Showing posts with label Raavana Balakaya. Show all posts
Showing posts with label Raavana Balakaya. Show all posts

Wednesday, August 28, 2013

අලුත් ආගමක්?

කලකට පසු රූපවාහිනිය (=TV එක. පචනාහිනී නාලිකාව නොවේ) නැරඹීමට සිතුනි. ආශ්චර්යයෙකි! ලස්සන ලස්සන adය. බලන් ඉන්නට ආසා හිතේ. ලස්සන ලස්සන ගෑල්ලමයි සිටිති. ඔවුන් අප ගැන ආදරයෙන් අපට කන්නට කියන අහර වල රස ගුණ ගැන ඇසීම සර්වාංගයම කිලිපොලා යයි. අර නාලිකාවේ තාච්චි දිලිසෙන්නටම මැදීමට හැකි සබන්ය. සබන් කැට ඇතුලේ පෙන්ඩන්ට් ය. මේ නාලිකාවේ චන්ඩි බන්ඩියට යෝගට් විකුණන අවුරුදු දහ අටේ අම්මලාය. "මමත් අම්මකෙනෙක්, අපි ඔක්කොම ඉන්නවා වගකියන්න" යයි කියන විධායක නිලධාරී අම්මලාය. (මෙම වෙළඳ දැන්වීම් වල, ළමයාට අවුරුදු අටක් පමණ වන විට අම්මාට දහ අටක් පමණ වන්නේත් තාත්තාට අවුරුදු විසි එකක් පමණ වන්නේත් කෙසේදැයි මම අහස පොළව ගැටලා නිතර කල්පනා කරන ගැටලුවකි.) ඔය අතරේ මා නිතරම දු‍ටු පාඨයක් වූයේ, "අනුකරණ වලට නො‍රැවටෙන්න" යන්නයි.  අනුකරණ? ඔවු. මෙම ලිපිය අනුකරණ ගැන මිස ඔබ සිතා සිටි පරිදි වෙළඳ දැන්වීම් ගැන නොවේ.