Thursday, September 12, 2013

ඇත්තටම ඔහු වීරයෙක් ද?

කෝච්චිය පරක්කුයි. සීතල හුළඟත් එක්ක එන හිරිකඩට ඔලුවෙ ඉඳන් තෙමෙනවා. ඒත් කුඩේකුත් නැතුව හොඳ ගාණට තෙමිලා, පෙඟිලා ඉන්න නිසා ඒක ඒ තරම් ප්‍රශ්නයක් වුනේ නෑ මට. මම උඩ බිම බල බල ඉන්නවා. කෝච්චිය තවම නෑ. මට ටිකක් ඈතින් තාත්තෙක්ගෙ අතේ එල්ලුන පුංචි කෙල්ලෙක්. අවුරුදු එකොළහක්, දොලහක් වයස ඇති ඈට. ඈ මොකද්දෝ දෙයක් ගැන හරි උනන්දුවෙන් කතාකරන බව පේනවා. ඇගේ තාත්තා සැරින් සැරේ ඈ අසන දේවල් වලට පිළිතුරු දෙන හැටිත් මට පේනවා. ඔවුන්ගෙ කතාව අහන් ඉන්න ආසාවක් මට එනවා.
'අනුන්ගෙ කතා අහන් ඉන්න එක කැත පුරුද්දක්!' කියලා මට දැන් බනින්නෙපා. ඒ කෙල්ල කතාකරන විදිය හරිම හුරතල්. ඉතින් මම ඔවුන්ගෙ ආසන්නයට ඇවිදන් ‍යනවා.



"...තව. මහත්මා ගාන්ධි ගැනත් ලියන්න පැවරුමක් දුන්නනෙ අප්පච්චි ඉතිහාසෙ ටීච!"

"හ්ම්... මහත්මා ගාන්ධි?"

"ඔව් ඔව් අප්පච්චි, අර අවිහිංසාවාදයෙ පියා කියන්නෙ? අර ඉන්දියාවෙ වීරවරයා අප්පච්චි?"

"මහත්මා ගාන්ධි වීරයෙක් නෙවේ පුතේ.."


මොකක්?? මහත්මා ගාන්ධි වීරයෙක් නෙවේ?? ඒ මොන කතාවක්ද ඒ තාත්තා ඒ දුවට කිව්වෙ??


"ඒ වුනාට අප්පච්චි ටීච කිව්වෙ එයා වීරයෙක් කියලනෙ. එහෙම නෙවේ කියන්නෙ  ඇයි?"

"මිනිස්සු මහා ගොඩක් නිරපරාදෙ මරවපු මිනිහෙක් පුතේ ගාන්ධි"


එහ්? මිනිස්සු මැරෙව්වාලු මහත්මා ගාන්ධි??


"ඉතින් අප්පච්චි  එයා අවිහිංසාවාදෙ පියා නම් මිනිස්සු මරවන්නෙ කොහොමද?"


හා බොරුකාර අප්පච්චි දැන් දීපන්කො උත්තර!


"සුද්දොන්ට විරුද්ධව ඉන්දියාවෙ මිනිස්සු සටන් කළා පුතේ. නිදහස ලබාගන්න. ඒත් ගාන්ධි අවිහිංසාවාදය හඳුන්වා දුන්නම මිනිස්සු ඒක පිළිගත්තා. ආයුධ වලින් සටන් කිරීම නැවැත්තුවා. හිස් අතින් සුද්දො  ඉස්සරහට ගිහින් උද්ඝෝෂණ කළා, තැබෑරුම් කැඩුවා, ආණ්ඩුවට බදු නොගෙවා හිටියා. ඒත් සුද්දා ඇවිත් වෙඩි තියනකොට, ගහලා මරණකොට අතක්  ඉස්සුවෙ නෑ  අවිහිංසාවාදෙ නිසා. අහිංසක මිනිස්සු, ගෑණු නිරපරාදෙ මැරිලා ගියා. යමක් වෙනුවෙන් සටන් කරලා මැරිලා ගියා නම් ඒ මිනිස්සුන්ගෙ ජීවිත නිරපරාදෙ නැතිවෙලා ගියා වෙන්නෙ නෑ. ඒත් තමන් පිලිපැද්ද අවිහිංසාවාදෙ නිසා මිනිස්සුන්ට ආත්මාරක්ෂාවටවත් සටන් කරන්න බැරිවුනා. අහිංසක ඉන්දියානු ජීවිත බොහොමයක් ගැන ගාන්ධි වගකියන්න ඕනෙ"

