Sunday, September 1, 2013

තමුසෙගෙ කෙහෙම්මල් ආදරේ..

මම තමුසෙට ආදරේ නෑ
මගේ ආදරේ සාපේක්ෂයිලුනෙ
(තමුසෙගෙ ආදරේ වගේම)
මම ඉන්නෙ තමුසෙගෙ පාලු මකන්න
වැඩ නැති වෙලාවට කතා කර කර ඉන්න
තමුසෙ මට ආදරේලු

ඔව්.. තමුසෙට කම්මැලි වෙලාවට
අරූ ආදරේලු මට වඩා
මූත් මෙහෙම කිවුවලු
ඉතින් මට පාන් ද?
ඕක නම් තමුසෙගෙ ආදරේ
මට එපා තියාගනින්
ඉල්ලන කෙනෙක්ට දීලා දාපන්
බයවෙන්නෙපා,
මම තවත් ආදරේ නෑ තමුසෙට
තමුසෙත් ආදරේ කරන්නෙපා මට

1 comment: