Monday, February 10, 2014

ඇය: සතියකට පසු.

"ඇය තම ජීවිතයෙන් පළි ගත්තේ ප්‍රින්සිපල් සර් දුන් අවවාදය නිසාද? නැතිනං ඈ පොඩි දේටත් කලකිරුනු නිසාද?
කෙසේවෙතත් ඇයගේ මරණය පිළිබඳ විධිමත් පරීක්ශනයක් පවත්වන ලෙස ඉල්ලා එම නගරවාසීන් පොලීසියට එරෙහිව සහ පාසල් විදුහල්පතිට එරෙහිව මාරාන්තික උපවාසයක් දියත් කොට තිබේ."
ලංකාවෙ මිනිස්සුන්ට සතියකට අඩුම වශයෙන් එක සැරයක් වත් කුමන හෝ වේවා සිද්ධියක් අල්ල ගෙන පෙළපාලියක්, මාරාන්තික උපවාසයක් නොකොලොත්, උදේට නැගිට කැඳ බිව්වා වගේලු. (ඇත්ත තමා ඉතිං. වෙන්දට කිරි පිටි බිව්ව එකාට බොන්න වෙලා තියෙන්නෙ කැඳනෙ. කන්නෙ කරවිල නෙ.)

ඈ ලිව්ව පිටු තුනේ ලියුමෙ පොටෝ කොපි ගහගෙන, ඒවා ඔළුවලට උඩින් වන වනා කෑගහලද "සාධාරණ පරීක්ශනයක්" කරන්න කියන්නෙ?
හෙනද ඔය පිනා කියනවා වාගේ පින්තූරයක් තියෙනවද කියල හොයල බැලුවනං?
නරක ද සම්පූර්න සිද්ධිය නොදැන ගිහින් මැරිච්ච කෙල්ල ගැන බුකිය පුරාමයි, නෙට් එක පුරාමයි කථා පතුරුවන එක නැවැත්තුව නං?
"මේ දරුවා මාස ගණනාවක සිට මානසික පීඩනයකින් පෙළෙමින්, උපදේශන ප්‍රතිකාර ද ලබාගෙන තියෙනවා. දෙමාපියන්ට දැනුම් දුන්නත් ඔවුන් ගෙන් උනන්දුවක් තිබුනෙ නෑ."
ප්‍රින්සිපල් සෑර් මාධ්‍යට ප්‍රකාශයක් ඉදිරිපත් කලේ එලෙසයි.
පාසල් යන වයසේ ළමයෙක් පාසලේ මනෝ විද්‍යා උපදේෂකයෙකු හමුවේ හෙළි කරන දෑ උසාවි නියෝගයක් මත පමණයි ප්‍රසිද්ධියට ලක් වන්නේ. ඒද එම ළමයාගේ හෝ භාරකරුගේ කැමැත්තද ඇතිවයි. පාසල් ළමයෙකුද පමණක් නොව එම පෞද්ගලිකත්වය ආරක්ශා කර ගැනීමේ අයිතිය සියල්ලන් සතු වේ. එවැනි තත්ත්වයක් යටතේ කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ ප්‍රින්සිපල් ඇතුළු ගුරු මණ්ඩලය මියගිය ශිෂ්‍යාවගේ ප්‍රශ්න දැන සිටියේ කෙසේද? දැනගෙනත් විශාදියෙන් පෙළෙන 15 හැවැරදි ළමයෙකුට "වේසි" කියා බනින්න තරම් මන්ද බුද්ධිකයන් කෙසේ ගුරුවරු හා උපදේෂකයන් වුවේදැයි මට ගැටළුවකි.
(ඇය තම ලිපියේ කියන පරිදි පාසලේ සමහරක් ගුරුවරුන් ඇගේ පවුලේ තත්ත්වය දැන සිටියහ.)
මේ සිදුවීම පිටුපසද (ලංකාවේ අනිත් සිදුවීම් හාසමානව) දේශපාලන ඇජෙන්ඩාවක් ක්‍රියාත්මකවන බව නම් අපට විශ්වාසයි. දැන් ක්‍රියාත්මක නොවුනත් ඉදිරී සති කිහිපය ඇතුළත ලොකු ලොක්කන්ගේ, සූට් කාරයන්ගේ සහ කෝපරේට දැවැන්තයින් මේ සිදුවීම අතකොළුවක් කර ගන්නවා නොඅනුමානය (ඔය ක්‍රියාත්මක වෙන පිකටිං එකට ෆන්ඩින්ස් සහ ශ්‍රම බලය කොහෙන්ද මන්ද)
තවද, දේසපාලුවෙකුගේ අත්සනේ පිනට, කුමනහෝ වේවා ඉස්කෝලෙක තන්තුරු පට්ටමකට අත ගහන්න කලින් (ඉස්කෝලෙකම රස්සාවක් විය යුතු නැතැ) හිතල බලන්න ඇත්තටම මට මේ මඟුල කරන්න පුලුවනිද කියල. නැත්තං වෙන්නෙ පාසලේ විනය හදන්ඩ ගිහින් පාසලේ හොඳ නම සුන්නද්දූලි කිරීමයි.
අර උපවාසෙ කරන සෙට් එකට කියන්ඩ තියෙන්නෙ;
"ගෙදර ගිහින් තමන්ගෙ ළමයට මෙහෙම නොවෙන විදිහකට කටයුතු කරන්න" කියලයි.
මොකොද අශ්වයා ගිය පසු ඉස්තාලය වැසී මෙන් පලක් නැතිවා සේම, මියගිය ඇය වෙනුවෙන් ශෝක ගී කීමෙන්ද වැඩක් නැති නිසාය.

