Thursday, February 13, 2014

හරක් වෙනුවෙන්...රෙද්ද!

යකෝ මේක යකාගෙ රටක්නෙ! මනුස්සයෙක් වෙලා ඉපදුනාට වඩා හොඳයි හරකෙක් වෙලා ඉපදුනා නම්! හරකෙක් වෙන්න ඉගෙනගන්න degree එහෙම නැද්ද මේ රටේ? එහෙම degree තියෙන රටක් තියෙනවනම් හොයන් යන්න පවා කැමතියි මම. ඇයි හත්තිලවුවේ මේව තවත් බලන් හිටියැහැකිද?

ලංකාව මේ දවස්වල අලුත්ම trend දෙකක් තියෙනවා.
                          01. අපේ මුතුන්මිත්තන් ලේ කඳුළු හෙලා ගොඩනගා ‍රැකදුන් දේශය පර හම්බයින්ගෙන් හා හැඩි දෙමළුන්ගෙන් ගලවාගැනීම උදෙසා සටන් කිරීම.

(මේ සඳහා "මේක බෞද්ධ රට ඩෝ!", "මේ අපේ ඩර්මෙ යකෝ!", "තොපිට ඕව කවදහරි තේරෙයි" වැනි පාඨ අසභ්‍ය වදන් හා මිශ්‍රකොට නිරාගමික, සර්වාගමික හා NGO බත්බැල ආදීන්ට සමසේ බෙදාදිය යුතුය)
                         02. හරක් වෙනුවෙන් ගිනිතබාගැනීම.
( මේ සඳහා ගිනිතබාගැනීමට දවසකට කලින් මාධ්‍ය ආයතනයකට දැනුම් දිය යුතුය)

ඔබ වියෙට්නාමෙ හිමිනමක් ප්‍රසිද්ධියෙ සිය සිරුරට ගිනිතියාගෙන අපවත් වුන බව අහල ඇති. උන්නාන්සෙ තමන්ටම ගිනිතියාගත්තෙ ඇමරිකන් ගැති දකුණු වියෙට්නාම් ආණ්ඩුව බෞද්ධ හිමිවරුන්ව ඝාතනය කිරීමට විරෝධය පෑමක් වශයෙන්. ඒකෙන් වියෙට්නාමයෙ අපරාධ කෙරෙහි ලෝකයාගෙ ඇස් ඇරුනා. ඒත් අපේ උන්නාන්සෙල කොරන්නෙ හරක් වෙනුවෙන් ගිනිතියාගන්න එක. රටේ මෙච්චර මිනිස්සු අසරණ වෙලා ඉඳිද්දි හරක් වෙනුවෙන් ගිනිතියාගන්න එක! පළමු සිදුවීම සංවේගය හා උන්වහන්සේ කෙරෙහි ගෞරවය වඩවනවා වුනාට දෙවැනි සිදුවීම? මටනම් උපදවන්නෙ හාස්‍යය.

අන්න දැන් තවත් උන්නාන්සෙලා 499කුයි ගිහි පිරිසකුයිත් සූදානම්ලු ගව ඝාතනය රටෙන් තුරන්කරන්න 'දිවිපුදන්න'.  පෙරේදා දළදා මාළිගාව ලඟින් පාගමනකුත් ගියා (සංවිධානය හා අනුග්‍රහය : අහවල් රාවය සංවිධානය)

                                                               'දිවිපුදන්න'

