Tuesday, April 1, 2014

පුණ්ණ තෙරුණ්ගේ කතාවස්තුව.

වර්ථමාන සිංහලබෞද්ධයාගේ හිතසුව පිණිස පළකරමි. කටට කුණුහරුප එන්නේ නම් ඒවා සභ්‍ය ලෙස පළකරන මෙන් ඉල්ලා සිටිමි. 


"දිනක් උන්වහන්සේ වෙත පැමිණි පුණ්ණ තෙරුන් වහන්සේ "යම් කිසි පෙදෙසකට ගොස් විවේකීව මහණ දම් පිරීම සඳහා මා හට කොටින් අවවාදයක් දෙන සේක්වායි" සැල කළ සේක

පුණ්ණ තෙරුන් වහන්සේට අවැසි අවවාද අනුශාසනා ලබා දුන් උන් වහන්සේ පුණ්ණය මේ අවවාද ලබා තෙපි විවේකීව විමසීමට කොහි යන්නෙහුදැයි විචාළ කල්හි, "ස්වාමිනී සුණාපරන්ත නම් ජනපදයක් ඇත, මම එහි යෙමී කීහ.

පුණ්ණය සුනාපරන්තයෝ දුෂ්ඨයෝය, නපුරෝය, පුණ්ණය එහිදී සුනාපරන්තයෝ තට දුෂ්ඨ වචනයෙන් බනිත් නම් කුමක් කරන්නේදැයි විචාළහ.

"ස්වාමීනී, ඉදින් සුනාපරන්තයෝ මට දුෂ්ඨ වචනයෙන් බනිත් නම් මොහු හොඳ මිනිස්සුය, බනින සැර කරන නමුත් මට අතින් පයින් නොගසතී සිතමී" පුණ්ණ තෙරණුවෝ සැළ කලහ


පුණ්ණය ඉදින් තට සුණාපරන්තයෝ අතින් පයින් තළත් නම් එකල්හි කෙසේ සිතන්නහි ද?

"ස්වාමීනී, ඉදින් මොහු හොඳ මිනිස්සුය, අතින් පයින් තලන නමුත් ගල් වලින් නොගසතී සිතමී" කීහ

පුණ්ණය ඉදින් තට සුණාපරන්තයෝ ගල් වලින් ගසත් නම් එකල්හි කෙසේ සිතන්නහි ද

"ස්වාමීනී, ඉදින් මොහු හොඳ මිනිස්සුය, ගල් වලින් ගසන නමුත් පොලු වලින් නොගසති සිතමී" කීහ

පුණ්ණය ඉදින් තට සුණාපරන්තයෝ පොලු වලින් පහර දෙත් එකල්හි කෙසේ සිතන්නහි ද?

"ස්වාමීනී, ඉදින් මොහු හොඳ මිනිස්සුය, පොලු වලින් තලන නමුත් ආයුධ වලින් නොගසති සිතමී" කීහ

පුණ්ණය ඉදින් තට සුණාපරන්තයෝ ආයුධ වලින් පහර දෙත් නම් එකල්හි කෙසේ සිතන්නහි ද?

ස්වාමීනි , මේ මිනිස්සු හොඳ මිනිස්සුය. මොවුන් මට ආයුධ වලින් පහරා දෙනවා මිසක තියුණු අවි වලින් මා ජීවිතක්ෂයට නො පමුණුවති යි සිතමි

ඉක්බිතිව උන්වහන්සේ මෙසේ ඇසූහ. පුණ්ණය , ඉදින් සුණාපරන්තයෝ තියුණු අවි වලින් තා මරත් නම් එකල්හි කෙසේ සිතන්නේද??

ස්වාමීනී නුඹ වහන්සේගේ සස්නෙහි ශරීරය හා ජීවිතය ගැන කළකිරී දිවි නසා ගත හැකි ආයුධ සොයන පැවිද්දො ඇතහ. මට එය නොසොයාම ලැබුණේ ය යි සිතමි

මෙපවත් සාවධානව අසා සිටි උන්වහන්සේ අනතුරුව මෙබඳු උදානයක් දේශනා කර සිටියහ

" අනේ බොල මෝඩ පුණ්ණයෝ. තෝ වගේ හොරිකඩයො නිසා තමයි කවද හරි දවසක මේ සාසනේ රටෙං ලෝකෙං අතු ගෑවිලා යන්නෙ. එන එන අන්‍යාගමිකයොන්ටයි අරකටයි මේකටයි ඕනෙ විදියට නටන්න ඇරල නපුංසකයො වගේ බලාන උන්නාම කවුද තොපේ ආගමයි ජාතියයි උංගෙං බේර ගන්නෙ. තොපි ඔක්කොම හිතා ගෙන ඉන්නෙ ඔය චීවරේ ඇඳ ගත්තාම පොන්නයො වෙනව කියලද. අනුංගෙ බත් ටික කන හිංදද ඔහොම හිතා ගෙන ඉන්නෙ. අනුන්ගෙ බට්ටික කෑවත් කොන්දක් තියෙන්න ඕනෙ නේද. ඒක තමයි අභිමානෙ කියන්නෙ. උඹලට කවදහරි මේවා තේරෙයි යි කීහ."

මේ කාරුණික වදන් ඇසූ සැනින් පුණ්ණ තෙරුන් වහන්සේ අමාමහ අවබෝධයට පත් වී වදාළහ"


රවීෂ තිලකවර්ධන විසින් ලියන ලදුව බුකියෙන් උපුටාගත්තකි.



5 comments:

  1. මේක කලින් ගියපු එකක් නේද බං...

    ReplyDelete
  2. කලින් කියෙවුවා වගේ මතකයක් තියෙනවා...

    ReplyDelete
  3. █ මේ තියෙන්නේ අපේ අලුත්ම www.tinyurl.com/sinhalasyndi සිංහල Syndiya ඔයාගේ බ්ලොග් / වෙබ් සයිට් එකත් අදම එකතු කරන්න

    ReplyDelete