Friday, October 25, 2013

රැජිණියනි එන්න, මල් පිපී ඇති සැටි බලන්න?


ලංකාව. ජනගහනය මිලියන විසිදෙකයි. ආර්ථිකේ බංකොලොත්. රට දුවන්නෙ ණය උඩ. ජනාධිපතිගෙ විතරක් වාර්ෂික වියදම රුපියල් කෝටි 856ක්.
'රුපියල් කෝටි'

'කෝටි'

තව දින විසි එකකින් පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව මෙහි අගනුවර වන කොළඹදී පැවැත්වීමට නියමිතයි (රැජිණට යටත්ව සිටි බව තවමත් මේ රටට ගෞරවයක්!) මෙයට සහභාගී වන රටවල් 54න් රටවල් 32ක්ම ජනගහයන ලක්ෂ 15ට අඩු කුඩා රටවල්. දුප්පත් රටවල්. කැනඩාව හා ඉන්දියාව සහභාගී නොවන බව දන්වලා තියෙනවා. රටට වෙන වාසියක් නම් නෑ මේ සමුළුවෙන්. නමුත් රටට අහිමිවන දේ නම් අති විශාලයි.

මේ සමුළුව නිසා කොළඹ හා කොළඹ ආශ්‍රිත නගර දැන් හඳුනගන්නත් බැරි තරම්. කොළඹ හොඳට තිබුණු පදිකවේදිකා කඩලා, ඒ වෙනුවට පාට පාට ගල් අල්ලනවා. ලයිට් කණු ගලව ගලව හිටවනවා. වට රවුම් වලයි පාර දෙපැත්තෙයි මල් වවනවා. උද්‍යාන වල තාප්ප ගලවනවා. පාරවල් කාපට් කරනවා. කෙටියෙන් කිවුවොත්, කොළඹ 'දුප්පතුන් නැති නගරයක්' බව පෙන්නන්න උත්සාහ කරනවා.

කොළඹ ලස්සන වෙනවට මමත් කැමතියි. නමුත් රටේ ජනගහනයෙන් 80%ක් දුප්පතුන් බව දැනගෙන, ඒ ලස්සන විඳින්න පුලුවන්ද? පාර අයිනෙ තේ කඩ දාන හිටි සෝමසිරිලා, චෙල්ලයියලා දැන් කොහොමද ජීවත් වෙන්නෙ? ඔවුන්ගෙ කඩ කඩලා, ඒ ඉඩම් ලොකු ලොකු සල්ලිකාරයින්ට දීලා. කොළඹ පාරවල්, ඇළවල් අයිනෙන් මුඩුක්කු අයින් කරලා. ඇමතිවරු පොරටෝක් දුන්නට ඒ මිනිස්සු තවමත් මහපාරෙ. මේ සියල්ල කරන්නෙ අපට ආදරේට නම්, කාගෙන ඉන්න පුළුවන් කොහොමහරි. ඒත් එක්තරා පවුලක 'නිශ්ශංකමල්ල සින්ඩ්‍රෝම්' එක හේතුවෙන්, අවුරුදු 30ක යුද්ධයකිනුත් විනාශ නොවුනු රට ගොඩගන්න අසීරු විදිහට විනාශ වෙනවා බලන් ඉන්න නම් අමාරුයි. අසරණ මිනිස්සු අනාත වෙලා දුක් විඳිනවා බලන් ඉන්න අමාරුයි.
ඔබත් මමත් ඉගෙනගත්තෙ මේ රටේ දුප්පත් මිනිස්සුන්ගෙ මුදලින්. එනිසා ඔබටත් මටත් යුතුකමක් තිබෙනවා පෙරලා ඔවුන්ට උදවු කරන්න. ලෝකෙට පේන්න 'අධිරාජ්‍ය ගැතිබව' ප්‍රදර්ශනය කරන්න විශාල මුදලක් වියදම් කරද්දි, මේ කොළඹ නගරෙ ඇතුලෙම කන්න බොන්න නැතුව ඉන්න මිනිස්සු එමටයි. අමතක කරන්න එපා ඒ මිනිස්සුන්ට ඔබත් මමත් ණය බව. අපට අතීතයවත්, වර්තමානයවත් පාලනය කළ නොහැකියි තමයි. නමුත් අනාගතය රඳාපවතින්නෙ අපේ තීරණය මතයි.


9 comments:

  1. monawa karannada ban.balagena innawa arenna....

    ReplyDelete
  2. බලන් ඉන්න බෑ බන්, ඒකනෙ අවුල :/

    ReplyDelete
  3. බලන් ඉන්නවට වැඩි දෙයක් අපි මේ ලියන එකෙන් කරනවා නේද? ඒත් ඉතින් ලිවීමෙන් විතරක් ප්‍රශ්න විසදෙන්නෙ නැහැනෙ. අනික ඊට වඩා වැඩි යමක් කරන්න තරම් හැකියාවක්, උනන්දුවක් නැති එකනෙ ඊළග කාරණේ.

    ReplyDelete
  4. හැකියාව හා උනන්දුව එක පාරට ඇතිවෙන්නෙ නැහැනෙ. ඒක ඇති කරන්න උත්සාහ කිරීමකුයි මේ කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.
      ඒත් මේ උත්සහය ප්‍රමාණවත් ද?

      Delete
    2. නැහැ. නමුත් මේ එක උත්සාහයක් පමණයි. රැඩිකල් ගැන්සිය ඉදිරියට තවත් දේ කරාවි.

      Delete
    3. සතුටුයි රැඩිකල් ගැන්සියට සෝඩා බෝතලයක් වෙන්න අදහසක් නැති එක.

      Delete
  5. කොල්ලුපිටිය සංහාරයට පස්සේ දෙමටගොඩින් ෆ්ලැට් ගහල දුන්න නම් තමා,තට්ටු 5x4 ක මිනිස්සු අවුරුදු තුනක් කොහෙ උන්නද නම් මං දන්නේ නෑ.

    මේ පාරත් එහෙම වෙයි. මම නම් ලගකදී කොළඹ ආවේ නෑ ඕව දකින්න.

    ReplyDelete
    Replies
    1. අන්න, මුළු පවුලකටම වර්ග අඩි 350යි. කරන්ට් නැහැ සමහර ගෙවල් වලට

      Delete