Thursday, February 20, 2014

Wednesday, February 19, 2014

පොඩි එකා, ප්ලේන්ටිය සහ අන්කල් : "අන්කල් මාර මෝඩයිනෙ. දැන් මමද ප්ලේන්ටිය බොන්න ආවෙ, නැත්තං අන්කල්ද?"


වෙලාව හවස එකහමාරට විතර. ක්ලාස් ඉවර වෙලා මම එලියට බහින්නෙ පට්ට මහන්සියෙන්. පරක්කු වෙලා ගෙදරින් ආපු හින්ද උදේට හරියට කෑවෙත් නෑ. පාන් පෙති දෙකක්ද කොහෙද කෑව වගෙ මතකයි. මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගෙ. දැනුනෙවත් නෑ. මොනව කරන්නද, මගෙම වැරැද්දනෙ. ඉන්ටවල් එකක් දුන්නෙ නැති හින්ද දවල්ට කාලත් නෑ. ඇසිඩ් වලට බඩ පිච්චෙනව දැනෙනව. මං වටපිට බලන්නෙ කඩයක් හොයන්න නෙමෙයි. නිකං පුරුද්දට වගෙ. පාර පැන්න ගමන්, මං ඉඳහිට යන කඩයක් තියෙනව. අද වගෙ දවස් වලට බීම එකක් එහෙම බොන්න කියාපු පොට් එක. ඒක පෙට්ටි කඩයක්. හැබැයි අර ලෑලි ගහල හදපු පෙට්ටි කඩයක් නෙමෙයි. “මෝටර්සයිකල් ට්‍රක්” එකක ගහපු පෙට්ටි කඩයක්.

Monday, February 17, 2014

ගබ්සාව නීතිගත කළ යුතුද? නැතිද?

මා මේ ලියන්නට යන ලිපිය හිතක් පපුවක් නැති ලිපියක් වීමට ඉඩ ඇත.  සුචරිතවාදීන් හා ඊනියා අවිහිංසාවාදීන් මෙය කියවීමෙන් වළකින්න.

වර්තමානයේදීත් ශ්‍රී ලංකාවේ නීති පද්ධතියේ පවතින නීති බොහොමයක් යටත් විජිත සමයේ බ්‍රිතාන්‍යයින් විසින් නිර්මාණය කළ නීතිම වේ. බොහොමයක් නීති කාලයට හා සමාජයට නොගැලපෙනවා වුවද ඒවා වෙනස්කිරීමේ සූදානමක් තවමත් බලධාරීන් සතුව නොමැත. බ්‍රිතාන්‍යය විසින් මෙම නීති තම රටේදී බොහෝ කලකට පෙර වෙනස් කළත් ශ්‍රී ලංකාවෙ තවමත් පවතින්නේ ඔවුන්ගේ වික්ටෝරියානු නීති පද්ධතියයි.

Thursday, February 13, 2014

හරක් වෙනුවෙන්...රෙද්ද!

යකෝ මේක යකාගෙ රටක්නෙ! මනුස්සයෙක් වෙලා ඉපදුනාට වඩා හොඳයි හරකෙක් වෙලා ඉපදුනා නම්! හරකෙක් වෙන්න ඉගෙනගන්න degree එහෙම නැද්ද මේ රටේ? එහෙම degree තියෙන රටක් තියෙනවනම් හොයන් යන්න පවා කැමතියි මම. ඇයි හත්තිලවුවේ මේව තවත් බලන් හිටියැහැකිද?

ලංකාව මේ දවස්වල අලුත්ම trend දෙකක් තියෙනවා.
                          01. අපේ මුතුන්මිත්තන් ලේ කඳුළු හෙලා ගොඩනගා ‍රැකදුන් දේශය පර හම්බයින්ගෙන් හා හැඩි දෙමළුන්ගෙන් ගලවාගැනීම උදෙසා සටන් කිරීම.

Monday, February 10, 2014

ඇය: සතියකට පසු.

"ඇය තම ජීවිතයෙන් පළි ගත්තේ ප්‍රින්සිපල් සර් දුන් අවවාදය නිසාද? නැතිනං ඈ පොඩි දේටත් කලකිරුනු නිසාද?
කෙසේවෙතත් ඇයගේ මරණය පිළිබඳ විධිමත් පරීක්ශනයක් පවත්වන ලෙස ඉල්ලා එම නගරවාසීන් පොලීසියට එරෙහිව සහ පාසල් විදුහල්පතිට එරෙහිව මාරාන්තික උපවාසයක් දියත් කොට තිබේ."
ලංකාවෙ මිනිස්සුන්ට සතියකට අඩුම වශයෙන් එක සැරයක් වත් කුමන හෝ වේවා සිද්ධියක් අල්ල ගෙන පෙළපාලියක්, මාරාන්තික උපවාසයක් නොකොලොත්, උදේට නැගිට කැඳ බිව්වා වගේලු. (ඇත්ත තමා ඉතිං. වෙන්දට කිරි පිටි බිව්ව එකාට බොන්න වෙලා තියෙන්නෙ කැඳනෙ. කන්නෙ කරවිල නෙ.)

Saturday, February 1, 2014

"ඔය තරම් පොඩි වයසෙන් මහණ වෙන්න ලැබිච්ච එක කොච්චර පිනක්ද?" "ඇහ්??!?"

ලංකාවෙ තරම් දේශපාලන අරමුණු සඳහා කුඩා දරුවන් විකුණාගෙන කන රටක් මම මීට පෙර දැක නැත. ලංකාවෙ දේශපාලකයින්ට, ළමාරක්ශණ අධිකාරියට ළමයින් මතක්වෙන්නේ එක්කෝ ඡන්දයක් ලඟ ඇති විටය. නැත්නම් ළමා දිනේටය. රට වටේ ඇවිදින ආඩම්බරකාර තාත්තලා හා සමාගම ළමයින්ව වඩාගෙන උන්ගේ අම්මලාවත් සිපගැනීමෙන් මුළු රටටම ළමා හා කාන්තා ප්‍රශ්න අමතක කරවනු ලබයි. "අනේ.. දැක්කද එතුමාලා ළමයි ගැන කොච්චර හිතනවද කියලා?"

අද මේ ලියන්නට යන්නේ ඒ පිළිබඳව නොවේ. නමුත් ඒ හා ළඟින් යන සිදුවීමක් ගැන යැයි කිව හැක.