Showing posts with label lost. Show all posts
Showing posts with label lost. Show all posts

Monday, September 16, 2013

අනාගැනීම.

“මෝඩයා! මැටි හරකා! කිව්වා නේද ඔය වගේ වැඩ කරන්න එපා කියල!”
“
තමුසෙව හැදුවට මටයි ගහන්න ඕන!”

අහල පුරැදු යි වගේ නේද?

"පුතේ, හොඳ පුතා වගේ ගිහිං කඩෙන් අර බඩු ටික අරං ඵන්න."
"මගෙ හොඳ දූ ගිහිං රෙදි ටික වේලෙන්න දාන්න."

අවුරුදු පහේ හයේ මතක ඇති කාලෙක ඉදන් ම අපිට අපේ අම්මා තාත්තාගෙන් මේ වගේ දේවල් අහන්ට ලැබෙන්න ඇති අනිවාර්යයෙන්ම.
ඔව්. ඇත්ත.
අම්මා තාත්තා අපේ හොඳ වැඩ ‍‍අගයන්නෙත්‍‍, නරක වැඩ වලට බනින්නෙත්, ගහන්නෙත් අපිට උගන්නන්න. අපිට තියෙන ආදරේට.

Sunday, August 25, 2013

වෙරළේ ජීවිත

ඊයෙයි පෙරේදයි මම හිටියෙ හලාවත. මීගමුවට කිට්ටුව.  මේ සටහන ඒ දවස් දෙකේදි හම්බ වෙච්ච චරිත හතරක් ගැන. මහගොඩක් වෙනස්කම් නං තියෙනවද මංද. කතාකරපු විනාඩි ගාන ඇතුලෙ සමානකම් හොයන්න ටිකක් අමාරුයි. කොහොමහරි මේ තියෙන්නෙ ඒ චරිත හතරෙ කතා හතරක්.



1.  ටෝනි 

පළවෙනි චරිතය තමයි ටෝනි. ටෝනි කියන්නෙ බැලූ බැල්මට රගර් ගහන එකෙක් වගේ පේන ඇඟක් තියෙන කෙනෙක්. කතෝලික. මම ඒක කිව්වෙ ආගම්වාදී වෙන්න නෙමේ, තව ටිකකින් කියන්න යන දේකට ඒක ඕනෙ වෙන නිසා.