"එහෙනම් ඇයි අප්පච්චි සුද්දොත් කියන්නෙ එයා වීරයෙක් කියලා?"

"සුද්දොන්ට ගාන්ධි වීරයෙක් නොවෙන්නෙ කොහොමද පුතේ? ගාන්ධි නිසා, ‍රටේ විප්ලව හැදිලා ආණ්ඩුවට වෙන්න තිබ්බ විනාසෙ වැළකුනානෙ? ආණ්ඩුවට විරුද්ධව  අතක්වත් නොඋස්සා සටන ගැන කතාකරලා මිනිස්සුත් ‍රවට්ටන් ඉන්න මිනිස්සු ආණ්ඩුවලට වීරයො තමයි"

"ඉතින් අප්පච්චි එහෙනම් අපට එයා ගැන උගන්නන්නෙ? වී‍රයෙක් කියන්නෙ?"

"පුතේ.. ඕන ආණ්ඩුවක් කැමතියි තමන්ට විරුද්ධව නැගිටින මිනිස්සු නිරායුධ කරන මහත්මා ගාන්ධිලා ඉන්නවට. ඒ නිසයි මහත්මා ගාන්ධිලව වීර ච‍රිත කරන්නෙ"


කෝච්චිය එනවා. මගෙ ඔලුව තෝන්තුයි. ඇයි මට හිතෙන්නෙ ඒ තාත්තා හරියි කියලා? ඇත්තට මහත්මා ගාන්ධි වීරයෙක්ද?





8 comments:

  1. ටිකක් සාධාරනයි රැඩියෝ.. ජය..

    ReplyDelete
    Replies
    1. ටිකක් නෙවෙයි උලමෝ අම්බානෙක සාධාරණයි.

      Delete
  2. නිකං මැරෙනවට වඩා සුද්දෙක්වත් මරාගෙන මැරෙන්න තිබුණු අවස්ථාවක්.

    එළ! ඔහොම යමු...
    සුභ පැතුම්!

    ReplyDelete
  3. 100% radiyekge kathaawak...kiyana kathawa hari eka diha radiyek widihata baluwoth...

    ReplyDelete
  4. ඒ කතාවනං ඇත්ත.
    ඒත් ගාන්ධිගෙ වුනත් එකඟ වෙන්න පුළුවන් තැන් තියෙනව.

    ඒ නිසා හරි නං කල යුත්තෙ ඔහු වීරයෙක්ය කියා ඔහුව එකහෙලා පිළිගැනීම වත්
    ඔහු ද්‍රෝහියෙක්ය කියා ඔහුව එකහෙලා ප්‍රතික්ශේප කිරීමවත් නොව.

    කියූ කෙරූ සියල්ල විමසා බලා එකඟ විය හැකි තැන්වල එකඟවීම හා
    එකඟ නොවිය හැකි තැන් වල විවේචනය කිරීමයි .

    ගාන්ධි ගැන මේ කියල තියෙන ටිකට නං එකඟයි !

    ReplyDelete
    Replies
    1. ඇත්ත. නමුත් මහත්මා ගාන්ධිගෙ චරිතය නිරීක්ෂණය කරලා බැලුවොත්, අප කිසිදා නොහිතපු දේවල් දැනගන්න පුලුවන්.

      Delete