1.
මං බස් එකක යනව. හිටගෙන. වාඩිවෙන්න ඉඩ
නෑ. මට පේනව ඉස්සරහම තියෙන “පූජ්‍ය පක්ෂයට” සීට් එකේ මැදිවියේ මුස්ලිම් ජෝඩුවක් වාඩිවෙලා
ඉන්න හැටි. අවුලක් නෑ. හාමුදුරු කෙනෙක්වත්, ෆාදර් කෙනෙක්වත්, කවුරුවත් නෑනෙ. ඔහොම
ටික දුරක් යනව. එක හෝල්ට් එකක නැවැත්තුවහම හාමුදුරු කෙනෙක් බස් එකට නගිනව. වයස
පෙනුමයි. “අවුරුදු හැත්තෑවක් විතර ඇති,” මං හිතනව. බස් එකට නගිනකොටම උන්වහන්සේ
දිහා බලන අර ජෝඩුව, නොදැක්ක වගේ ජනේලෙන් එළිය බලාගෙන ඉන්නව. කොන්දොස්තර ඇවිත් සීට්
එක හාමුදුරුවන්ට දෙන්න කියනව. “ඇයි අපි මුස්ලිම්ලා හින්දද?” උන් අහනව.
වටේ ඉන්න මිනිස්සුන්ගෙ කේන්තිය ඇස් වලින් පේන්න පටන් ගන්නව. ටක් ගාල ප්‍රශ්නෙට මැදිහත් වෙන හාමුදුරුවො, කට්ටියව සන්සුන් කරල පැත්තකට වෙනව. “සීට් එකක් නිසා ගහ මරා ගන්න ඕනෙද?” උන්වහන්සේ අහනව. “අපට පයින් ගිහින්, හිටගෙන ඉඳල හොඳට පුරුදුයි මහත්තයෝ”, උන්වහන්සේගේ මූණේ තියෙන්නෙ කාරුණික හිනාවක්. පැත්තක ඉන්න මනුස්සයෙක් හාමුදුරුවන්ට සීට් එකක් දෙනව. ඒත් අරුන් දෙන්නට නං ගානක්වත් නෑ.
වටේ ඉන්න මිනිස්සුන්ගෙ කේන්තිය ඇස් වලින් පේන්න පටන් ගන්නව. ටක් ගාල ප්‍රශ්නෙට මැදිහත් වෙන හාමුදුරුවො, කට්ටියව සන්සුන් කරල පැත්තකට වෙනව. “සීට් එකක් නිසා ගහ මරා ගන්න ඕනෙද?” උන්වහන්සේ අහනව. “අපට පයින් ගිහින්, හිටගෙන ඉඳල හොඳට පුරුදුයි මහත්තයෝ”, උන්වහන්සේගේ මූණේ තියෙන්නෙ කාරුණික හිනාවක්. පැත්තක ඉන්න මනුස්සයෙක් හාමුදුරුවන්ට සීට් එකක් දෙනව. ඒත් අරුන් දෙන්නට නං ගානක්වත් නෑ.
2.
මං බෙහෙත් ගන්න ගිහින්, නොමබරයක් අරගෙන
වාඩිවෙලා ඉන්නව. මට ඉස්සරහ සීට් පේළියේ ඉන්නව සිංහල කියල හිතන්න පුලුවන් විදිහෙ ගෑණු
කෙනෙක්. එයාට දකුණු පැත්තෙ සීට් දෙකක් හිස්. තමන්ගේ පොඩි ළමයට බෙහෙත් ගන්න එන
මුස්ලිම් අම්ම කෙනෙක් මේ සීට් දෙකෙන් එකක වාඩිවෙලා, අනිත් එකේ ළමයව තියාගන්නව. ඈ
දිහා පිළිකුල් සහගත බැල්මක් දාන සිංහල ගෑණු කෙනා, නැගිටල ගිහින් වෙන සීට් එකක
වාඩිවෙනව. මං ඉන්න පේළියේ ඉන්නෙ මං විතරයි. මුස්ලිම් අම්ම වටපිට බලනව. පිටිපස්ස
හැරුණම මම දකිනව ඇගේ මූණේ තියෙන අසරණකම. මම ඈත් එක්ක හිනාවෙනව. සංගීතය, චිත්‍ර,
නැටුම් වගේම සිනහව කියන්නෙත් විශ්ව භාෂාව. සිනහව කියන්නෙ සාමයේ භාෂාව. ඇගේ අසරණ
පෙනුම මොහොතකට නැති වෙලා ගිහින් ඈත් මා සමඟ හිනාවෙනව. ඈ ඉස්සරහට හැරිල ඇගේ පොඩි
එකාව තුරුළු කරගන්නව. ටිකකින් ආපහු පිටිපස්සට හැරෙන ඈ, වෙලාව අහන්න වගේ මගේ
ඔරලෝසුව දිහා බලනව. මම අත උස්සල ඔරලෝසුව පෙන්නනව. ඇගේ ඇස් වල දිලිසෙමින් තියෙන
කඳුළු මට පේනව. මම ඈ සමඟ ආයෙත් හිනාවෙනව.
3.
