Thursday, October 17, 2013

කාන්තාවාදයට නොවේ. නමුත්...

මේක කියෙවුවට පස්සෙ මම කාන්තාවාදියෙක් (feminist) කියලා ඔබ මාව ලේබල් කරන්න එපා. නමුත් අද උදේ වුන සිදුවීමකින් පස්සෙ මේක නොලිය ඉන්න බැරි බව හිතුනා.
උදේ පාන්දර හෝල්ට් එකට වෙලා හිටියෙ බස් එකක් එනකන්. ක්ලාස් යන්න පරක්කුයි. බස් වලට ඇඟිල්ල ගහන්න බෑ, සෙනඟ. 122ක් ඇවිත් නැවැත්තුවා. සෙනඟ පිරිලා. ඒත් 122 වේගෙන් යන නිසා තදබද වුනත් කමක් නෑ කියලා නගින්නත් හිතුනා. ආ... අන්න 138ක් එනවා. මේකෙ චප්ප වෙන්න ඕනෙ නෑ. මම පස්සට වුනා. බස් එක අද්දනවා. මේ අතරෙ දුවන් ආපු මැදිවියේ කාන්තාවක් අද්දන බස් එකට නගින්න හිහින් බස් එකෙන් වැටුනා. බස් එක බ්‍රේක් නොකලනම් ඈ රෝදෙකට යට වෙන්නත් තිබුනා. හෝල්ට් එකේ හිටි 'මහත්මයෙක්' හැමෝටම ඇහෙන්න ප්‍රබුද්ධ කතාවක් කරනවා.

"දැක්කද අර අම්මන්ඩි කරන්න ගිය වැඩේ? තව චුට්ටෙන් බස් එකේ ඩ්‍රයිවරුයි මිනිස්සුයි දෙගොල්ලොම අමාරුවෙ. මුන්ට ගාය නෙ. සාරිත් පටලන් දුවන් ගිහින් ෆුට්බෝඩ්වල එල්ලෙන්න!"
"මන්දබුද්ධිකයා! කට වහගනින් යකෝ!" මට කෑගහන්න හිතුනා. ඇයි මූට නොතේරෙන්නෙ? අම්මෙක් අක්කෙක් නැද්ද? ගෑනියෙක් නැද්ද?
ඒ කාන්තාව ඇ‍යි දුවන් ඇවිත් බස් එකේ එල්ලුනේ? ජොලියක් ගන්නද? නැහැනෙ. ඈ උදෙන්ම නැගිටින්න ඕනෙ. පොල් ගාන්න, තේ හදන්න, උයන්න ඕනෙ. පොඩි එවුන්ව නැගිට්ටවලා, උන්ව ඉස්කෝලෙ යවන්න ලෑස්ති කරන්න ඕනෙ. උන්ට යන්න කලින් මොනවාහරි කවන්න ඕනෙ. ස්වාමි පුරුශයාගෙ කටයුතු කරන්න ඕනෙ. අසනීපෙන් ඉන්න අම්මට තාත්තාට බෙහෙත් ටික දෙන්න ඕනෙ. ගෙදර බල්ලො පූසො ඉන්නවනම් උන්ටත් කන්න දෙන්න ඕනෙ. ඒ ඔක්කොමත් ඉවරවෙලා ඈත් වැඩට යන්න ලෑස්තිවෙන්න ඕනෙ. ඈ පරක්කුවුනොත් වැඩපලේ ලොකු තැන් වලින් බැනුම්. ඉතින් ඈ විසාඛාවක් වගේ යන්නෙ එන්නෙ කොහොමද? ඈ කරන්නෙ සටනක්. ඈ දුවගෙන ඇවිත් බස් එකට ගොඩවෙන්න හදන්නෙ කැපී පේන්නවත්, කොලුකම් කරන්නවත්, විසේටවත් නෙවෙයි. වෙලාවට රැකියාවට යන්න.
ලෝකෙ කොච්චර දි‍යුණු වුණත්, සමහර පිරිමින්ට තවමත් කුස්සියට අඩියක් තියන එක මදිකමක්. කුස්සිය ගැහැණියගෙ වගකීමක් විදිහටයි තවමත් ඔවුන් දකින්නෙ.
  'උයන පිහන එක, රෙදි හෝදන එක, ගේ පිළිවෙලට තියාගන්න එක ඉස්සර ඉඳලම ගැණුන්ගෙ වැඩනෙ?'
ඔන්න මහා තර්කය! 'ඉස්සර ඉඳලම ගෑණුන්ගෙ වැඩ'.
ඔවු, ඉස්සර ගෑණුන්ගෙ වැඩ ඒවා තමයි. ඇයි? ඒ කාලෙ ගෙදරට ඉපැයුවෙ සැමියා. බිරිඳ රැකියාවක් කළේ නෑ. ඒ නිසා නිවසේ කටයුතු කිරීම ඇගේ වගකීම වුනා. ඒ, සැමියා උපයන දේ පාරිභෝජනය කරන නිසා. නමුත් දැන්? ඈ රැකියාවක් කරනවා. ඈත් උපයනවා. නමුත් ඒ සමඟම ඈ නිවසේ සියලුම වැඩ කටයුතුත් කළ යුතුයි. ඈට සහ‍යෝගයක් ලැබෙන්නෙ නැති තරම්. ඈ උපයන්නෙ ඈට නොවේ, පවුලටයි. ඉතින් ඔබට අවැසි ඈ විසාඛාවක් ලෙස හැසිරෙන්න නම්, ඈට ඒ සඳහා සහයෝගය දෙන්න.

