වෙලාව හවස එකහමාරට විතර. ක්ලාස් ඉවර වෙලා මම එලියට බහින්නෙ පට්ට මහන්සියෙන්. පරක්කු වෙලා ගෙදරින් ආපු හින්ද උදේට හරියට කෑවෙත් නෑ. පාන් පෙති දෙකක්ද කොහෙද කෑව වගෙ මතකයි. මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගෙ. දැනුනෙවත් නෑ. මොනව කරන්නද, මගෙම වැරැද්දනෙ. ඉන්ටවල් එකක් දුන්නෙ නැති හින්ද දවල්ට කාලත් නෑ. ඇසිඩ් වලට බඩ පිච්චෙනව දැනෙනව. මං වටපිට බලන්නෙ කඩයක් හොයන්න නෙමෙයි. නිකං පුරුද්දට වගෙ. පාර පැන්න ගමන්, මං ඉඳහිට යන කඩයක් තියෙනව. අද වගෙ දවස් වලට බීම එකක් එහෙම බොන්න කියාපු පොට් එක. ඒක පෙට්ටි කඩයක්. හැබැයි අර ලෑලි ගහල හදපු පෙට්ටි කඩයක් නෙමෙයි. “මෝටර්සයිකල් ට්‍රක්” එකක ගහපු පෙට්ටි කඩයක්.
ඔය කඩේ කරන්නෙ අවුරුදු හතළිහක විතර අන්කල් කෙනෙක්. මං ඉඳල හිටල යන හින්ද මාව අඳුරනව.මං පාර පැනල කඩේ පැත්තට යනව. ඇතුළට එබිල බැලුවට අන්කල් පේන්න නෑ. ඊට ටිකක් එහායින් තියෙන ත්‍රීවීල් පාක් එක දිහා බලන්නෙ ඒ හරියෙවත් මෑන් පේන්න ඉන්නවද බලන්න. ඔහෙ නෑ. ළඟකට ගියාද දන්නෙ නෑනෙ. ටිකක් ඉඳල බලනව. මං එතන තියෙන පුටු තුනෙන් එකක වාඩි වෙනව.“අයිය කඩේටද ආවෙ?”පොඩි එකෙක්. කවුද මූ. දැකලවත් නෑනෙ..“ආ ඔව් මල්ලි. ඔයාද අද කඩේ ඉන්නෙ?”“ඔව්නෙ. තාත්ත ගියා බඩු වගයක් ඕඩර් කරන්න”ආ.. කඩේ අන්කල්ගෙ පුතා.“මේ.. මට ස්මැක් එකක් දෙනවද? චොක්ලට් එකක්”මං සල්ලි දීල බීම බෝතලේ අරගෙන, අර පුටුවෙම වාඩිවෙලා ඒක බොන්න පටන් ගන්නව.ප්‍රශ්නයක්.“මල්ලි කොහෙද ඉස්කෝලෙ යන්නෙ?”මිනිහ මට කොළඹ ලොකු ඉස්කෝලෙක නමක් කියනව. මට හිතාගන්නවත් බෑ ඒ ඉස්කෝලෙ කොල්ලෙක් මෙච්චර පොළොවෙ පය ගහල ඉන්නව දැක්කම. ඌත් එක්ක චැටක් දාගෙන මම බීම එක බොනව. ත්‍රීවීල් පාක් එකේ සෙට් එක සද්දෙට කතා කරනව, හිනාවෙනව ඇහෙනව. කන පැලෙන්න දාපු මියුසික් එකකුත් ඇහෙනව.වෑන් එකක් ඇවිත් නවත්තනව පාර එහා පැත්තෙ. අවුරුදු පනහක විතර පිරිමි කෙනෙක් බැහැල කඩේ පැත්තට එනව.“කවුද කඩේ?”“ආ.. මොනවද අන්කල් ඕනෙ?”“ප්ලේන්ටි තියෙනවද?”“රුපියල් පහළොවයි”“එකක් දෙන්නකො”කොල්ල ටක ටක ගාල ප්ලේන්ටියක් ගහනව. ඒ අතරෙ අර මනුස්සය පර්ස් එක ඇදල, විස්සෙ කොළයක් දික් කරනව.“අන්කල්, මං ළඟ පහක් මාරු නෑනෙ”“ඒක හරි කතාවක්නෙ. මමද කඩේ කරන්නෙ? ඔයා ළඟ මාරු තියෙන්න එපැයි!”අන්කල්ගෙ සද්දෙ ටිකක් වැඩි වෙනව. ත්‍රීවීල් පාක් එකේ අයියල ටික එළියට බැහැල මේ පැත්ත බලනව. අන්කල් ඒ දිහාවට හැරෙනව.