Thursday, September 12, 2013

සාහිත්‍ය මාසයට පොඩි අයිඩියා එකක්..



සැප්තැම්බර්. සාහිත්‍ය මාසය.

මේ සාහිත්‍ය මාසය නිසාත්, කොළඹ පොත් ප්‍රදර්ශනය ළඟ ළඟම එන නිසාත්, පොඩි අයිඩියා එකක් දෙන්න හිතුන අපේ “ජෝඩු දාල ඉන්න එවුන්ට”..

කතාව මෙහෙමයි.

ලව් කරන ගොඩක් කොල්ලො (ඒ කියන්නෙ ඔය ලව් කළාට ලව් කිරිල්ල ගැන මෙලෝ අයිඩියා එකක් නැති අයියලයි, ලෝබ කුණාලයි ඇරුනම අනිත් උන්) සාමාන්‍යයෙන් කරන දෙයක්නේ ඔය කෙල්ලව එහෙ මෙහෙ එක්කන් ගිහින් කන්න බොන්න අරං දෙන එක. කෙල්ලෙක්ව සෙට් කරගන්න දත කන උනුත් හදනවනෙ ඒවා මේවා අරං දීල වැඩේ ගොඩදාගන්න.
ලංකාවෙන් පොඩ්ඩක් එළියට, යුරෝපය පැත්තට එහෙම ගියොත්, Wanna grab a coffee/drink sometime?” කියල අහල පටන් ගන්නෙත් ඕකම තමයි (දන්නැති උන් දැනගනිල්ලා. මතක තියාගත්තත් කමක් නෑ, දවසක ඕනෙ වෙයි).

අපිට බැරිද මේක පොඩ්ඩක් මෙතනින් එහාට ගෙනියන්න? කන බොන එක ඇරෙන්න වෙන වැඩක් කරන්නම බැරිද ඔය සල්ලි වලින්?

ඔය කොල්ලන්ට බැරිද අඩුගානෙ මේ මාසෙවත් කෙල්ලට පොතක් දෙකක් අරං දෙන්න?

ඇත්ත, කන බොන එකෙන් පාඩුවක් වෙන්නෙ නෑ. බඩ පුරෝගන්න තියෙනවනං ඕනෙ එකක්. ඒත් වෙනසකටත් එක්ක පොතක් අරං දීල බලන්න. හරිම අමුතු අත්දැකීමක් වෙයි සමහරවිට.  

අත්හදා බලන්න ඕනෙනං කොළඹ පොත් ප්‍රදර්ශනය හොඳ අවස්ථාවක් කරගන්න පුලුවන්. අපි හිතමු ඔබ කැමති ගෑල්ළමයෙක් පොතක් බල බල ඉන්නව. වෙන වෙන විකාර අහනව වෙනුවට ඔබ ගිහින් පොඩ්ඩක් හිනා වෙලා, ඇගේ තේරීම අගේ කරල, ඒ පොත අරං දෙනව. සාමාන්‍ය කෙල්ලො වගේ නෙමෙයි, පොත් කියවන කෙල්ලන්ට මොළේ තියෙනව. මං කිව්වෙ හොඳ පොත් කියවන කෙල්ලො ගැන. එහෙම නැතුව ඔය Twilight වගේ ඒවයි, යුගයේ නවකතාකරු වන සුජීව අප්‍රසන්න ආරච්චි මහත්තයගේ පොතුයි නෙමෙයි.

හොඳ පොතක් කියන්නෙ සාහිත්‍යමය රසාස්වාදය අතින් ඉහළ තැනක තියෙන එකක්. එහෙම එකක් රසවිඳින්න හැමෝටම බෑ. ඒකට හොඳ රසවින්දන හැකියාවක් තියෙන්න ඕනෙ. වෙන වචන වලින් කිව්වොත් මොළේ තියෙන උන්ට විතරයි හොඳ පොතක් කියවල රසවිඳින්න පුලුවන්. පොත්වලට විතරක් නෙමෙයි, සංගීතයට, නැටුමට, චිත්‍ර කලාවටත් තියෙන්නෙ ඔය තියරියම තමයි. එහෙම මිනිස්සු අඩුයි, හැබැයි නැත්තෙ නෑ. ඒක හින්ද තමයි පොතක් බල බල ඉන්න කෙල්ලට ඒක අරං දෙන්න කලින්, මොකද්ද ඒ පොත කියන එක බලන්න ඕනෙ වෙන්නෙ. පොතේ කවරෙන් පොතක් මනින්න බෑ. හැබැයි, පොතෙන් පොත කියවන කෙනාව මනින්න පුලුවන්.

