනා.

"අයිසේ වට් බ්ලඩි ට්රැෆික්!" වටිං ගොඩිං මට ඇහෙනවා.
කාර් එකක් ගන්නකල් විතරයි. ඊට පස්සෙ යතෑකිනෙ පුක කෑඩිච්ච කඩියා වගේ.

Saturday, August 31, 2013

ඇයි හෙරොයින්? ගන්න අපේ දේ!

“..රුපියල් මිලියන 800 කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක්, ග්‍රීස් ආනයනය කරන මුවාවෙන් ගෙන්වා තිබියදී සොයාගැනීමට හැකි වූ බව රේගු දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ. ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරී මාලි පියසේන මහතා පවසන පරිදි, සැකකටයුතු කන්ටේනරයේ තිබූ අනෙකුත් ග්‍රීස් කෑන් ද පරීක්ෂාවට ලක් කෙරෙමින් ඇති බැවින් හෙරොයින් තොගය මීට වඩා වැඩි වීමටද ඉඩ ඇත. මේ සම්බන්ධයෙන් පකිස්ථානු ජාතිකයෙකු හා ශ්‍රී ලාංකීයයන් දෙදෙනෙකු ඇත අඩංගුවට ගෙන තිබේ..” 
                                                                                                                    - ප්‍රවෘතියක්.