Monday, May 19, 2014

I Didn't Know You.

Remembering Camille Lepage.


“The death of a journalist is a cruel pain, like a piece of his own flesh being ripped off.

The death of a young journalist is even more painful: it is the suffering that removed a person who had the life ahead. A life of discoveries, stories, camaraderie, commitments and loves…
The death of a young talented journalist is an injustice: what law deprives us on his look, his words, his intelligence?”

Tuesday, April 1, 2014

පුණ්ණ තෙරුණ්ගේ කතාවස්තුව.

වර්ථමාන සිංහලබෞද්ධයාගේ හිතසුව පිණිස පළකරමි. කටට කුණුහරුප එන්නේ නම් ඒවා සභ්‍ය ලෙස පළකරන මෙන් ඉල්ලා සිටිමි. 


"දිනක් උන්වහන්සේ වෙත පැමිණි පුණ්ණ තෙරුන් වහන්සේ "යම් කිසි පෙදෙසකට ගොස් විවේකීව මහණ දම් පිරීම සඳහා මා හට කොටින් අවවාදයක් දෙන සේක්වායි" සැල කළ සේක

පුණ්ණ තෙරුන් වහන්සේට අවැසි අවවාද අනුශාසනා ලබා දුන් උන් වහන්සේ පුණ්ණය මේ අවවාද ලබා තෙපි විවේකීව විමසීමට කොහි යන්නෙහුදැයි විචාළ කල්හි, "ස්වාමිනී සුණාපරන්ත නම් ජනපදයක් ඇත, මම එහි යෙමී කීහ.

පුණ්ණය සුනාපරන්තයෝ දුෂ්ඨයෝය, නපුරෝය, පුණ්ණය එහිදී සුනාපරන්තයෝ තට දුෂ්ඨ වචනයෙන් බනිත් නම් කුමක් කරන්නේදැයි විචාළහ.

"ස්වාමීනී, ඉදින් සුනාපරන්තයෝ මට දුෂ්ඨ වචනයෙන් බනිත් නම් මොහු හොඳ මිනිස්සුය, බනින සැර කරන නමුත් මට අතින් පයින් නොගසතී සිතමී" පුණ්ණ තෙරණුවෝ සැළ කලහ

Monday, March 31, 2014

මේ වළෙන් ගොඩ එන්න ඉනිමඟක් පේනවද? එහෙනං දැන්ම පටන් ගනින් නගින්න!

ඡන්දෙත් ඉතිං ඉවරයි. ප්‍රතිඵලත් ආවා.

ආණ්ඩුවට ලැබිච්ච ඡන්ද ප්‍රතිශතය 2009 අවුරුද්දට සාපේක්ෂව තරමක් අඩු වෙලා කියල පේනවා. එක එක අය එක එක හේතු කියනවා, ඒත් මං නං හිතන්නෙ ඒක ටිකක් හොඳ ට්‍රෙන්ඩ් එකක්. මං අලියෙක් නෙමෙයි. ෆොන්සේකා-කාරයෙකුත් නෙමෙයි. ජෙප්පෙකුත් නෙමෙයි. මං පක්ෂයකට හේත්තු වෙලා නෑ. හැබැයි ඡන්ද ආණ්ඩුවෙන් පිට යන එකට කැමතියි. මොකද මේක හරි යන ක්‍රමයක් නෙමෙයි. ඒකයි මං කියන්නෙ මේක ටිකක් හොඳ ට්‍රෙන්ඩ් එකක් කියලා. හරියට කන්න අඳින්න නැතුව, අවශ්‍ය දෙයක් ගන්න, අවශ්‍ය ගමනක් යන්න අතේ සතේ නැතුව, ආශ්චර්ය බලා යන මේ හිස් ගමනේ කොතැනක හරි මිනිස්සුන්ට මොළේ පෑදෙන තැනක් තියෙන්නත් එපැයි.

Sunday, March 9, 2014

පබළු අමුනපු පිරිත් නූල්...