6 comments:

  1. ඉස්සර ඉඳලම ගෑණුන්ගෙ වැඩ - this stupid idea of men should be changed , doesn't matter how the technology has improved people still stick on to stone age ideas but if we can change this and treat women equally , giving them the right dignity i guess we all can make a change.
    ''On every continent, there are girls who will go on to change the world in ways we can only imagine, if only we allow them the freedom to dream — President Obama '' Many has different views on Obama but the above saying is just perfect!!

    ReplyDelete
  2. Unfortunately, Obama doesn't run our country. And have you tried teaching brain-washed zealots, what liberalism is? ඒකත් අර තාරාවගෙ පිටට වතුර වක්කරනවා වගේ වැඩක්.

    ReplyDelete
  3. අපරාදෙ අර bus halt එකෙ හිටිය මහත්මයාට බනින්න තිබ්බෙ හෙක්... agree with your perspective..

    ReplyDelete
  4. ඇත්ත තාමත් අපේ පිරිමි බමුණු මත වල එල්ලිලා ඉදන් ගැහැණුන්ව යටත් කරන් ඉන්නයි බලන්නෙ.

    ReplyDelete
  5. බස් සෝල්ට් එක හිටපු කෙනත් හරි.. එක අතකින් අපිවෙලාවට වැඩ කරනව ාකියන එකට පුරුදු වෙලා නැහැ..
    ගෑනු කෙනා හැමදාම කරන්නෙ එකම වැඩ ටිකක් නම්.. එයාට පුලුවන් වෙන්න ඕනි දවාලියෙන් එන්න.. අපිට ලෝකෙ වෙනස් කරන්න බැහැ.. ලෝකෙ පුලුවන් වුනත් ලංකාව වෙනස් කනරන් බැහැ.. ඒ නිසා අපිට අපේ පුද්ගලික ගති අු කරගන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. වෙලාවට වැඩකරන එක ගැන කතාකරන්න ලේසි තමන්ට වැඩ නොකරන්න වෙන තාක් කල්. ඔබම හිතලා බලන්න, කොච්චර plan කරලා වැඩ කලත් plan එක අනුව වැඩ කරගන්න අපහසු වෙන අවස්ථා කොච්චර තියෙනවද? රැකියා ස්ථානයකදි වෙලාවට වැඩ කිරීම ලේසි වුනත් නිවසකදි, හැමෝම කාර් යබහුල වෙලාවකදි ඒක අපහසුයි.

      Delete