Friday, October 4, 2013

"අපතයා"


ඇඳගෙන ඉරුණු ඩෙනිම
දාගෙන කබල් සෙරෙප්පු
තුරුළු කරන් හීන
මාවත දිගේ ඇවිද යන
අපතයා උඹද?
උඹට හිනාවෙන මමද?

දූවිලි වැදුණු සුදු කමිසය
යට ටැටුවක් වැසී තිබෙන
කියයි ලොකු කතාවක්
කිසිවෙකුත් නොදන්නා
අපතයා උඹද?
උඹට හිනාවෙන මමද?

සාක්කුවෙන් එළියට ගත්
උරමින් සිගරට්ටුව
දහසක් දේ සිතමින්
හිස් බැල්මෙන් බලා සිටින
අපතයා උඹද?
උඹට හිනාවෙන මමද?

ඒ ලෙවල් පාස් වී
යුනිවර්සිටි සිලෙක්ට් වුන
ඩිග්රියද මඟ දමා
ගෙදර බර කරට ගත්
අපතයා උඹද?
උඹට හිනාවෙන මමද?

නොම දකී කිසිවෙකුත්
මේ මහා මිනිසා
රකින්නට ගෙදර උන්
තැනින් තැන ගයනා
වීරයා උඹ!
අපතයා මම!




















6 comments:

  1. සිගරැට් බොන උන්ට "අපතයා" කිව්වට පව්‍ නෑලු. :3

    ReplyDelete
    Replies
    1. හහා.. ඇත්ත ඇත්ත.. ඒ උනත් සිගරට් එකට වඩා දෙයක් ඒ මිනිහ ඇතුලෙ තියෙන්න පුලුවන් :)

      Delete
  2. අපතයන්ගේ එක එක ප්‍ර බේද තියෙනව බං.. :)

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ ඇවිල්ල මිනිස්සු "අපතයා" කියල කිව්වට, ලොකු කතාවක් හංගගෙන ඉන්න වීර අපතයෙක් ගැන :)

      Delete
  3. නියමයි මචන්!!!

    ReplyDelete
    Replies
    1. "Members" ඒරියා එකෙන් subscribe පාරක් දාල මේ පැත්තෙ එන්න පුලු පුලුවන් වෙලාවට :)

      Delete