ගයේෂා
අක්කීට ආදරෙන්ය...
ඔයාගේ
සැප දුක කොහොමද කියා අහන්නට හිතෙනවාය. ඒත් අසා වැඩක් නෑ ය. සෑහෙන්න නෝන්ඩි වී ශේපට
ගෙදරට වෙලා ඉන්න අක්කිට මොන සැපක්ද කියා හිතෙනවාය. අක්කී..
මේ ලියුම කොහෙන් පටන් ගන්නද කියා හිතාගන්නවත් බෑ ය. ඔයාට කියන්න එච්චරටම දේවල්
තියෙනවාය.
අක්කී
හරිම ලස්සනය. මලක් වගේය. ගඳ ගහන මලක්ද කොහෙද කියා අපේ අක්කා නං කියනවාය. ඒක අහනකොට
මට එකසිය ගානට මළ පනිනවාය. අපේ අක්කා, අක්කීට ඉරිසියාවද කොහෙද ය. බියුටි කචල්
කුයීන් තරඟ දිනලා නැති හින්දා වෙන්න ඇති ය. හ්ම්ම්.. ඒකෙන් වැඩක් නෑ ය. වෙන කියන්න
දේවල් තියෙනවාය.