රෙද්ද! රටේ අහිංසක මිනිස්සුන්ව දවස ගානෙ මරල දානවා. පුංචි දරුවො, වයසක අම්මල දූෂණය කරනවා. මිනිස්සුන්ට කන්න බොන්න නෑ. ආණ්ඩුවෙ මහ එකාගෙ ඉඳල පොඩි එකා වෙනකන්ම රටේ මිනිස්සුන්ව හූරගෙන කනවා. ගොවියො ණය ගෙවාගන්න බැරුව සියදිවිනසාගන්නවා. නායකයො ජාතිවාදෙ අවුලවන්න හදනවා.යුද්ධෙන් අනාතවුනු සමහර මිනිස්සු තවමත් කඳවුරු වල. උන්ගෙ ඉඩම් ආණ්ඩුවෙන් බහුජාතික සමාගම් වලට දීලා. ළමයින්ට ඉස්කෝල නෑ. ඉස්කෝල තිබ්බත් ඉස්කෝලෙ යන්න සල්ලි නෑ. රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි මේ පිස්සු හැත්ත හරක් වෙනුවෙන් ගිනිතියාගන්නව! ලංකාව දිහා බලන් ඉන්න රටවල්වල මිනිස්සු හිතනව ඇති ලංකාව ගිනිදෙවියො පුදන රටක් කියලා. මිනිස්සු වුනාම යම් යම් දේවල් ගැන කැපකිරීම් කරන්න ඕනෙ තමයි. නමුත් ඕනෙ දේටයි එපා දේටයි හැම රෙද්දකටම  පැනගෙන දෙන්න ගියාම ඒ කරන දේ අගයක් නැතිවෙන බවත් මේ උන්නාන්සෙලා තේරුම්ගන්න ඕනෙ. උන්නාන්සෙලට වඳින පුදන, උන්නාන්සෙලව අනුගමනය කරන ගොන්වහන්සෙලත් තේරුම්ගන්න ඕනෙ. රටේ අනන්තවත් වැදගත් ප්‍රශ්න තියෙද්දි වැඩකට නැති සුළු දේවල් වෙනුවෙන් නහින්න හදනවා.හරියට ගේ ගිනි අරන් තියෙද්දි දර මඩුවෙ ගිනි නිවන්න ගියා වගේ.  මේ උන්නාන්සෙලා බුදුන්වහන්සෙගෙ කාලෙ හිටියනම් පන්සල එහාපැත්තෙ තිබ්බ චුන්ද සූකරගෙ මස් මඩුව ඉස්සරහ ගිනිතියාගෙන, බුදුහාමුදුරුවන්ටත් ගිනිතියලා!



12 comments:

  1. නියමයි.. ! අනර්ඝයි ..

    ReplyDelete
  2. මම මේ බ්ලොග් එක ටික කාලෙක ඉඳන් කි‍යවන එකෙක්. ඒත් දැන් මම එන්නෙ Dante ගෙ‍යි Sonic ගෙයි පෝස්ට් කියවන්න විතරයි. දැන් Manoratha හැමතිස්සෙම කරන්නේ බුද්ධාගමටයි හාමුදුරුවන්ටයි අපහාස කරන එක විතරනේ. අපරාදෙ හොඳ පට්ට රැඩිකල් බ්ලොග් එකක් නාස්ති වෙනවා. දුකයි.

    ReplyDelete
    Replies
    1. මෙතන බුදුදහමට අපහාසයක් කරල නෑ. නමුත් බුදුදහම වැරදි විදිහට අදහන හාමුදුරුවන්ට නම් අපහාස කරලා තියෙනවා. මේ ලිපියෙන් ඔබට අපහාස වෙනවනම් ඇනෝ, ඔබ අදහන බුදුදහම ගැන සැක මතුවෙනවා.
      හොඳයි ඔබ මේ පෝස්ට් එකේ කමෙන්ට් කරලා තියෙන නිසා පහදන්නම්, බුදුන්වහන්සෙ විසූ ජේතවනාරාමයෙ එහා වැටේ තිබුනෙ චුන්දසූකරගෙ මස් මඩුව. නමුත් බුදුරජානණ්වහන්සේ චුන්දසූකරව සූකර ඝාතනයෙන් මුදවගන්න උත්සාහ කළේ නෑ. ඒ එය කළ හැකි දෙයක් නොවන නිසා. . උන්වහන්සේ දැන සිටියා කළයුත්තෙ මිනිසා සිතන ආකාරය මිසක් ඔවුන්ගේ ක්‍රියාවන් නොවේ කියලා. ඔහු සිතන ආකාරය වෙනස් කිරීමට නොහැකි වූ විට මස් මඩුව වටලන්න භික්ෂූන් යෙදෙව්වෙ වත්, ඒ ඉදිරිපිට ගිනිතියාගන්න තැත් කළේවත් නෑ. අග්‍රවිනිශ්චයකාර ගමේ ගොඩේ සියලුම නඩු වලට මැදිහත් නොවන්නෙ ඇයි? එය ඔහුට කළ නොහැකිවා මෙන්ම එම තමතුරේ ගෞරවයද ‍රැකගත යුතු නිසා. ඒ කිරීමට වෙනම නිලධාරීන් පත්කර තිබෙනවා. එහෙන්ම බෞද්ධ භික්ෂූනුත් දැනගත යුතුයි බුද්ධ වචනයද කඩකරමින් ගව ඝාතනය වෙනුවෙන් 'දිවිපිදීම' නොමනා, මෝඩ ක්‍රියාවක් බව.

