ඊයෙයි පෙරේදයි මම හිටියෙ හලාවත. මීගමුවට කිට්ටුව.
මේ සටහන ඒ දවස් දෙකේදි හම්බ වෙච්ච චරිත හතරක්
ගැන. මහගොඩක් වෙනස්කම් නං තියෙනවද මංද. කතාකරපු විනාඩි ගාන ඇතුලෙ සමානකම් හොයන්න
ටිකක් අමාරුයි. කොහොමහරි මේ තියෙන්නෙ ඒ චරිත හතරෙ කතා හතරක්.
1. ටෝනි
පළවෙනි චරිතය තමයි ටෝනි. ටෝනි කියන්නෙ බැලූ
බැල්මට රගර් ගහන එකෙක් වගේ පේන ඇඟක් තියෙන කෙනෙක්. කතෝලික. මම ඒක කිව්වෙ ආගම්වාදී
වෙන්න නෙමේ, තව ටිකකින් කියන්න යන දේකට ඒක ඕනෙ වෙන නිසා.
ටෝනි පොඩි කාලෙ යමක් කමක් තිබ්බ පවුලක හැදිච්ච
එකෙක්. අර, තාත්ත කාරෙකේ ඉස්කෝලෙට ගිහින් දාන තරමෙ වගෙ එකෙක්. පස්සෙ කාලෙ මූ ලොකු
වෙලා දාගත්ත කෙල්ලට ගෙදරින් අකමැති වෙච්ච නිසා මූට වුනේ කෙල්ලව අරගෙන ගෙදරින්
යන්න.
දැන් වැඩ කරන්නෙ කොහු ලණු අඹරන ෆැක්ටරියක.
ටෝනිට ඉඳල තියෙනව පුතෙක්. ඉඳල තියෙනව? ඔව් ඉඳල තියෙනව. දැන් නෑ. ඉපදිලා
තියෙන්නෙ 1994. ඒ කියන්නෙ මේ අවුරුද්දෙ A/L. මිනිහ ඉස්කෝලෙ උස
පැනීම, දුර පැනීම එහෙම කරපු ජාතික මට්ටමට ගිය ක්‍රීඩකයෙක්. දවසක් බස් එක එනකං
ඉන්නකොට තරඟේකට යන්න, යාලුවෙක් බයික් එකකින් ඇවිත් කිව්වලු මචං මං ගිහින් දාන්නං
කියල. යද්දී මගදි මොකද්ද එකක්, ඉඩ නැති තැනක ඉස්සර කරන්න ගිහිං වැටිල. පැදපු එකාට
කිසිම අවුලක් නෑ, මැල්කම්ගෙ පුතා නැතිවෙලා.
ඒ දැන් මීට මාස තුනකට
කලින්.
දැන් ටෝනිටයි
කුසුම්ටයි (එයාගෙ පවුල) ජීවිතේ අරමුණක් නෑ. ඒ දෙන්න ජීවිතේට පැරදිලා. පල්ලියට
ගියාම ෆාදර් කිව්වලු ඒක දෙවියන්වහන්සේගේ කැමැත්ත කියල. දැන් ටෝනි පල්ලි යන්නෙ
නෑ.
“මගේ කොල්ල මට නැති කරපු
ඒක දෙවියන්ගෙ කැමැත්ත නං, එයාට කරන්න බැරි දෙයක් නෑ කියල කියද්දිත් මගේ කොල්ලව
බේරලා දුන්නෙ නැත්තං, ඇයි මං තවත් එයාට වඳින්නෙ?” ටෝනි අහනව. එකට දෙන්න
උත්තරයක් මගේ ළඟ නෑ. කා ළඟවත් නෑ.
2. “කුඩම්මා”
දෙවෙනි චරිතය තමයි
“කුඩම්මා”. කවුරුත් එයාට කියන්නෙ කුඩම්ම කියල. ඇත්ත නම දන්නෙ නෑ. අවුරුදු 75ක්,
80ක් විතර ඇති. දකුණු අතේ වැලමිටේ ඉඳන් මැණික් කටුව වෙනකං ටිකේ සම්පූර්ණයෙන්ම පච්ච
ගහල තියෙන්නෙ. හම රැළි වැටිලා නිසා මොකද්ද කියල හිතාගන්න බෑ.
එයාගෙ කතාවත් ටිකක්
අමුතුයි. අවුරුදු පනස් ගණන්වල විතර පුතාල තුන්දෙනයි. තුන්දෙනාටම ටිකක් අවුට් වගේ.
