Friday, September 20, 2013

කෙලෙහිගුණේ හෙටත් ‍රකිමුද අපි?

මාසෙ පඩිය තිස්දාහයි
ගෑණියි, මමයි, අම්මයි, තාත්තයි, දරුවො දෙන්නයි
අම්මා ලෙඩින්
බෙහෙත්වලට මාසෙට පන්දාහයි
ළමයින්ගෙ ඉස්කෝල වලට දෙදාහයි
ලයිට් බිල් වතුර බිල් ණය ණය ණය....
පඩිය ඉවරයි


බතට ලුණු ඉහන්, සම්බෝල ඇඟිල්ලෙ තවරන්
ඒත් එක්කම ලොවිනවා චින්තනේ
යුද්දෙ ඉවරයි, පාරවල් අධිවේගයි
අවුරුදු පහක් පුරා රට රැකගත් කෙලෙහිගුනේ
හෙටත් ‍රකිනව අපි
උඩදාන ගිහින් ගහල කතිරෙ
කාර් ‍රේස් බල බල
භාවනා කර කර
හිටියහැකිනෙ තව අවුරුදු හතරක්
කිවිසුමක් ගියත් විපක්ෂෙට බැන බැන

2 comments: