Friday, September 27, 2013

කාලකන්නි (?) තුන්දෙනෙක් එක්ක විනාඩි තුනක්...

"උඹ දැන් revision යනවද?"
"නොයා බෑනෙ"
"එතකොට උඹ class යන්නෙ නොයා බැරිකමට?"
"Class නොයා කොහොම A/L ගොඩදාන්නද?"
"A/L pass නොවුනට මැරෙන්නෙ නෑනෙ"
"උඹ නම් කියයි. උඹට සල්ලි තියෙනවනෙ. අපි වගේ එවුන් A/L නොකර වෙන මොනව කරන්නද?
"ඇයි බන් දැන් ඔය ඕනෙතරම් දේවල් තියෙන්නෙ කරනවනම්? ඉස්සර වගෙ A/L වලට මැරෙන්න ඕනයැ? Student loan එකකින් private degree එකක් ක‍රපන්"

"ඕවා ගෙවන්නත්, කරන degree එකට job එකක් ලැබෙන්න එපැයි"
"ඇත්තටම මොකටද අපට මෙච්ච්ර load එකක් දෙන්නෙ A/L වලට? අපේ අය්යා කියනවා උන්ට campus එකේ 1st year උගන්නන තරමෙ ඒවත් අපේ A/L syllabus එකේ තියෙනවලු"
"ඉතින් එතකොට පස්සෙ කරන්න තියෙන වැඩ ප්‍රමාණෙ අඩුවෙනවනෙ?"
"පස්සෙ වැඩ කරන්නත් ඉතින් ඉස්සරවෙලා කරගන්න පුලුවන් වෙන්න එපැයි. උඹම කියපන් මේ load එක පාඩම් කරන්නෙ කොහොමද කියලා?"
"උඹල බැන්නට ලංකාවෙ අධ්‍යාපන මට්ටම හොඳයි බන්"
"බම්බුව! ලංකාවෙ අධ්‍යාපන මට්ටම ඔය කියන විදිහට හොඳනම්, olympiad වලට රට යන උන් පැරදිලා එන්නෙ මොකද? උන් පැරදෙන්නෙත් උන්ට බාල එවුන්ට"
"ඒවයින් වැඩක් නෑ. දැන් උඹ science වලින්මද ආයෙ A/L කරන්නෙ?"
"මම බැලුවෙ මේ සැරේ දුටුගැමුණු සහ සමාගමට බැඳෙන්න"
"ඉතින් ‍යකෝ මුල ඉඳලම arts නොකර මොන කෙහෙල්මලකටද science කළේ??"
"මොනවා හරි කරලා campus එකකට පැනගන්නනෙ ඕන. එතකොට ගොඩනෙ!"
"ඒ කියන්නෙ උඹට අරමුණක් නෑ? මොනව හරි කරලා campus ගියාම ඇති? ඊට පස්සෙ? ඇත්තටම මොකද්ද බන් මේ වැඩේ තේරුම? මුල ඉඳලම arts කළා නම් උඹ මේ සැරේ pass වෙනවා. Arts වලට දක්ෂ එකා ඒක නොකර science කරාම හරියනවද? අපරාදෙ ජීවිතෙන් අවුරුදු දෙකක්. උඹ අර ඇන්ටිට, මේ කෙල්ලට පේන්න science කරන්න ගත්තා. දැන් arts වලට class යනවා"
"මම science කළේ ගෙදරින් කියපු නිසා බන්. අම්මලා කොච්චරවත් කියනවා එයාලට නොතිබුන සැප අපට දෙන්නෙ, එයාලට වඩා ඉහලට අපිව යවන්න කියලා. ඉතින් මම කොහොමද ඒ මිනිස්සු කියන එක නාහ ඉන්නෙ?"
"අම්මල ඒව කරන්නෙ ආදරේට බව ඇත්ත. ඒත් උඹට ඇත්තටම කරන්න ඕන දේ අම්මලට කියන්න තිබ්බා. උඹට බැරි දෙයක්, අකමැති දෙයක් කරලා A/L අනාගන්නවට වඩා නම්බු නැද්ද කියපන් තමන් කැමති දේ තමන්ට පුලුවන් විදිහට කරන එක? තව අවුරුදු විස්සකින්, උඹ අකමැති job එකකට උඹව හි‍රවෙලා ඉන්නකොට උඹ අම්මලට විතරක් නෙවේ, තමන්ටමත් බැනගනීවි."
"දැන් ඉතින් ඕවා කොච්චර කතාකළත් වැඩක් නෑ. වරෙන් ගෙදර යන්න"

No comments:

Post a Comment