Thursday, August 29, 2013

මොඩර්න් ෆේස්බුක් වීරයෙකුගේ ජීවිතයෙන්..


“හා හා ඔය දැන් නිදාගත්ත ඇතිනෙ. දැන් නැගිටිනව!” අම්ම ඇවිත් පෙරෝන රෙද්ද ඇදල දාල කාමරේ ජනේලෙ අරිනව. ඉර එළිය මූණට වැටෙනකොට නිදාගන්න බෑ. මං නැගිටිනව. අම්ම තේ එකක් ගෙනත් තියල. මූණ හෝදගෙන ඉන්නවද, තේ ඒක බීල ඉන්නවද? අනේ මංද. එක්කෝ තේ ඒක බොනව. දැන් ටක් ගාල කොම්පියුටරේ දාල ගේමට බහින්න එපැයි.

මං තේ ඒක බීල කොම්පියුටරේ ඔන් කරනව. ඒ මඟුල හද්ද පරණ හින්ද ඔන් වෙන්න පට්ට වෙලාවක් යනව. ඒ අතරෙ මං ගිහිං පටස් ගාල මූණ හෝදගෙන එනව. දැන් හරි. ඕනෙ ගේමකට රෙඩි. බුකිය පැත්තෙ ගිහිං බලන්න ඕනේ හම්බයො මොනවද කියන්නෙ කියල. අපේ රටට ඇවිත් අපිටම කෙළින්න හදන යක්කු. අපේ සමහර ගොන් වහන්සේලටත් ඒ ටික තේරෙන්නේ නැති හැටි!

ආ මේ තියෙන්නෙ හම්බයෙක්ගෙ පොස්ට් එකක්. මොකක්?! “අපි ඔක්කොම එකමුතුව ඉන්න ඕනෙ”? අනේ ඌ දන්න රෙද්ද! මේව දකිනකොට තමයි මගේ සිංහ ලේ ටික රත් වෙන්නෙ. ඇයි යකෝ, මේක සිංහල රට. මේකෙ මුංට ඉඩක් නෑ. ඉන්න ඕනෙනං අපි කියන විදියට හිටපල්ලා. බැරිනං පලයල්ලා අරාබියට. මොන මඟුලක්ද? අරහෙන් දාගැබ් ඩෝසර් කරනව. මෙහෙන් හලාල් ගහල අපිටම කෙළවන්න සල්ලි එකතු කරනව. ඒ මදිවට එකමුතුව ඉමු කියනව. පොඩ්ඩක් හිටපංකො මූට රිප්ලයි කරලම ඉන්න. මුගෙ ජාතකේම මතක් කරල දුන්නෙ නැත්තං බෑ මේක කරන්න. ඔය අම්බානක සුද්ද සිංහල වචන තියෙන්නෙ. ඒවයින්ම දීල අරිනව. ආ.. මේ ඉන්නෙ අර හම්බයොන්ට දීගෙන යන හම්බ සිංහලය. ඌටත් එක්කම දෙන්න ඕනේ.

හරි. ඒ වැඩෙත් ඉවරයි. දැන් පොඩ්ඩක් අර මං පස්සෙන් යන කෙල්ලගෙ ප්‍රොෆයිල් එකට ගිහින් බලන්න ඕනේ. ඒකි මාර පට්ට. නියම සිංහල කෙල්ලෙක්. හ්ම්.. ඔය තියෙන්නෙ අලුත් ප්‍රොෆයිල් පික් එකකුත් දාල. ඒක නං මැක්සා. ලයික් එකක් දාන්න ඕනෙ. හුටා! හම්බයෙක් ලයික් කරල නේද?! මළ කෙළියයි. හොඳ වෙලාවට මම මේකිගෙන් බේරුනේ. හෙනම බඩුවක්ද කොහෙද. වැඩක් නෑ කතා කරල. මේකෙ ෆොටෝ එකක් අරං යවන්න ඕනේ අර අහවල් පේජ් එකට. උන් ඒක ශෙයාර් කරල මේකිගෙ වැඩ පෙන්නනකොටවත් මොළේ පෑදෙන්නෙ නැතෑ.

ඒ අතරෙ අම්ම කියනව නිකං ගෙදෙට්ට වෙලා කකා බිබී ඉන්නෙ නැතුව ගිහිං රස්සාවක්වත් හොයාගනින් කියල. අම්ම නං කියයි. ඕ ලෙවල් පාස් උනෙත් පට්ට අමාරුවෙන්. ඒ ලෙවල් ෆේල්. සිකුරිටි ජොබක් තමයි කරන්න වෙන්නෙ. එත් සිකුරිටි කාරයෙක් වෙලා හම්බයන්ගේ මඟුල් ගාඩ් කරන්න යන්න මට පිස්සුවටෑ. අම්මට තේරෙනවයැ ඕව. අනිත් ඒක එහෙම ගියාම කවුද මෙහෙම මුන් රටට කරන විනාසෙ ගැන කතා කරන්නෙ? කන්න නැතුව මැරිල ගියත් මේ කරන වැඩේ නම්බුයි මට.


ආ මට තව පොඩ්ඩෙන් අමතක වෙනව. අද අර සේනාවෙ රැස්වීමක් තියෙනවනෙ. ඒකට යන්න ලෑස්ති වෙන්න ඕනෙ. මේ.. අපි වෙන දවසක සෙට් වෙමු හරිය? ජය වේවා!


5 comments:

  1. ෂාහ්! මං වගේ තව උන් ඉන්නවා එහෙනං! සතුටුයි සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ආ චෙවිඳු!සතුටුයි මේ පැත්තෙ එන ඒක ගැන. දිගටම වරෙන් :)

      Delete
  2. අඩේ රහයි මචං. මමත් එකක් ලිව්වා,හැබැයි මේක තරං නම් රිදෙන්නේ නෑ සහෝදරයා.
    එකක් කියන්නං,

    බුදු දහම රැක ගන්න මිනී මරාගන්න හිතනවා නම්,බුදු දහම නැති වෙන්නේ ඒ හිතුවිල්ල ආපු මොහොතෙමයි. කන්‍යාභාවය රැක ගන්න නම් කරන්න ඕනේ පුළුවන් තරං සංසර්ගයේ යෙදෙන එක නෙවේ.

    ReplyDelete
    Replies
    1. ඔය ටික හැමෝටම තේරෙන්නෙ නෑනෙ බං. එකනෙ සීන් එක.
      සතුටුයි වැඩේ අල්ලල යන ඒක ගැන.

      ජය වේවා! :)

      Delete
  3. නියමෙට තියෙනවා.. ජය වේවා..

    ReplyDelete