Sunday, September 8, 2013

ඇත්තටම ප්‍රේමයේ නාමයෙන් ඔක්කොම විඳගෙන ඉන්න එක වීරකමක්ද?

"ආදරේ වෙනුවෙන් හැමදෙයක්ම දරාගෙන ඉන්න එක නේද වටින්නෙ?", ඈ මගෙන් අහනවා.

ඈ මගෙ හොඳම යෙහෙළිය. ඈව මම අඳුනගෙන දැන් අවුරුදු අටකටත් වැඩි. ඊට කලින් ඉඳන්ම අඳුනන අය හිටියත්, ඈ තරම් මට සමීප වුනේ නැහැ කවුරුවත්.

දැන් ඈට ගැටලුවක්. ඇගෙ ප්‍රේමය පිළිබඳ ගැටලුවක්.

ඈ නිතරම මා සමග ඇගේ ප්‍රේමය පිළිබඳ තොරතුරු කිවුවා. ඒවා සතුටින් කියූ දේවල් වලට වඩා දුක්ගැනවිලි ලෙසයි මට හැඟුනේ.
"එයා කැමති නෑ මම පිරිමි ළමයි ආශ්‍රය කරනවට"

"එයා මට කිවුවා අර අහවල් බාලිකාවෙ ගෑණු ළමයි ආශ්‍රය කරන්නෙපා කියලා"
"එයා මගෙ phone එකේ contacts list එකෙන් ඔක්කොම පිරිමි නම් delete කළා"
"එයාට මාව තේරෙන්නෙ නෑ. හැම වෙලේම රිද්දවනවා"
"එයා නිතරම අර ගෑණු ළමයා එක්ක කතාකරනව. මා එක්ක කතාකරන්න වෙලාවක් නෑ දැන් එයාට"
"ගෙදර අය මේකට කැමති නැත්නම් ගෙදර අය එක්ක කතාකරන එක නවත්තන්නලු. එයා බැනල බැනල මැසේජ් එකකුත් යැව්වා අපේ අම්මට"

මා කුමක් කරන්නද? මා ඇයට පැවසුවා ඔහු ඈට නොගැලපෙන බව. ඈ ඒක ප්‍රතික්ෂේප කරනවා. ඈ කියනවා, ඔහු කවදහරි දවසක ඈව තේරුම් ගනීවි කියලා.  මොන කරදර තිබුනත් ඈ ඒවා ඉවසා දරාගන්නවලු, ඈ ඔහුට ආදරේ නිසා. ඒකලු වටින්නෙ.

මොන වෙනස්කම්, නොගැලපීම් තිබුනත් ඒවා ඉවසා දරාගෙන එකට ඉන්න එක ඇත්තටම වටිනවද?
වටිනවලුනෙ. ඈ විතරක් නෙවෙයි කියන්නෙ. ප්‍රේම කරන හුඟදෙනා කියන කතාවක් ඒක. ඔවුන් කෙසේ කීවත්, මට පිළිගන්න අමාරුයි ඒ මතය. ඇයි මම එහෙම කියන්නෙ? ප්‍රේමය හිත සනසවන දෙයක් මිස ජීවිතය ගැටලුකාරී කරන දෙයක් නොවිය යුතුයි. නමුත් බොහෝ නොගැලපීම් ඇති දෙදෙනෙක් එක්වූ විට එතැන අවුල් ජාලයක් මිස සැනසීමක් නම් සොයාගත නොහැකී. අනෙකා පාලනය කිරීමේ උවමනාව, ඊර්ෂ්‍යාව, මානය, සැකය පැමිණි විට පෙම් සබඳතාවක් තව දුර ගෙනයා නොහැකියි. ඔහු හෝ ඇය තමාට අවැසි ලෙස හැඩගැසේවි, තමන්ගෙ ආදරයට ගරු කර යම් යම් පුරුදු අතහරීවි ආකාරයෙන් බලාපොරොත්තු වීම මෝඩකමක්. මිනිසුන් තමාට අවැසි ලෙස මිරිකා, අඹරා හැඩගැන්විය හැකි මැටි පිඬවල් නොවේ. මිනිසුන් කවදාවත් වෙනස් නොවන බව නෙවෙයි මේ කියන්නෙ. තමාට අවැසි ලෙස වෙනස් නොවන බවයි.


පසුගිය දින වලදි ඔබ පිට පිටම අසන්නට ඇති පෙම්වතා පෙම්වතියව ඝාතනය කළ සිදුවීම්. එමෙන්ම පෙම්වතිය පෙම්වතාව ඝාතනය කිරීම්. එසේම ඔබ නොදන්නවා ඇති ලොව වැඩිම විවාහක කාන්තා සියදිවිනසාගැනීම් වැඩිම රට ලංකාව බව. ඇයි මෙසේ වන්නේ? බොහෝ විට යුවල අතර නොගැලපීමයි. සමාජය හා ප්‍රසිද්ධ සංස්කෘතිය ඉඩ දෙන්නේ නෑ පෙම්වතියකට පෙම්වතාගෙන් වෙන්වන්න හෝ බිරිඳකට සැමියාගෙන් වෙන්වන්න.
"බලන්නකො අර කෙල්ල, අර කොල්ලව අතෑරියනෙ.... මහ බඩුවක්!"
"පෙරේරලා divorce වෙලාලුනේ අනේ.. ෂුවර් එකටම ගෑනිට හොර මිනිහෙක් ඉන්න ඇති!"
"සචිනි නියම කෙල්ල නේද? අර කොල්ලා වෙන කෙල්ලො පස්සෙ ගියත් අතාරින්නෙ නෑනෙ. අඬ අඬ ඉවසන් ඉන්නවා"


ජීවිතයේ පරමාර්ථය ප්‍රේම කිරීම නෙවේ. ප්‍රේමයම ජීවිතය කරගත්තවුන්  ("කෙල්ල දාලා ගියා, මට ජීවිතේ එපාවෙලා බන්","මම ආයෙ ආදරේ කරන්නෙ නෑ","හැම පිරිමියම එකයි" වැනි දේ පවසන්නවුන්) බොළඳ යැයි මම කියනවා. ඇයි? ප්‍රේම කරන්න කලින් තමා 'මිනිහෙක්' වීම අවශ්‍යයි. සිත් දුර්වලයින්ට ගැලපෙන්නක් නොවේ ප්‍රේමය.
එහෙම බැලුවම, ඇත්තටම ප්‍රේමයේ නාමයෙන් ඔක්කොම විඳගෙන ඉන්න එක වීරකමක්ද?

ඉතින්, ඔහු හෝ ඇය ඔබට නොගැලපේ නම්, අත්හරින්න. අවැසි නැහැනෙ විඳින්න මිසක් විඳවන්න? ඔහු හෝ ඈ අමතක කර තව ජීවිතය ගොඩනගාගන්න. ඔබට ගැලපෙන්නා ඔබ විසින් ඉදිරියේදී සොයාගනීවි.



6 comments:

  1. Samaharunta nogelapen sambandayak pawathwaganne nethuwama oyatika therunganna puluwan wenawa.
    Bt nogelapeemeth, gelapeeman thiyanawane kiyan inna ayata samaharawita maasa keepayak dukwindinna wenawa therunganna.
    Unfortunately samaharu kawadaawath therungannehe :/

    ReplyDelete
  2. http://pcdlab.wordpress.com/2013/07/11/10-mistakes-women-make-in-a-relationship/?blogsub=confirming#subscribe-blog


    ReplyDelete
  3. ඔබ ලියා ඇති දේවල් සියල්ලටම ඔබම ‘වල්පල්‘ කියන්නෙ ඇයි? මේ කිසිම දෙයක් මට නම් වල්පල් නෙවෙයි!

    ReplyDelete
    Replies
    1. ඒක එක එක්කෙනා මත වෙනස් වෙනව නෙව. ඔබට එසේ දැනෙන එක ගැන සතුටුයි :)

      Delete
  4. මේක මොකෙක් හරි පොරක් කිව්ව කතාවක්.....

    ආදරය යනු නිදහසයි. කෙනෙකු සැබෑ ආදරයක් ලබනවා නම් ඔහු නිදහස භුක්ති විදියි. කෙනෙකුට ආදරයෙන් නිදහස අහිමි වේ නම් ඔහු විදින්නේ ආදරයක් නොවෙයි

    ReplyDelete