පොතක් කියන්නෙ හරියට පාවිච්චි කළොත් ජීවිත කාලයක් තියාගන්න පුලුවන් වටිනා දෙයක්. බීම වීදුරුවකට, කෑම පිඟානකට වඩා පොතක පිටු අතරෙ මතකයන් ගොඩක් අහුරන්න පුලුවන්. එක විදිහකට බැලුවොත් කාල යන්ත්‍රයක් (time machine) වගෙ. පොතකට පුලුවන් අපිව අපි නොදන්නා දුර ඈත අතීතයටත්, අපිට හිතාගන්නවත් බැරි දුර ඈත අනාගතයටත් ගෙනියන්න.


ඇරත් කවුද දන්නෙ, අයිස් ක්‍රීම් එකක්, ඔරේන්ජ් ජූස් එකක් අරං දුන්නට වඩා, පොතක් අරං දුන්නොත් සමහරවිට ඔබේ පෙම්වතිය ඔබට තවත් ළං වේවි.


6 comments:

  1. //පොත් කියවන කෙල්ලන්ට මොළේ තියෙනව. මං කිව්වෙ හොඳ පොත් කියවන කෙල්ලො ගැන. එහෙම නැතුව ඔය Twilight වගේ ඒවයි, යුගයේ නවකතාකරු වන සුජීව අප්‍රසන්න ආරච්චි මහත්තයගේ පොතුයි නෙමෙයි.// මසුරං!

    ඔය යකාගේ ඒවා මම කියෝලා නම් නෑ,පිටකවරේ දැක්කම අප්පිරියයි.ඒත් මම ඉන්නේ දෙක තුනක් කියෝලා මොනාද තියෙන්නේ බලන්න!


    පොත් ප්‍රදර්ශනේට එහෙමත් යන කට්ටිය මෙන්න මේ වැඩේට උදව්වක් දුන්න නම් තව වටිනවා.

    http://karuugesithroo.blogspot.com/p/blog-page_28.html

    ReplyDelete
    Replies
    1. ඒ වගෙ පොත් නං දෙක තුනක් කියවන්න ඕනෙ නෑ. එකක් කියෙව්වොත් ඇති. හැම පොතේම තියෙන්නෙ එකම කතාවනේ. කෙල්ලගෙ නම විතරයි වෙනස්.

      Delete
  2. සිරාවටම ඒකනම් අපේ අයට ගොඩක් හොඳායි.......සුජීව අයියගෙ එකක් ආසාවට කියවල බැලුව..එකත් මැදක්..ඒ කියන්නෙ වර්ෂා-4....අව්ලක්ම නෑ...එකෙ හොටු කඳුලු මාර්කට් කරනව උපරිමයට....අපේ ජුකී සහොදරියොන්ගෙ අතෙ සතෙ හිඳෙනකන් කියවන්න පංකාදු බඩු........ඉතින් ඕක කියවල ඉවර වෙලා ඉස්කෝලෙ ගිහින් මරදානෙ පොත් සාප්පු මැදින් එනකොට මෙන්න බොලේ වර්ෂා-11 ත් දොට්ට දලා.........ඒක දැකපු මටත් එයාගෙ කතා කියවල කට්ටිය අඬන්නෙ ඇයි කියල හිතාගන්න අමාරු උනේ නැහැ...

    ReplyDelete
  3. සිරාවටම ඒකනම් අපේ අයට ගොඩක් හොඳායි.......සුජීව අයියගෙ එකක් ආසාවට කියවල බැලුව..එකත් මැදක්..ඒ කියන්නෙ වර්ෂා-4....අව්ලක්ම නෑ...එකෙ හොටු කඳුලු මාර්කට් කරනව උපරිමයට....අපේ ජුකී සහොදරියොන්ගෙ අතෙ සතෙ හිඳෙනකන් කියවන්න පංකාදු බඩු........ඉතින් ඕක කියවල ඉවර වෙලා ඉස්කෝලෙ ගිහින් මරදානෙ පොත් සාප්පු මැදින් එනකොට මෙන්න බොලේ වර්ෂා-11 ත් දොට්ට දලා.........ඒක දැකපු මටත් එයාගෙ කතා කියවල කට්ටිය අඬන්නෙ ඇයි කියල හිතාගන්න අමාරු උනේ නැහැ...

    ReplyDelete
    Replies
    1. හහ්හා.. ඔව් ඉතිං එක පොතක් කියවල ඉවර කරන්න කලින් තව පොත් හතරක් විතර එළියට දැම්මම ඇඬෙනව තමයි.
      හැමතිස්සෙම කෙල්ල පෝසත්, කොල්ල දුප්පත්. කෙල්ලගෙ ගෙදරින් කැමති නෑ. කොල්ලව මරන්න හදනව. පස්සෙ කොහොමහරි "ආදරේ ජයගන්නව". එක්කො කොල්ල පෝසත්, කෙල්ල දුප්පත්. එහෙම උනොත්, කෙල්ල සියදිවි නසාගන්න හදනව. ඊට පස්සෙ කොහොමහරි වැඩේ ශේප් වෙනව.
      හැමදාම එකම ටික.

      Delete