Thursday, August 29, 2013

සුභ මංගලම්!

අවවාදයයි: මෙය රචකයාගේ මනඃකල්පිත රචනයක් වන අතර, මෙය කවරාකාරයකින් හෝ නුදුරු අනාගතයේ දී ඇත්තට සිදු වුනොත් ඕං අපි නෑ.
කලින් දවසක ගරු මර්වින් පෙරේරා මැතිතුමා (සමා වෙන්න ආචාර්‍ය්තුමා), නවනීදන් පිල්ලේ මැතිනියට කල මංගල යෝජනාව පෙරභවයේ කල පුණ්‍ය ක්‍රියාවකට පිළිගත් ඇය, මුළු මහත් ශ්‍රී ලංකාවට ම සතුටුදායක ආරංචියක් විය. මේ ඒ පිළිබඳ ව මැතිතුමා මාධ්‍ය ට කළ ප්‍රකාශය යි.
"ඔබතුමා පුදුම වුනා ද පිල්ලේ මැතිනිය ඔබගේ යෝජනාව පිළිගත්තහම?" (උදේ පාන්දරම ඩෝං යන ප්‍රශ්නනෙ මුං අහන්නෙ)

"මං මොකොට ද අයිසෙ පුදුම වෙන්නෙ? මං එදා ඒ මංගල යෝජනාව   කලේ හිතේ අංශුමාත්‍රය ක සැකයක් නැතිව. එහෙව් එකේ මං මොකොට ද පුදුම වෙන්නෙ. මං දැනං හිටිය ඇය මගෙ යෝජනාව ඉහටත් උඩින් පිළිගනී කියල."
"මැතිතුමා විවාහ උත්සවය පිළිබඳ විස්තර ටිකක් කිව්වොත්?"
"මේකයි. අපේ රටේ නවනීදන් ට අන්තවාදියා, කේලම්කාරී, බේගල්කාරි කියල උඩ දා ගෙන කෑගහපු ගොඩක් කට්ටියගෙ දැන් හිත් වෙනස් වෙලා. ඒක හින්දා, ආණ්ඩුව වේවා, විපක්ශය වේවා ප්‍රභූ පෙළේ ඕනෑම කෙනෙක් මේකට සහභාගී වෙනවා සහතිකයි. එකම විරසකයක ට තියෙන්නෙ වීරවංශ මැතිතුමා ගෙ අතුරුදහන් වීම තමයි.
මට මේක කියන්න පුළුවන්. විවාහ උත්සවයට පොලීසියේ සම්පූර්ණ අනුග්‍රහය සහ සහයෝගය ලබා දෙනව කියල පොලිස්පතිතුමා නම් මට පෞද්ගලිකව ම පොරොන්දු වුනා."

"මැතිතුමා. . . . සමාවෙන්න. ආචාර්‍ය්තුමා, මේ විවාහයෙන් පස්සෙ පිල්ලේ මැතිනියගේ ලංකාව පිළිබඳ මානව හිමිකම් වාර්තාව කොයි ආකාරයකින් හරි වෙනස් වෙයිද?"
"මෙහෙම යි. ඇයගෙ වාර්තාව කොහොම වෙනස් වෙයි ද කියන්න මං දන්නෙ නැහැනෙ. හැබැයි ඉතිං මං දන්නව අන්තිමේ දි එයා, 'ලංකාව හොඳයි, ඒත් මර්වින් හොඳායි' කියනවා කියල නම්."

No comments:

Post a Comment