      ස.යු : බුද්ධාගම යනු බුදුන්වහන්සේ දේශනා කළ දෙය විනා භික්ෂූන් දේශනා කරන දෙය නොවේ.

      Delete
    2. //මේ ලිපියෙන් ඔබට අපහාස වෙනවනම් ඇනෝ, ඔබ අදහන බුදු දහම ගැන සක මතුවෙනවා//
      නෑ. මට අපහාස වුනේ නෑ. මම බෞද්ධ නෙමෙයි. මම මුස්ලිම්. ඔබට එතන වැරදුනා.

      මම මුස්ලිම්. මට මහගොඩක් සිංහල බෑ. ඒත් මම කියපු එක ඔබට තේරෙන්න ඕනේ. මොකද ඔබ සිංහල (ඔබේ පොස්ට් වලින් නම් පේන්නේ ඔබ අබෞද්ධ බවක්. සමහර විට ඒකහින්ද වෙන්න ඇති ඔබ මෙච්චර බුද්ධාගමට සම්බන්ධ අය විවේචනය කරන්නේ)

      මේ බ්ලොග් එක ගත්තොත්, මට තේරෙන විදිහට, මේකේ ආගම් සම්බන්ධ පෝස්ට් දාල තියෙන්නේ ඔබයි, Sonic යි විතරයි. පෝස්ට් 9 යි. ඔබෙන් 6 යි, Sonic ගෙන් 3 යි. Sonic ගෙ පෝස්ට් තුනෙන් දෙකකම තියෙන්නේ, ජාතිවාදී සිංහල සහ මුස්ලිම් උන් දෙන්නෙක්ගේ සිතිවිලි. තුන්වෙනි එක, ලංකාවේ සාසනය පත්වෙලා තියෙනවා කියල එයා හිතන තත්වය ගැන යම් තරමක පැහැදිලි කිරීමක්. ඔබේ පොස්ට් ගත්තොත්, "මහායාන" හොඳ එකක්. ඔබ අන්තිමට දාපු පොස්ට් තුනම ආගමික. එකම දේ හෝද හෝද මඩේ දානවා කියලයි හිතෙන්නේ. ලංකාවේ හාමුදුරුවන්ට අපහාස කරන්න ලියන බවක් පෙන්නේ.

      මම මුස්ලිම්. මම රට බෙදාගන්න දඟලන එකෙක් නෙමෙයි. යාලුවොත් එක්ක පන්සල් යන ජාතියේ එකෙක්. පන්සල්, පිරිවෙන්, දහම් පාසල් වලට ආධාර දෙන කණ්ඩායම් වලටත් සම්බන්ධයි. මට කියන්න ඕනේ වුනේ හැම හාමුදුරුවොම මෝඩ නැති බව.

      කෝ ඔබේ බ්ලොග් එකේ තිබුණු රැඩිකල් ගතිය? මම මේකට එන්න ගත්තේ මේකේ තිබුණු පිස්සු විකාර පොස්ට් වලට ආස නිසා. ඔබ කාලෙකට ඉස්සර ලියපු ජාතියේ ඒවා. Dante යි, Sonic යි තාමත් ලියන ජාතියේ ඒවා.
      ඔබ ආගම් සම්බන්ධ පෝස්ට් දානවා නම්, සමබරව දාන්න. මැදහත්ව.

      නැත්නම් ඔය කට්ටියගේ මේ බ්ලොග් එක විනාස වේවි. ජාතිවාදියෝ විතරක් එන තැනක් වේවි. එහෙම වුනොත් අපරාදේ.