ඒ හින්ද මුකුත් කරගන්න බෑ. ඉතිං කුඩම්ම කරන්නෙ උදේ පාන්දරම වෙරළ දිගේ ඇවිදගෙන යන
එක. යනකොට මුහුදු ගිහින් එන ධීවරයො මාලු කූරියෙක් දෙන්නෙක් දෙනව. කුඩම්ම ඒ ටික
විකුණල ඒ සල්ලි වලින් පුතාලව ජීවත් කරවනව.
ඒක තමයි එයාගෙ ජීවිතේ.
ඉන් එහාට කුඩම්මට අරමුණක් නෑ. තරුණ කාලෙ හෙනම කෙරුම්කරයෙක් වෙලා හිටියට දැන්
ජීවිතේට පැරදිලා.
3. මාර්කෝ
තුන්වෙනි
චරිතය මාර්කෝ. අවුරුදු 18යි. ඉගෙනගන්න දක්ෂ, ඒ පැත්තෙ ප්‍රසිද්ධ ලොකු ඉස්කෝලෙකට
ගිය එකෙක්. ඌට උගන්නන්න ඕනෙ නිසා අම්ම රට රස්සාවකට ගියා. කාලෙයක් යනකං ලියුම් එවල.
දැන් ලියුම් එන්නේ නෑ. තාත්ත ධීවරයෙක්. කාලෙකට කලින් මුහුදු ගියා ගියාමයි ආයේ ආවෙ
නෑ.
සමහරවිට මුහුද
දන්නව ඇති මොකද වුනේ කියල. සමහරවිට මාර්කෝ හැමදාම හවසට වෙරළට වෙලා ඉන්නකොට මුහුද
එයාට ඒක කියන්න හදනවා ඇති. ඒත් දැන් මොනව කරන්නද? මාර්කෝ දැන් ඉස්කෝලෙ යන්නෙ නෑ.
මුහුදු යනවා. වෙන දේකට නෙමේ, එදා වේල කාල ඉන්න.
ගෙයක් හදන්න,
කාර් එකක් ගන්න ආසාවක් නැති, අරමුණක් නැති මාර්කෝ ජීවිතේට පැරදිලා.
4. මුහුද
හතරවෙනි චරිතය තමයි මේ හැම දෙයක්
දිහාම බලන් ඉන්න මහා මුහුද. මේ අයගේ ජීවිතේ ඒක කොටසක් එයා. මේ හැමෝගෙම කතාව එයා
දන්නව ඇති. ඒත් ඉවසීමෙන් බලං ඉන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. හරියට අපි වගේ.
අපිටත් ජීවිතේ අනන්තවත් ටෝනිලා, කුඩම්මලා, මාර්කෝලා හම්බවෙලා ඇති. හැබැයි
අපි දන්නෙ නෑ. අපිට ගානක්වත් නෑ. නැවතිලා ඒගොල්ලො දිහා බලන්න වෙලාවක් නෑ. තමන්ගේ
ජීවිතේ ලොකුම දේවල් නැතිවෙලා, ජීවිතේ පැරදිලා ඉන්න මිනිස්සු අතරේ අපි ජීවිතේ
දිනන්න ට්‍රයි කරනව. තියෙන දේ මදි
කියල හිතනව. පොඩ්ඩක් හිතල බලන්න, මේ මිනිස්සුන්ට නැති කොච්චර ලොකු දෙයක් අපි ගොඩක්
දෙනෙක් ළඟ තියෙනවද කියල.
සතුට. සැනසීම.
ඔය මිය ගිය දරුවාව මම දන්නවා. මගේ ගෙවල් ළඟ සිදුවීමක්.
ReplyDeleteජීවිතය ගෙනත් දෙන්නේ පතන දේ නෙවේ. හැබැයි පතන්න ඕනේ වෙන හැමදේටම මූණ දෙන්න. දක්ෂයෙක් වෙන්න ඕනේ ඒකටයි.
අපූරු සටහනක්,හිතන්නට යමක් ඉතිරි කල.අගෙයි.
බොහොම ස්තූතියි කොමෙන්ටුවට :)
DeleteAwesome article machan :)
ReplyDeleteThanks machan. Hope you'll be visiting us frequently :)
DeleteThe flaw of life!!
ReplyDeletenicely written..
අපූරු සටහනක්,හිතන්නට යමක් ඉතිරි කල.අගෙයි.
ReplyDelete