“බලන්නකො! මේක හරි කතාවක්නෙ. කඩේ කරන්නෙ එයා. මාරු නැහ්ලු!”නක්කල් හිනාවකුත් දානව. සෑහෙන්න හිතට අරගෙන.පොඩි එකා ප්ලේන්ටිය ගහන එක නවත්තල අන්කල් දිහා බලනව.“අන්කල් මාර මෝඩයිනෙ. දැන් මමද ප්ලේන්ටිය බොන්න ආවෙ, නැත්තං අන්කල්ද? අන්කල් මගෙ කඩේට ආව නං මොනව හරි ගන්න, අන්කල් දැනගන්න ඕනෙ ගානට සල්ලි දෙන්න. අන්කල් මට ගානට සල්ලි දුන්නම මං අන්කල්ට ඕනෙ බඩු ටික දෙනව. එහෙම නැත්තං වෙන කඩේකට යන්න”පොඩි එකා දිනුං. අන්කල් පරාදයි.අන්කල්ගෙ මූණ රතු වෙනව. ප්ලේන්ටිය උගුරට දෙකට බොනව. රුපියල් විස්ස කඩේ ඇතුළට විසි කරල, ඉතුරු සල්ලි ගන්නෙත් නැතුවම දුවල ගිහින් වෑන් එකට නගිනව. නෝන්ඩි වෙච්ච හින්ද වෙන්න ඇති, කෙළගෙන යන්න පිටත් වෙනව. වෑන් එක නොපෙනී යනකං ඉඳල මං කඩේ පැත්තට හැරෙනව. ත්‍රීවීල් අයියල ටිකත් එතනට ඇවිල්ල.“මිනිහ තව මොනව හරි කියාගෙන ආව නං අපි පොඩ්ඩක් කට දාන්න හිටියේ” එක්කෙනෙක් කියනව.“මොකක් හරි අවුලක් උනොත් එහෙම කියපං හරිද? උඹේ තාත්ත අපේ ෆිට් එකනෙ”උන් ටික ආපහු යනව.පොඩි එකාගෙ කට කනේ. මා දිහා බලල හෙනම අහිංසක හිනාවක් දානව.ඈත බස් එකක් එනව පේනව. හිස් බෝතලේ මං කඩේ ඇතුළෙන් තියනව.තවත් එකම එක ප්‍රශ්නයක් තියෙනව අහන්න.“මල්ලි කී වසරෙද?”“හතේ”මිනිහ ආයෙත් හිනාවෙනව. මටත් හිනායනව. සාමාන්‍යයෙන් පොළොවෙ පය ගහල ජීවත් නොවෙන උන් යන ඉස්කෝලෙකට යන මේ හත වසරෙ කොල්ල, අර අවුරුදු පනහක විතර අන්කල්ට ඇඩ්‍රස් නැති වෙන්න දීපු ටෝක් එක මතක් වෙනකොට හිනා නොයයිද?මං මිනිහගෙ පිටට තට්ටුවක් දාල, දුවගෙන ගිහින් බස් එකේ එල්ලෙනව.
ඔය කතාවම ඉස්මයිල්ගේ පුතා නවුශාද්, එහෙම නැත්තං වේලුගෙ පුතා සුබ්‍රමනියම් එක්ක වුනානං ..
ReplyDeleteනවුශාද්/සුබ්‍රමනියම් - අය්යො අංකල් ඕම ඉන්ඩ ඉන්දගෙන, මම චුක් ගාලා අර ත්‍රීවීල් අයියාගෙන් මාරු කොරං එනවා, හා ශරි ශරි. ඔහොම්ම ඉන්ඩ..
ඔව් එහෙම වෙන්න ඉඩ තිබුනා. හැබැයි ඒ අන්කල්ටත් ඒ දේම කරන්න පුළුවන්කම තිබුනා..
Deleteරසවත් කතාවක්.කොහොමටත් අද පොඩි එවුන් ඉදිරියෙන්
ReplyDeleteපහුගිය දවස් ටිකේ අපේ බ්ලොග් එක නිසා යකාගෙ ලේ පිච්චුනානෙ. ඔන්න මේ පාර එහෙම නොවෙන්න පෝස්ට් එකක් :P
Deleteදැන් ඉන්න පොඩි එවුන්ට හොදට මොළේ තියෙනවා..
ReplyDeleteහහා.. සිරාවට.. ඇත්තටම මමත් බලාපොරොත්තු උනේ නෑ ඔහොම කතාවක් අහන්න.
Delete