රජයේ අවවාදය : අවිචාරාත්මකව කෝපයට පත්වීම හෘදයාබාධ ඇතිකරයි.

'මිහිඳු හිමියන් මෙරටට බුදු සමය ගෙන එන අවධියේදී භාරතීය ථෙරවාදීන් අතර පිරිත් හෝ එයට සමාන ශාන්තිකර්ම විධි නොපැවති බව තහවුරු වන කරුණු අතර මිහිඳු පිරිස හෝ වෙනත් භික්ෂූන් පිරිත් කීමක් කළ බවට වාර්ථා නැතිවීම වැදගත්ය. ධර්මය වාචෝද්ගතව ඉදිරියට ගෙනයාමේ ක්‍රම මිස එය ශාන්තියට යොදාගැනීමක් ගැන එකල අදහස් ඉදිරිපත් වී නැති බව ඒ පිරිස විනය සංගීතියට යොමු වීමෙන්ම පෙනී යයි. '( පි‍ටුව 274 )
'...පිරිත් කීම ථෙරවාදීන් අතර දියුණු වී ගියද එය වෛතුල්‍යවාදී මාර්ගයට අනුගතව සංවර්ධනය වූ මුල් බුදුසමයේ ඉගැන්වීම් වලට එකඟ නොවන පශ්චාත්කාලීන චාරිත්‍ර විධියක් බව නිගමනය කළ හැකිය.' ( පි‍ටුව 278 )
                                                   ආචාර්ය ගැමුණු සිරි ගමගේ ( පිරිතෙහි පරිණාමය, දෙවන මුද්‍රණය, 2009 )

Sunday, March 2, 2014

සිහින වෙළෙන්දෙක්!

අහල තියෙනවද මං ගැන? අහල නැතුවට උඹ දන්නව මං ගැන. මං වෙළෙන්දෙක්. පාට පාට සිහින විකුණන වෙළෙන්දෙක්. සිහින වෙළෙන්දෙක්!

මගෙ ළඟ තියෙනවා අර අම්මට හරියන හීන, අර සීයට හරියන හීන. බස් පෝළිමේ ඉන්න ගාමන්ට් නංගිට හරියන හීන, පිකට් කරන කැම්පස් කොල්ලට හරියන හීන.  ඇයි ඇයි, අර ටීචර්ට, මේ කඩල අන්කල්ට, වනාතෙ ලොක්කට ගැලපෙන හීන?

Thursday, February 20, 2014

Wednesday, February 19, 2014

පොඩි එකා, ප්ලේන්ටිය සහ අන්කල් : "අන්කල් මාර මෝඩයිනෙ. දැන් මමද ප්ලේන්ටිය බොන්න ආවෙ, නැත්තං අන්කල්ද?"


වෙලාව හවස එකහමාරට විතර. ක්ලාස් ඉවර වෙලා මම එලියට බහින්නෙ පට්ට මහන්සියෙන්. පරක්කු වෙලා ගෙදරින් ආපු හින්ද උදේට හරියට කෑවෙත් නෑ. පාන් පෙති දෙකක්ද කොහෙද කෑව වගෙ මතකයි. මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගෙ. දැනුනෙවත් නෑ. මොනව කරන්නද, මගෙම වැරැද්දනෙ. ඉන්ටවල් එකක් දුන්නෙ නැති හින්ද දවල්ට කාලත් නෑ. ඇසිඩ් වලට බඩ පිච්චෙනව දැනෙනව. මං වටපිට බලන්නෙ කඩයක් හොයන්න නෙමෙයි. නිකං පුරුද්දට වගෙ. පාර පැන්න ගමන්, මං ඉඳහිට යන කඩයක් තියෙනව. අද වගෙ දවස් වලට බීම එකක් එහෙම බොන්න කියාපු පොට් එක. ඒක පෙට්ටි කඩයක්. හැබැයි අර ලෑලි ගහල හදපු පෙට්ටි කඩයක් නෙමෙයි. “මෝටර්සයිකල් ට්‍රක්” එකක ගහපු පෙට්ටි කඩයක්.