Friday, January 31, 2014

"ගයේෂා අක්කීට ආදරෙන් ලියමි.."


ගයේෂා අක්කීට ආදරෙන්ය...

ඔයාගේ සැප දුක කොහොමද කියා අහන්නට හිතෙනවාය. ඒත් අසා වැඩක් නෑ ය. සෑහෙන්න නෝන්ඩි වී ශේපට ගෙදරට වෙලා ඉන්න අක්කිට මොන සැපක්ද කියා හිතෙනවාය. අක්කී.. මේ ලියුම කොහෙන් පටන් ගන්නද කියා හිතාගන්නවත් බෑ ය. ඔයාට කියන්න එච්චරටම දේවල් තියෙනවාය.

අක්කී හරිම ලස්සනය. මලක් වගේය. ගඳ ගහන මලක්ද කොහෙද කියා අපේ අක්කා නං කියනවාය. ඒක අහනකොට මට එකසිය ගානට මළ පනිනවාය. අපේ අක්කා, අක්කීට ඉරිසියාවද කොහෙද ය. බියුටි කචල් කුයීන් තරඟ දිනලා නැති හින්දා වෙන්න ඇති ය. හ්ම්ම්.. ඒකෙන් වැඩක් නෑ ය. වෙන කියන්න දේවල් තියෙනවාය.

මං අඟහරුවාදා කාමරේට වෙලා ඉන්නකොට තාත්තා කතා කරනවා ඇහුණාය. “පුතේ, දෙරණේ කොමඩියක් යනවා. බලන්න වරෙන්!” කියාය. දුවගෙන ගිහින් බලනකොට අක්කී ය. අක්කී ප්‍රබුද්ධ වචන ගොඩකින්, සරලව, විනීතව, සංවරව කතා කරන එකට තාත්තා “කොමඩියක්” කිව්ව එකටද මට මළ පැන්නාය. මං රෑට කෑවේද නෑ ය. අපේ තාත්තාට, අක්කීගේ මහජනයාට සේවය කිරීමේ උවමනාව ගැන මොන මඟුලක්වත් තේරෙන්නේ නෑ ය.

අක්කී අර ’96 යේ සිද්ධිය කියන්න ගිහින් අඬනකොට මටද ඇඬුණාය. ඔයා එච්චරටම සංවේදී ය. අපේ මිනිස්සුන්ට ඕවා තේරෙන්නේ නෑ ය.

අපරාදේ ය.

අක්කීගේ අර “සුදුසුකම්” මිටිය දකිනකොට අපේ අයියා නං කිව්වේ, බොරුවට ෆොටෝ ඇල්බම් එකක් ගෙනල්ලා කියලාය. ඌටත් හෙනම ජෙල ය. ඌට කාමරේ දොර වහගෙන අක්කීගේ මාළු ෆිල්ම් එක බලන්න හොඳය, අක්කීගේ “සුදුසුකම්” බොරු ය.

අම්මලා සහ රටේ කාන්තා පක්ෂය වෙනුවෙන් “එහෙම ඒවායේ” රඟපාන්නේ එහෙමත් එකෙක්ය. හැබැයි අපේ අම්මාටද, අක්කී මාළු චිත්‍රපටියේ කාන්තා විමුක්තිය වෙනුවෙන් කරපු “එහෙම රඟපෑම” තේරෙන්නේ නෑ ය. ඒ උනාට අක්කීගේ “රඟපෑමේ කැපෑසිටිය” ගැන නං කතා කළාය. දෙරණ වාද පිටිය බලන ගමන්ය.

මට අක්කීගේ බුකී පිටුව පැත්තේ රවුමක් දාන්නට හිතුනාය. අක්කීගේ කැපවීම නොතේරෙන එක එක එවුන්ගේ කොමෙන්ට් වලින් පිටුව පිරිලාය. “මගෙ මාළුවා එක්කත් පියාඹන්න එනවද?” කියා තිබුණා වගේ මතක ය. තවත් කුණුහරුප කෝටියක් ය. තවත් වෙබ් පිටුවක තිබුණේ, අක්කී ගැන “මිනිසුන්ගේ දැඩි අප්‍රසාදය නිසා” නාම යෝජනා ලැබුණේ නැති බවය. ඔක්කොම ඉරිසියා කාරයෝය. අක්කී කොච්චර සුවීට් ද කියා උන්ට තේරෙන්නේ නෑ ය. තේරෙනකොට පරක්කු වැඩිය.

එතකොට උන්ට හොඳ වැඩේ ය. හූ හූ ය.

අන්තිමට කියන්න ඇත්තේ සැලෙන්න එපා කියාය. කාන්තා විමුක්තිය වෙනුවෙන් තව තව අර වගේ චරිතවල රඟපෑම හොඳය. එතකොට අක්කීට අපේ අයියා වගේ එවුන්ගේ ඡන්ද ටික ලැබෙනවා ෂුවර්ය. කාන්තාවන් වෙනුවෙන් විතරක් නෙමේය, අහිංසක අපි වෙනුවෙනුත් තව තව එහෙම ඒවා රඟපාන්න පුළුවන් නං හොඳය. අක්කී පළාත් සභාවට, පාර්ලිමේන්තුවට ගියාට වඩා වැඩක් එතකොට කරන්න පුළුවන්ය. අපේ අයියා නං කියන්නෙ එහෙම ය.

තව කියන්නට දේවල් බොහෝය. ඒත් අදට මේ ඇති වගේය. මෙතනින් නවතිනවාය.

ජය වේවා ය!

මීට,
හිතාදර සොනික් කොල්ලා ය.



7 comments:

  1. බොහොම ලොල් ය.. එහෙත් ජූංජක් විතර දුකයි ය.. මොකෝ අක්කගේ කට වගේම වැඩත් තියේද බලන්න ඉහළින් ඉඩ නොදුන් නිසා ය!

    ReplyDelete
    Replies
    1. හා හා! අක්කා නෙමෙයි යකෝ. අක්කී. අක්කී! පටලගන්න එපා..

      Delete
  2. ඇත්ත ඇත්ත, දිගටම රඟපෑම් කරන් ඉන්න එතකොට ඔය බනින අයම හොරෙන් ඡන්දේ දෙනවා..

    ReplyDelete
  3. ඉණේ තරම හඳුනගන්න එපැයි බන් මොන ජංගියක් අඳින්න ඉස්සෙල්ලා හරි.
    අනේ ධනසිරි ලේන්සු ගෝනියක් යවපන් දැන්..

    ReplyDelete
  4. අක්ක විතරයි හයිය හත්තිය ඇතුව වාද පිටියට වත් ආවෙ.

    ReplyDelete
  5. හෙනම චූන්ය... අක්කිට ජය වේවාය

    ReplyDelete
  6. Akkaa nemei miniho, akkii!!

    ReplyDelete