වැස්ස දවසක මං බස් එකක යනව. ජනේලයක් ගාව
සීට් එකක වාඩිවෙලා. හොඳටම වැස්ස. මට පේනව ඈත තෙමි තෙමී ඉන්න දෙන්නෙක්ව. කළු ලෝගුව
වගේ ඇඳුම ඇඳගත්ත මුස්ලිම් ගෑණු කෙනෙකුයි ඇගේ ළමයයි. දෙන්නම සෑහෙන්න තෙමෙනව. කඩේක
පිලකට වෙලා ඉන්නෙ. ඒත් තෙමෙන එකේ අඩුවක් නෑ. මම දැකල තියෙනව වැස්සට අහු උනාම
තමන්ගේ කමිසය ගලවල ළමයට පෙරවන තාත්තල. පිළිකාවක් නිසා ඔලුවේ බැඳගෙන ඉන්න රෙදි
කෑල්ල ගලවල, ළමයව වැස්සෙන් බේරන අම්මල. ඒත් මේ අම්මට ඇගේ ඔලුව වහගෙන ඉන්න රෙද්දෙන්
ළමයව වහන්න බෑ. ඇගේ ආගමෙන් ඈව හිර කරල. බස් එකේ ඉන්න හැමෝම මේ දෙන්න දිහා බලාගෙන
ඉන්නෙ. බස් එක ඔවුන් පාස් කරනවත් එක්කම මොකද්ද එකක් වීසි වෙලා ගිහින් අර මුස්ලිම්
ගෑණු කෙනාගේ ඇඟේ හැපිල බිමට වැටෙනව. කුඩයක්. ඉස්සරහ සීට් එකක වාඩිවෙලා ඉන්න අක්ක
කෙනෙක් එයාගෙ කුඩේ වීසි කරල. ඔක්කොම සිද්ධ වෙන්න තත්පර ගානයි යන්නෙ. අපි ආපහු
හැරිල අර අම්මයි, ළමයයි දිහා බලනව. ඒ දෙන්න කුඩේ දිග අරින ගමන් අපට අත වනනවා පේනව.
4.
මං අලුතින් පටන් ගන්න ක්ලාස් එකකට යනව.
මගෙ පළවෙනි දවස. යනකොට පරක්කු වෙලා. ඉඩ තියෙන්නෙ පිටිපස්සෙම පේළියේ විතරයි.
හිස්වෙලා තියෙන පුටුවෙන් වාඩිවෙනව. එහාපැත්තෙ පුටුවෙ මුස්ලිම් කෙල්ලෙක්. මං ඈ දිහා
බලන්නෙත් නෑ, ඈ මා දිහා බලන්නෙත් නෑ. බලල වැඩකුත් නෑනෙ. මට හොඳටම හෙම්බිරිස්සාව. A/C එක වැඩිකමට මට කැස්සක් හැදෙනව. දරුණු කැස්සක්. නවත්තගන්න බෑ. මම ලේන්සුවෙන්
කට වහගෙන, ඇස් දෙකත් පියාගෙන, කහින්නේ නැතුව ඉන්න ට්‍රයි කරනව. ඒ අතරෙ කවුදෝ මගෙ
උරහිස්සට තට්ටු කරනව. අර මුස්ලිම් කෙල්ල. එයාගෙ වතුර බෝතලේ අරගෙන, ඒක මට දෙන්න
තමයි තට්ටු කරන්නෙ. මට කතා කරගන්නවත් බෑ. මං ඈ දිහා බලල ඔලුව වනල ඒක අරගන්නව. ඈ
මාත් එක්ක හිනාවෙනව.
පසු සටහන:
මේ අසම්පූර්ණ
අත්දැකීම් හතරක් පමණක්මය. කිසිමාකාරයකට අර්ථකථනය කර නම් නැති.
උඹ කියන්නෙ ඇත්ත මචන් සම්පූර්ණ ඇත්ත මොන ආගමේ කවුරු උනත් හැසිරෙන විදිහට තමයි මණුස්සකම තීරණය වෙන්නෙ
ReplyDeleteඔව්. බුදු හාමුදුරුවොත් දේශනා කළේ එකමනේ.
Deleteහැබැයි ඉතිං කෙනෙක්ගේ මනුස්සකමට හරි, ඒ මනුස්සකම පාවිච්චි කිරීමට හරි ආගමෙන් තහංචි දාල තියෙන එක අපරාදේ.
කොහොම හරි, සතුටුයි සහෝදරයා මේ පැත්තෙ ආව එකට. Follow පාරක් දාලා අයෙත් පුලු පුලුවන් වෙලාවට එන්න :)
ආගම නෙමෙයි වැදගත්.. මනුස්සකමයි හැසිරීමයි වටින්නේ..
ReplyDeleteඇත්ත. ඒත් අපේ ඇත්තෝ ඕක පටලගෙනනේ ඉන්නෙ.. අපරාදේ..
Deleteඅද තමයි මේ පැත්තේ ආවේ මල්ලි.. බ්ලොග් එක සිරා !!
ReplyDeleteබොහොම සතුටුයි ආවට. ස්තූතියි :)
Deleteආයෙත් එන්න..
මට නං අත්දැකීම් වල සම්පුර්ණ බවක් මිසක් අසම්පූර්ණ බවක් පේන්න නෑ. :)
ReplyDeleteඅසම්පූර්ණයි කිව්වෙ වෙන මොකවත් හින්ද නෙමෙයි, අත්දැකීම් අර්ථකථනය කරල නැති නිසා. අර්ථකථනය කරන්න ගියාම හරි කරදරයි. රටේ නැති ප්‍රශ්න. ඔහොමම තිබිච්චාවේ :)
Deleteබ්ලොග් එක නියමයි! (Y)
ReplyDeleteබොහොම ස්තූතියි :)
Deleteකිසිමාකාරයකට අර්ථකථනය කර නම් නැති වෙනුවට නියාමයාකාරයෙන් අර්ථකථනය කර ඇත, කියල කියන්න පුළුවන් සොනික්.
ReplyDeleteහැම ආගමේම කොනක් අල්ලගත්ත එවුන් ඉන්නවා. උන්ට තමා ලොකුම අධෝ අමාරු තියෙන්නේ.