Tuesday, September 24, 2013

කෝපරේට් ලෝකය.


දඩාස්!
උදේ පාන්දර නැගිටින්නෙ ඇඳ උඩ නෙවෙයි ඇඳෙන් බිම වැටුනහම. එලාම් එක බල්ලට ගියාවේ. දැනටත් පරක්කුයි.

අම්මා උදේ පාන්දරම හදල දුන්න දුං දාන කෑම කාලා කටත් පුච්චා ගත්තා. අවුලක් නෑ  දත් මදිනකොට හරි යයි. කැතරිනා පරාදයි මම නාලා කරලා, ඇඳුම් ඇඳලා, සපත්තු දාලා ලෑස්ති වෙන වේගෙට. කොහොම කොහොම හරි අම්මටවත් වඳින්නෙ නැතිව, ගෙයිං එළියට පැනල බස් එකක එල්ලුනා.

"අයිසේ වට් බ්ලඩි ට්රැෆික්!" වටිං ගොඩිං මට ඇහෙනවා.
කාර් එකක් ගන්නකල් විතරයි. ඊට පස්සෙ යතෑකිනෙ පුක කෑඩිච්ච කඩියා වගේ.


ෂැහ්! අදත් පරක්කුයි. බොස්ට පේන්නෙ නැති වෙන්න........
"ඒයි! තමුසෙ අදත් පරක්කුයි නේද?!"
බලන්න එපැයි මිනිහ ඒක නියර නියර අහපු කැත!

බොසා ගෙන් කුණු බැනුම්. ඇවිත් බලනකොට කියුබිකලේ මගෙ පුටුව උඩ ෆයිල් කන්දක්. මේසෙ හොයාගන්න බෑ ෆයිල් කඩදාසි විමානයක්!
"ඒ මචං. අර එකවුන්ට්ස් ටික මගේ. චෙක් කරපන්. මං පොඩ්ඩක් එළියට යනවා මෙයත් එක්ක."
ඔළුව හරෝලා බැලුව කව්ද "මෙයා" කියලා. අනේ බුදු නංගියේ! ඔය ඇඳුම ඇඳං හුස්ම ගන්නෙ කොහොමද? රෙදි මදි වෙලාද ඔහොම කොට ට තදට ඇඟ හිර කරගෙන?

දවල්ට කන්න වෙලා නෑ. වැඩ වැඩ වැඩ! ඒක ඉවර වෙනකොට හවස හතත් පහු වෙලා. මේ වැඩ කරනවා බොස් දැක්කනං හෙණද මං අහන්නෙ?

ඕෆ් වෙලා කට ළඟට ම කපපු බස් එකක එල්ලුනා. මෙන්න නියම සාඩින් ටින්! දාඩියයි, සෙවලයි, ජීවන සුවඳයි ඔක්කොම එකට.

බස් එකේ ඔෆිස් ගිය සෙට් එකක් ටියුෂන් ගිහිං එන කෙල්ලෙක්ව බයිට් එකට අරං. සමහර මඟියො මේක දැකලා කට කොනින් හිනා වෙනවා, හිනා වෙලා අහක බලා ගන්නවා.

ඔය අතරෙ මට එහා පැත්තෙ මැද පොල්ලෙ එල්ලිලා ඉන්න ජ්‍යෙෂ්ඨ පුරවැසි ඩයල් එක මට කියනවා;
"අපි අපේ රටේ සංස්කෘතිය ගැන ආඩම්බර වෙනවා. උදම් අනනවා. ඒක අපි ආරක්ෂා කරනවා. ඉස්සරහට ඒ ආඩම්බර සංස්කෘතියට මොනා වෙයිද?!"


"අනේ යන්ඩ අංකල් යන්ඩ! මේක තමා කෝපරේට් ලෝකය කියන්නෙ!", කියලා කියන ගමන් මම අංකල්ට අතේ ඇඟිලි පහෙන් එක ඇඟිල්ලක් පෙන්නනවා.


No comments:

Post a Comment