      Delete
    3. ආ... ඔබ මුස්ලිම්.. අන් ආගමක් ගැන ඔබේ තියෙන උනන්දුව මම අගය කරනවා. ඔබ සමහරවිට නොදන්නවා ඇති, බුද්ධාගමේ විවේචනය කරන්න හා ප්‍රශ්න කරන්න ඉඩ දීලා තියෙන බව. බුදුරජානණ් වහන්සේ දේශනා කරලා තියෙන්නෙ විවේචනය කරන්න. ප්‍රශ්න කරන්න. බුදුරජාණන් වහන්සේ කාලම සූත්‍රයෙ මෙහෙම දේශනා කරලා තියෙනවා.

      "කාලාමයිනි, නිශ්චයකට නො එළෙඹ සැක කිරීම තොපට වටනේමය. අවිනිශ්චිත දේ තොප තුල ඇතිවන්නේ සැක සහිත දේ ගැනයි. ඔබ යමක් ඇසූ පමණින්, පරම්පරාවෙන් ආ පමණින්, පොත් පත්වල සඳහන් වූ පමණින්, මෙසේ යයි කී පමණින්, ශ්‍රමණයන් කී පමණින්, සුදුසුකම් සැලකීමෙන්, තර්කයට එකඟ බැවින්, න්‍යායට එකඟ බැවින්, එසේ යැයි සිතුනු පමණින්, තම දෘශ්ඨියට එකඟ වූ පමණින් පිළිනොගනිවු."

      ඉතින් මම කරන්නේ ප්‍රශ්න කිරීමයි. විවේචනය කිරීමයි. ඒ බුදුදහමට විරුද්ධ නිසා නොවේ. අන් අය ප්‍රශ්න කිරීමට පෙළඹවිය යුතු නිසා. ඔබම සොයා බලන්න. භික්ෂූන්ට පරුෂ වදන් භාවිතය හා සැඩ පරුෂ ක්‍රියාකලාපය, දේශපාලනය, වෙදකම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බුදුරදුන් විසින්ම තහනම් කර තිබෙනවා. මම අනුගමනය කරන්නේත් ගරුකරන්නේත් බුදුරදුන්ට මිස, සිවුර උපයෝගී කරගෙන බලය අතට ගැනීමට සැරසෙන ඇතැම් මහනුන් නොවේ. මම ඔවුන්ට ගෞරව කරන්නේ නෑ. සිල්වත් භික්ෂූන්වන්සේලාට ගරුකරනවා මම. නමුත් මොවුන්? මොවුන් භික්ෂූන් නොවේ. බුදුන්වහන්සේ ප්‍රතික්ෂේපකළ දේ කරන මොවුන් භික්ෂූන් නොවේ.

      Delete
    4. අතුරු ප්‍රශ්නයක්: බුදු හාමුදුරුවන්ගේ දේශනාවේ "තම දෘශ්ඨියට එකඟ වූ පමණින් පිළිනොගනිවු" කියලත් තියෙනවා නේද?

      ඔබේ පෝස්ට් එකක්වත් මැදහත් නෑ. ඒකයි මම කියන්නේ. එකකවත් තියෙනවද හොඳ හාමුදුරුවෝ ගැන? මට වැඩක් නෑ ඔබ ඔබේ ආගමේ හාමුදුරුවන්ට බනින එකට. ඒ වුනාට තව ටික කලක් ගියහම මිනිස්සුන්ට එපා වෙයි ඔබේ ඔය හාමුදුරු-විරෝධී ඇජෙන්ඩා එක (ඔබ හැමතිස්සෙම කියන්නෙත් එකම ටිකනේ). අන්න එදාට මේ බ්ලොග් එකත් ඉවරයි.

      රැඩිකල් වෙනවා කියන්නේ මේක නෙමෙයි.

