Showing posts with label Politics. Show all posts
Showing posts with label Politics. Show all posts

Monday, March 31, 2014

මේ වළෙන් ගොඩ එන්න ඉනිමඟක් පේනවද? එහෙනං දැන්ම පටන් ගනින් නගින්න!

ඡන්දෙත් ඉතිං ඉවරයි. ප්‍රතිඵලත් ආවා.

ආණ්ඩුවට ලැබිච්ච ඡන්ද ප්‍රතිශතය 2009 අවුරුද්දට සාපේක්ෂව තරමක් අඩු වෙලා කියල පේනවා. එක එක අය එක එක හේතු කියනවා, ඒත් මං නං හිතන්නෙ ඒක ටිකක් හොඳ ට්‍රෙන්ඩ් එකක්. මං අලියෙක් නෙමෙයි. ෆොන්සේකා-කාරයෙකුත් නෙමෙයි. ජෙප්පෙකුත් නෙමෙයි. මං පක්ෂයකට හේත්තු වෙලා නෑ. හැබැයි ඡන්ද ආණ්ඩුවෙන් පිට යන එකට කැමතියි. මොකද මේක හරි යන ක්‍රමයක් නෙමෙයි. ඒකයි මං කියන්නෙ මේක ටිකක් හොඳ ට්‍රෙන්ඩ් එකක් කියලා. හරියට කන්න අඳින්න නැතුව, අවශ්‍ය දෙයක් ගන්න, අවශ්‍ය ගමනක් යන්න අතේ සතේ නැතුව, ආශ්චර්ය බලා යන මේ හිස් ගමනේ කොතැනක හරි මිනිස්සුන්ට මොළේ පෑදෙන තැනක් තියෙන්නත් එපැයි.

Sunday, March 2, 2014

සිහින වෙළෙන්දෙක්!

අහල තියෙනවද මං ගැන? අහල නැතුවට උඹ දන්නව මං ගැන. මං වෙළෙන්දෙක්. පාට පාට සිහින විකුණන වෙළෙන්දෙක්. සිහින වෙළෙන්දෙක්!

මගෙ ළඟ තියෙනවා අර අම්මට හරියන හීන, අර සීයට හරියන හීන. බස් පෝළිමේ ඉන්න ගාමන්ට් නංගිට හරියන හීන, පිකට් කරන කැම්පස් කොල්ලට හරියන හීන.  ඇයි ඇයි, අර ටීචර්ට, මේ කඩල අන්කල්ට, වනාතෙ ලොක්කට ගැලපෙන හීන?

Monday, February 10, 2014

ඇය: සතියකට පසු.

"ඇය තම ජීවිතයෙන් පළි ගත්තේ ප්‍රින්සිපල් සර් දුන් අවවාදය නිසාද? නැතිනං ඈ පොඩි දේටත් කලකිරුනු නිසාද?
කෙසේවෙතත් ඇයගේ මරණය පිළිබඳ විධිමත් පරීක්ශනයක් පවත්වන ලෙස ඉල්ලා එම නගරවාසීන් පොලීසියට එරෙහිව සහ පාසල් විදුහල්පතිට එරෙහිව මාරාන්තික උපවාසයක් දියත් කොට තිබේ."
ලංකාවෙ මිනිස්සුන්ට සතියකට අඩුම වශයෙන් එක සැරයක් වත් කුමන හෝ වේවා සිද්ධියක් අල්ල ගෙන පෙළපාලියක්, මාරාන්තික උපවාසයක් නොකොලොත්, උදේට නැගිට කැඳ බිව්වා වගේලු. (ඇත්ත තමා ඉතිං. වෙන්දට කිරි පිටි බිව්ව එකාට බොන්න වෙලා තියෙන්නෙ කැඳනෙ. කන්නෙ කරවිල නෙ.)

Saturday, February 1, 2014

"ඔය තරම් පොඩි වයසෙන් මහණ වෙන්න ලැබිච්ච එක කොච්චර පිනක්ද?" "ඇහ්??!?"

ලංකාවෙ තරම් දේශපාලන අරමුණු සඳහා කුඩා දරුවන් විකුණාගෙන කන රටක් මම මීට පෙර දැක නැත. ලංකාවෙ දේශපාලකයින්ට, ළමාරක්ශණ අධිකාරියට ළමයින් මතක්වෙන්නේ එක්කෝ ඡන්දයක් ලඟ ඇති විටය. නැත්නම් ළමා දිනේටය. රට වටේ ඇවිදින ආඩම්බරකාර තාත්තලා හා සමාගම ළමයින්ව වඩාගෙන උන්ගේ අම්මලාවත් සිපගැනීමෙන් මුළු රටටම ළමා හා කාන්තා ප්‍රශ්න අමතක කරවනු ලබයි. "අනේ.. දැක්කද එතුමාලා ළමයි ගැන කොච්චර හිතනවද කියලා?"

