Showing posts with label Maithree. Show all posts
Showing posts with label Maithree. Show all posts

Wednesday, December 11, 2013

"මොනවා බල බල ඉන්නද ඩෝ..ව්? වරෙන් ඩෝ..ව් ඩර්මෙ ‍රැකගන්න යන්න!"

'මේ කල්පයේදී පහළවන අවසාන බුදුන්වහන්සේ වන මෛත්‍රී බුදුන්වහන්සේගේ ශාසනයේ සාමාජිකත්වය හිමිකරගැනීමට ඔබ කැමතිද? අග්‍රශ්‍රාවකයෙක් වීමට පෙරුම් පුරනවාද? එසේනම් මෙන්න ඔබට අනගි අවස්ථාවක්! එන්න, අප හා එක්ව පෙරුම් පුරන්න!'

ඔහොම leaflet එකක්, පුවත්පත් දැන්වීමක් ලඟදිම දැකගන්න ලැබුනොත් පුදුම වෙන්න එපා. රාවණා මේනියාව, මහමායා-සුදොවුන් පෙරහැර, කතරගම වන්දනාව, පත්තිනි පූජා, රාවණා වන්දනාවෙ ඊළඟ episode එකයි ඔය.

සෑහෙන දවසක් නිකන්ම ගෙදරට වෙලා ඉඳලා කම්මැලි කමක් දැනුන නිසා ඊයෙ උදේ ගෙයින් එලියට බැස්සෙ පොඩි රස්තියාදුවක් ගහන්න. සෙනඟ වැඩිය හිටියෙ නැති 138ක් හෝල්ට් එකට ගිය ගමන්ම වගේ ආපු නිසා නැගලා, අවුව වැටෙන්නෙ නැති පැත්තෙ සීට් එකක වාඩිවුනා. එහාපැත්තෙ ඉන්න බුවා දැකල පුරුදුයි. ඇස් කොනින් බැලුවා කව්ද කියලා.