Monday, September 16, 2013

අනාගැනීම.

මෝඩයා! මැටි හරකා! කිව්වා නේද ඔය වගේ වැඩ කරන්න එපා කියල!”
තමුසෙව හැදුවට මටයි ගහන්න ඕන!

අහල පුරැදු යි වගේ නේද?

"පුතේ, හොඳ පුතා වගේ ගිහිං කඩෙන් අර බඩු ටික අරං ඵන්න."
"මගෙ හොඳ දූ ගිහිං රෙදි ටික වේලෙන්න දාන්න."

අවුරුදු පහේ හයේ මතක ඇති කාලෙක ඉදන් ම අපිට අපේ අම්මා තාත්තාගෙන් මේ වගේ දේවල් අහන්ට ලැබෙන්න ඇති අනිවාර්යයෙන්ම.
ඔව්. ඇත්ත.
අම්මා තාත්තා අපේ හොඳ වැඩ ‍‍අගයන්නෙත්‍‍, නරක වැඩ වලට බනින්නෙත්, ගහන්නෙත් අපිට උගන්නන්න. අපිට තියෙන ආදරේට.



ඒත් ඔවුන් කොහොමද අපේ වැඩ හොඳයි නරකයි කියල වෙන් කරග්තේ?
අපි ඉපදෙන්න ඉන්නකොට අම්මා කියෝපු පොතකින්ද? නැත්නම් ඔවුන්ගේ අම්මලා තාත්තලාගේ අවවාද අනුශාසනා වලින්ද?
නැතිව ඉතිං අපි එළියට එනකොට "භාවිතයට උපදෙස්" තියෙන පොතක් අරන් ආවයැ?
කොහොම වුනත් ඒ උපදෙස්‌ හැම ළමයෙකුටම සාධාරණයක් කරනවද? ඒ අවවාද ළමයගෙන් ළමයාට වෙනස් වෙන්න බැරිද?

"අපේ අම්මා කියල තියෙන්නේ කවුරු හරි මට ගැහැව්වොත්, අම්මට හරි, තාත්තට හරි, ටීචර්ට හරි කියන්න කියල."
"අපේ තාත්තා නං කියල තියෙන්නේ ගැහැව්වොත් ගහන්න කියල."
වෙනස පේනවද?

එහෙම බලාගෙන ගියාම, මොන අම්මා තාත්තා වුනත් තමන්ගේ දරුවන් ලොකු මහත් කරද්දි වැඩේ අම්බානක අනාගන්නවා නෙවෙයිද?

තාත්තා උදේට වැඩට ගිහිං රෑට බීලා එන, අම්මා පුතාව දූව ඉස්කෝලෙ දාලා රස්තියාදු ගහන පවුලක ළමයත්, තාත්තයි අම්මයි සතුටින් ජීවත් වෙන, ආදර්ශමත් ජීවිත ගත කරන පවුලේ ළමයත් අතර මහා විශාල පරස්පරයක් නැත්තේ ඒක හින්දා වෙන්නට පුලුවන්.

සෑම අම්මා තාත්තා කෙනෙක්ම තමන් උගත් දෑ, අසා ඇති දෑ, පළපුරුදු දෑ ළමයාට ඉගැන්වීම තුළින් කරගන්නේ ගමයි රටයි සමාජයයි කම්බස් කිරීමකි යැයි මොනවට කියම්ද.


චිරාත් කාලයක් තිස්සේ වුනෙත් ඒක හින්දා, ඉස්සරහට වෙන්නත් ඒක යැයි කිව්වොත් නිවැරදියි නේද?


"That's why all parents screw up all children."

2 comments:

  1. ගැහුවොත් ගහන්න කිව්වම මට මතක් වුනෙ කැළනියෙ ඇමතිතුමා දරුවො හදපු හැටි.. හදන හැටි..

    ජය..

    ReplyDelete
    Replies
    1. මිනිහා විතරක් නම් කමක් නැතෑ. ඔය ඕන තරම් ළමයි පියාඹන ප්ලේන් වල දොරවල් අරින්නේ :)

      Delete