අද මේ ලියන්නට යන්නේ ඒ පිළිබඳව නොවේ. නමුත් ඒ හා ළඟින් යන සිදුවීමක් ගැන යැයි කිව හැක.

Friday, January 31, 2014

"ගයේෂා අක්කීට ආදරෙන් ලියමි.."


ගයේෂා අක්කීට ආදරෙන්ය...

ඔයාගේ සැප දුක කොහොමද කියා අහන්නට හිතෙනවාය. ඒත් අසා වැඩක් නෑ ය. සෑහෙන්න නෝන්ඩි වී ශේපට ගෙදරට වෙලා ඉන්න අක්කිට මොන සැපක්ද කියා හිතෙනවාය. අක්කී.. මේ ලියුම කොහෙන් පටන් ගන්නද කියා හිතාගන්නවත් බෑ ය. ඔයාට කියන්න එච්චරටම දේවල් තියෙනවාය.

අක්කී හරිම ලස්සනය. මලක් වගේය. ගඳ ගහන මලක්ද කොහෙද කියා අපේ අක්කා නං කියනවාය. ඒක අහනකොට මට එකසිය ගානට මළ පනිනවාය. අපේ අක්කා, අක්කීට ඉරිසියාවද කොහෙද ය. බියුටි කචල් කුයීන් තරඟ දිනලා නැති හින්දා වෙන්න ඇති ය. හ්ම්ම්.. ඒකෙන් වැඩක් නෑ ය. වෙන කියන්න දේවල් තියෙනවාය.

Wednesday, November 20, 2013

කොළඹ කාක්කො සහ අපේ මිනිස්සුන්ගෙ ඇනලොග් මානසිකත්වය.

"කාක් කාක්! මල්ලී ඇප්ලිකේස්න් පෝම්ද? පොටෝද? කාක් කාක් කාක්! ඕක පුරෝගන්න නේද මල්ලී? එන්ඩ මේ පැත්තෙන්! කාක් කාක්!"

පුංචි බොරැල්ලෙ පාස්පෝට් ඔෆිස් පැත්තට අපි ගියේ ඇත්තටම රට යන්න බලා ගෙන නෙවෙයි. නිකං වෙනස් වෙන කොළඹ වටේ රස්තියාදු පාරක් දාන්න.
(රස්තියාදු කිව්වහම ඕං වැරදි විඳිහට හිතන්න එපා)

"බලපන් උඹ මාව ඇදං ආපු අපාය! යකෝ කොටුව හොඳයි ඕයි මේ කාක් කූඩුවට වඩා."

Tuesday, September 24, 2013

කෝපරේට් ලෝකය.


දඩාස්!
උදේ පාන්දර නැගිටින්නෙ ඇඳ උඩ නෙවෙයි ඇඳෙන් බිම වැටුනහම. එලාම් එක බල්ලට ගියාවේ. දැනටත් පරක්කුයි.

අම්මා උදේ පාන්දරම හදල දුන්න දුං දාන කෑම කාලා කටත් පුච්චා ගත්තා. අවුලක් නෑ  දත් මදිනකොට හරි යයි. කැතරිනා පරාදයි මම නාලා කරලා, ඇඳුම් ඇඳලා, සපත්තු දාලා ලෑස්ති වෙන වේගෙට. කොහොම කොහොම හරි අම්මටවත් වඳින්නෙ නැතිව, ගෙයිං එළියට පැනල බස් එකක එල්ලුනා.

"අයිසේ වට් බ්ලඩි ට්රැෆික්!" වටිං ගොඩිං මට ඇහෙනවා.
කාර් එකක් ගන්නකල් විතරයි. ඊට පස්සෙ යතෑකිනෙ පුක කෑඩිච්ච කඩියා වගේ.

Monday, August 26, 2013

"ජාත්‍යාතල්" ( සිංහල;ක්‍රියා නාම)- [ජාත්.යා.තල්] - තම ජාතිය පිට නැගී ආතල් ගැනීම

"හලාල්... හම්බයා... මමමයි ගස් බැඳගත්තෙ... බොදු බල සේනා... එටිසලාට්... නොලිමිට් යන්නෙපා ඕයි!... තම්බි තම්බි... හලාල්... මට මතක නෑනෙ!... කැසිනෝ... නොලිමිට් ටොපි... ළමයි හදපල්ල ළමයි හදපල්ලා... ගිනිතියාගන්නව හරිද??... බිත්තර බෞද්ධ... CIB... -සිනාසී වයාලා දිවි ගීතේ-... රාවණාගෙ උමග... කන්ගැට්ටා... දෙදාස් පන්සීයෙන් මාසයක් ජීවත් වුනෑකි... අලුත් දියකඩනයක්... සජින් වාස්ස්ස්ස්ස්ස්ස්ස්..... නූරිවත්ත... එන්ජීඕ... චැනල් ෆෝර්...