Showing posts with label Poverty. Show all posts
Showing posts with label Poverty. Show all posts

Wednesday, November 20, 2013

කොළඹ කාක්කො සහ අපේ මිනිස්සුන්ගෙ ඇනලොග් මානසිකත්වය.

"කාක් කාක්! මල්ලී ඇප්ලිකේස්න් පෝම්ද? පොටෝද? කාක් කාක් කාක්! ඕක පුරෝගන්න නේද මල්ලී? එන්ඩ මේ පැත්තෙන්! කාක් කාක්!"

පුංචි බොරැල්ලෙ පාස්පෝට් ඔෆිස් පැත්තට අපි ගියේ ඇත්තටම රට යන්න බලා ගෙන නෙවෙයි. නිකං වෙනස් වෙන කොළඹ වටේ රස්තියාදු පාරක් දාන්න.
(රස්තියාදු කිව්වහම ඕං වැරදි විඳිහට හිතන්න එපා)

"බලපන් උඹ මාව ඇදං ආපු අපාය! යකෝ කොටුව හොඳයි ඕයි මේ කාක් කූඩුවට වඩා."

Friday, October 25, 2013

රැජිණියනි එන්න, මල් පිපී ඇති සැටි බලන්න?


ලංකාව. ජනගහනය මිලියන විසිදෙකයි. ආර්ථිකේ බංකොලොත්. රට දුවන්නෙ ණය උඩ. ජනාධිපතිගෙ විතරක් වාර්ෂික වියදම රුපියල් කෝටි 856ක්.
'රුපියල් කෝටි'

'කෝටි'

තව දින විසි එකකින් පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව මෙහි අගනුවර වන කොළඹදී පැවැත්වීමට නියමිතයි (රැජිණට යටත්ව සිටි බව තවමත් මේ රටට ගෞරවයක්!) මෙයට සහභාගී වන රටවල් 54න් රටවල් 32ක්ම ජනගහයන ලක්ෂ 15ට අඩු කුඩා රටවල්. දුප්පත් රටවල්. කැනඩාව හා ඉන්දියාව සහභාගී නොවන බව දන්වලා තියෙනවා. රටට වෙන වාසියක් නම් නෑ මේ සමුළුවෙන්. නමුත් රටට අහිමිවන දේ නම් අති විශාලයි.

Tuesday, September 24, 2013

කෝපරේට් ලෝකය.


දඩාස්!
උදේ පාන්දර නැගිටින්නෙ ඇඳ උඩ නෙවෙයි ඇඳෙන් බිම වැටුනහම. එලාම් එක බල්ලට ගියාවේ. දැනටත් පරක්කුයි.

අම්මා උදේ පාන්දරම හදල දුන්න දුං දාන කෑම කාලා කටත් පුච්චා ගත්තා. අවුලක් නෑ  දත් මදිනකොට හරි යයි. කැතරිනා පරාදයි මම නාලා කරලා, ඇඳුම් ඇඳලා, සපත්තු දාලා ලෑස්ති වෙන වේගෙට. කොහොම කොහොම හරි අම්මටවත් වඳින්නෙ නැතිව, ගෙයිං එළියට පැනල බස් එකක එල්ලුනා.

"අයිසේ වට් බ්ලඩි ට්රැෆික්!" වටිං ගොඩිං මට ඇහෙනවා.
කාර් එකක් ගන්නකල් විතරයි. ඊට පස්සෙ යතෑකිනෙ පුක කෑඩිච්ච කඩියා වගේ.

Friday, September 20, 2013

කෙලෙහිගුණේ හෙටත් ‍රකිමුද අපි?

මාසෙ පඩිය තිස්දාහයි
ගෑණියි, මමයි, අම්මයි, තාත්තයි, දරුවො දෙන්නයි
අම්මා ලෙඩින්
බෙහෙත්වලට මාසෙට පන්දාහයි
ළමයින්ගෙ ඉස්කෝල වලට දෙදාහයි
ලයිට් බිල් වතුර බිල් ණය ණය ණය....
පඩිය ඉවරයි