3 comments:

  1. "ගෙදර ගිහින් තමන්ගෙ ළමයට මෙහෙම නොවෙන විදිහකට කටයුතු කරන්න" කියලයි.
    මොකොද අශ්වයා ගිය පසු ඉස්තාලය වැසී මෙන් පලක් නැතිවා සේම, මියගිය ඇය වෙනුවෙන් ශෝක ගී කීමෙන්ද වැඩක් නැති නිසාය.

    වෙන නම් කියන්න කිසි දෙයක් මටත් නෑ. ඕනෙම දේකට වගේ කට ඇරන් කෑගහනවට වඩා දීර්ග කාලින විසදුමකට යන්න ඕනේ ප්‍රශ්නයක්.

    ReplyDelete
  2. /**සමහරු විදිහල්පතිවරයාට දඬුවම් කල යුතුබව සිතන අතර සමහරු තමාගේ මතවාද ආරක්ශා කරගැනීමේ අරමුණින් ඔහුව ආරක්ශා කරනවා, ඔහු වෙනුවෙන් පෙනී සිටිනවා.

    මා සිටින්නේ මේ අන්ත දෙකේම නෙමේ. මා මේ "සිදුවීම" ගැන ඉන්නේ නියුට්‍රල් හැඟීමකින්, උපේක්ශාවෙන්. මෙතන ඇත්තේ විදුහල්පතිගේවත්, ළමයාගේවත් වැරැද්දක් නොවේ. මෙතන ඇත්තේ අපේ සමාජය (සමාජයෙන් බිහිවන චරිත) එක් එක් සිදුවීම් වලට ප්‍රතිචාර දක්වන ආකාරය. මේක තනි-පුද්ගලයින්ගේ වරදක් නොවේ. මේක අපේ සමාජ ක්‍රමයේම වරදක්. විදුහල්පතිවරයාට දඬුවම් කිරීමෙන් වෙන්නේ මේ සිදුවීමෙන් සාධාරණ ලෙස කේන්තිගිය, කෝපාවිෂ්ඨවූ මිනිසුන්ට සහනයක් ලැබීම පමණමයි. වෙන කිසිවක් සිදුවන්නේ නෑ. මොක්ද මෙවන් සිදුවීම්, ආකල්ප අප රටේ බහුතරයක් ගුරුවරුන් තුලම ඇති අතර සිසුවිය ප්‍රතිචාරය දැක්වූ ආකාරයත් අප සමාජයේ නව යොවුන් වියේ අහිංසක තරුණියන් පුරුශ හෝ වෙනයම් අධිකාරයක් ඉදිරියේ පසුබහින ආකාරය සහ එයින් පලායන ආකාරය මැනවින් පෙන්නුම් කලා.

    ඉතින් එක් විදුහල්පති කෙනෙක්ට දඬුවම් කොට සියල්ල හරි කියා අප සිත සනසාගන්නා එක සුන්දර දවල් හීනයක් දැකීමක්.

    සිදුවිය යුත්තේ ආකල්මය වෙනසක්. මෙවන් දේවල් සිදුවේවි. අදත් වුනා, හෙටත් වෙනවා. ගුරුවරුන් විසින් ලමයින්ව තාඩන පීඩන වලට, ශාරීරික හිංසාවට, ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කරයි.

    මෙවන් සංවාද තුලින් ඇතිවන ආකල්පමය වෙනස නිසා ඒ සිද්ධීන් ඉතාම.. ඉතාම සෙමින් සමාජයෙන් තුරන් වේවි.(කියල හිතමු). අපේ ජීවිත කාලයේදී නොවුනත්.

    අනෙක් කරුණ තමාට දේශපාලන වාසියක් ලබ ගත හැකි සෑම සිද්ධියකින් උපරිම වාසියක් ලබා ගැනීමට සිය උපරිම උත්සහය ගැනීම ඕනෑම දේශපාලකයෙක් කරන දෙයක්. ඔහුගේ පැත්තෙන් එය සාධාරණයි. ජනතාව වශයෙන් (එහෙම කරනවා නම්) එය තේරුම් ගැනීමයි අවශ්‍යය වන්නේ**/

    ReplyDelete
  3. මේ අහින්සක ළමයාට මානසික පීඩාවක් කළ විදුහල්පතිවරයාට තියෙන්නේ ලිංගික කුහකත්වය ඉහවහ යෑමේ උමතුව.

    ReplyDelete