      Delete
    5. පෝස්ට් එකක් සැමවිටම මැදිහත් වියයුතුද?
      ලංකාවෙ මිනිස්සුන්ගෙ පිළිගැනීමක් තියෙනවා සියළු භික්ෂූන් සිල්වත්, පූජනීයයි, ගරුකටයුතුයි කියලා. මම මේ පෝස්ට් එකෙන් අදහස් කරන්නෙ 'සියළු' භික්ෂූන් ගරුකටයුතු, සිල්වත් හා පූජනීය නොවන බවයි. එමෙන්ම ලංකාවෙ මිනිස්සුන්ගෙ අර මතය නිසා සිල්වත් භික්ෂූන් වහන්සේ ගැන පුන පුනා පෝස්ට්ස් දැමීම අවශ්‍ය නැහැ. ඔවු මේක එක්තරා විදිහක 'විරෝධී ඇජෙන්ඩාවක්, නමුත් හාමුදුරුවිරෝධී නෙවෙයි, 'දුශ්සීල-හාමුදුරු විරෝධී'. ‍රැඩිකල් වීම කියන්නෙ අනුන්ට අපහාස කිරීම නෙවෙයි, මා දන්නවා. නමුත් අපහාස කළ යුතු තැනදි අපහාස කිරීම කළයුතුයි. සියල්ල ඉවසා බලා සිටීම උපේක්ෂාව නොවේ, නිවට කම. ඔබත් ඇතුලුව සියල්ලන්ම හිතනවා මම භික්ෂූන්වහන්සේට හා බුදුදහමට ගරහන බව. නෑ, මම ගරහන්නෙ දුසිල්වත් භික්ෂූන්ට හා වැරදි ලෙස ආගම ඇදහීමට. ඒ මොකද මම ඇටමැස්සෙක් විනා වන්දිභට්ටයෙක් නොවන නිසා. බුදුදහමට මගෙන් හානියක් නෑ. ඔබ බුදුදහමට මගෙන් අපහාස වෙනවා කියලා හිතන්නෙ, ඔබ බුදුදහම කියලා පිළිගන්නෙ සමාජයෙ තිබෙන වෛදික හා බ්‍රාහ්මණ ආභාශය ලත් බුදුදහම වගේ එකකට. ඕබේ බුදුදහම පන්සල් යෑමයි. නැතුව බුද්ධ දර්ශනය විමසීම හා අවබෝධය නෙවෙයිනෙ? නේද? ඉතින් මම ඉල්ලන්නෙ, මුස්ලිම් සහෝදරයා, ඉගෙනගන්න. බුදුදහම ආගමක් නෙවෙයි, දර්ශනයක්. නියම බෞද්ධයා ප්‍රචන්ඩකාරී නැහැ. ඉගෙනගන්න, ඉන්පසු තර්කිඅයට එන්න. අන්‍යයන් කී පමණින්, "ආ.. මේකයි බුදුදහම" කියලා පිළිගන්න එපා.

      Delete
    6. මම ගියේ කොළඹ නොවන නගරයක තියෙන මිශ්‍ර පාසලකට. ඒක මුස්ලිම් පාසලක් නෙමෙයි. ඒ හින්දා මට, ඔබට තරම් නැතුවට, පොඩි අවබෝධයක් තියෙනවා බුද්ධාගම ගැන. ඒකේ තියෙන නිදහසටයි මම කැමති. ඔබ කියන තරම් ඔබ රැඩිකල් නම්, ඔබ සමාජ සම්මතය තකන්නේ නෑ. පෝස්ට් එකක් හැමවිටම මැදහත් විය යුතු නෑ. ඒත් මේ වගේ, මේ රටේ මිනිස්සු ගොඩක් සංවේදී මාතෘකා ගැන ලියනකොට මීට වඩා මැදහත්ව ලියන්න ඕනේ.

      //අපහාස කළ යුතු තැනදි අපහාස කිරීම කළයුතුයි. සියල්ල ඉවසා බලා සිටීම උපේක්ෂාව නොවේ, නිවට කම.//
      මම දන්නා තරමින් අපිව මේ රටෙන් පන්නන්න හදන අයගේ තර්කයත් ඕකම තමයි.

      කෙසේ වුනත් මට ඔබත් එක්ක වාද කර වැඩක් නෑ. බුද්ධාගම මගේ ආගම නෙමෙයි. නමුත් මම ඒකට ආසා නිසායි කොමෙන්ට් එකක් දැම්මේ. මම ආයෙත් කියනවා, මීට වඩා මැදහත්ව ලිව්වේ නැත්නම්, අපරාදේ..

      Dante, Sonic, ඔබ දෙදෙනාවත් අර ඔබගේ නියම රැඩිකල් පෝස්ට් දාන්න. මිනිස්සුන්ට හැමදාම ටීවී එකෙයි, පත්තරෙයි, හැමතැනම දකින්න ලැබෙන ඒවා ආයෙත් කියවන්න ඕනේ ඇති කියලා මම හිතන්නේ නෑ. නමුත්, අර අමුතු ජාතියේ ඒවා කියවයි.

      ජය වේවා!

      Delete
    7. ඔබ මුස්ලිම් නිසාත්, අදාල කරුණ මතුකළ නිසාත් ඔබට මෙහෙම කියන්නම්.
      ගව ඝාතනය වෙනුවෙන් සිය දිවිහානිකරගැනීම පි‍ටුපස තියෙන්නෙ හුදෙක් ගවයන් කෙරෙහි අනුකම්පාවම පමණක් නම් මේ ගැන 'එතරම්ම' තකන එකක් නැහැ මම.
      නමුත් ලංකාවේ ගවමස් පාරිභෝජනය කරන බහුතරයක් ජනයා මුස්ලිම් නිසා, සැබෑවටම මේ ගවයන් වෙනුවෙන් දිවිපිදුම පි‍ටුපස ඇත්තේ මුස්ලිම් විරෝධයකුයි. මෙම කණ්ඩායම් ජන මතයක් සාදා තිබෙනවා බෞද්ධයින් ගවමස් පාරිභෝජනය නොකරන බවට හා එසේ කරන්නේ මුස්ලිම් ජනයා බවට. එමෙන්ම ගව ඝාතනය තුරන් කිරීමට නම් ලංකාව මුස්ලිම් ජනයාගෙන් තොර විය යුතු බව අදහස් කෙරෙනවා.සොයා බැලුවොත් ඔබට පෙනේවි, ගව ඝාතනය පිළිබඳ පෝස්ට්ස් බොහොමයක් මුස්ලිම් විරෝධයත් සමග ඈඳිලා තියෙන බව. ප්‍රධානකොටම ගව ඝාතනයට විරුද්ධ වීමත් ඇදිලා ආවෙ හලාල් විරෝධය සමගමයි. බුදු දහමේ ජාතිවාදයක් නැහැ. එනිසායි මම පැවසුවේ, මේ භික්ෂූන් සැබෑවටම බෞද්ධ භික්ෂූන් නොවන වග. එනිසා පවසන්නේ මේ ලිපිය හුදෙක් ආගමික විරෝධයක් පළකිරීමට දැමූ ලිපියක් නොවන වග. මේ ගැන තවත් කතා කර පලක් නැති බව ඔබ අදහස් කරන නිසා, මෙයින් නවතින්නම්.

      ඔබට ජය!

      Delete
  3. ලංකාවේ මෙච්චර මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා ඔය එකකටවත් පාලකයන්ගෙන් හොද විසදුම් හම්බවෙලා තියේද? නෑ නේ! තවත් ප්‍රශ්න වැඩිවෙන එක විතරයි. ගව ගාතණ නවත්තන්න කොරන්න දෙයකුත් නෑ ඔය ඉන්න ලොකු ලොකු තැන් වලට. හැමදේම සල්ලිවලට යටවෙලා තියෙන ඔය මිනිස්සුන්ට කියන එක නෙමේ, අපේ ඉන්න උන්දැලා දැනුවත් කරන එකයි කාරිය. මස් කන නොකන එක ඉතින් උන්දැලාට බාරයි. කොහොමත් මිනිස්සුන්ගේ අදහස් එකින් එකට වෙනස් නේ! හැබැයි ඉතින් අනිත් ඔක්කොම හරක් අපේ අදහස් තමා නියම එව්වා කියලා හිතන් ඉන්න කට්ටියත් ඉන්නවා!

    ReplyDelete
  4. ඇයි බන් තමන්ගේ ආගමට ගරහන්නේ. හරි හෝ වැරදි මේ දෙයින් වෙන්නේ අපේ අගම තවත් පිරිහෙන එක. බොදුබල සේනාවට. රාවනා බලකායට මේ බ්ලොග් වලින් බනින එක විතරයි කරන්නේ . උබෙට අගම වෙනුවෙන් කතා කරන්න බැරිනම් හරක උබ නොවී පාඩුවේ හිටපන් . හම්බයෝ හොදයිනේ මුන්ට වඩා .

    ReplyDelete