Wednesday, December 11, 2013

"මොනවා බල බල ඉන්නද ඩෝ..ව්? වරෙන් ඩෝ..ව් ඩර්මෙ ‍රැකගන්න යන්න!"

'මේ කල්පයේදී පහළවන අවසාන බුදුන්වහන්සේ වන මෛත්‍රී බුදුන්වහන්සේගේ ශාසනයේ සාමාජිකත්වය හිමිකරගැනීමට ඔබ කැමතිද? අග්‍රශ්‍රාවකයෙක් වීමට පෙරුම් පුරනවාද? එසේනම් මෙන්න ඔබට අනගි අවස්ථාවක්! එන්න, අප හා එක්ව පෙරුම් පුරන්න!'

ඔහොම leaflet එකක්, පුවත්පත් දැන්වීමක් ලඟදිම දැකගන්න ලැබුනොත් පුදුම වෙන්න එපා. රාවණා මේනියාව, මහමායා-සුදොවුන් පෙරහැර, කතරගම වන්දනාව, පත්තිනි පූජා, රාවණා වන්දනාවෙ ඊළඟ episode එකයි ඔය.

සෑහෙන දවසක් නිකන්ම ගෙදරට වෙලා ඉඳලා කම්මැලි කමක් දැනුන නිසා ඊයෙ උදේ ගෙයින් එලියට බැස්සෙ පොඩි රස්තියාදුවක් ගහන්න. සෙනඟ වැඩිය හිටියෙ නැති 138ක් හෝල්ට් එකට ගිය ගමන්ම වගේ ආපු නිසා නැගලා, අවුව වැටෙන්නෙ නැති පැත්තෙ සීට් එකක වාඩිවුනා. එහාපැත්තෙ ඉන්න බුවා දැකල පුරුදුයි. ඇස් කොනින් බැලුවා කව්ද කියලා.

Wednesday, November 27, 2013

ඇස් ඇරලා බලාපල්ලා! අත් දිගහැර නටාපල්ලා!


"අද lunch එක ගත්තෙ Mc Donald's එකෙන්. දැන් මේ Odel එකට යනගමන්. හවසට යනවා Savoy එකේ KRRISH 3 බලන්න"

     'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය'

රටේ නමට 'ප්‍රජාතාන්ත්‍රික', 'සමාජවාදී' වගේ කෑලි තිබුණට රටේ පවතින්නෙ ධනේෂ්වර සමාජ ක්‍රමයක් බව ඔබ දන්නවා. නමුත් වෙනත් රටවල ධනපති පන්තිය බිහිවූ ආකාරයට වඩා අපේ රටේ ධනපති පන්තිය බිහි නොවුනු නිසා රටේ මිනිස්සු අති බහුතරයක් විකෘති චින්තනයකයි ඉන්නේ. මේ නිසා, රාජ්‍යය ධනේෂ්වර වුනාට සමාජය තවමත් වැඩවසම් මානසිකත්වයෙත්, ජාතිකත්ව සීමාවෙත් පවතින බව දැකගන්න පුලුවන්. රටේ ධනේෂ්වර රාජ්‍යය නිසි ලෙස සංවර්ධනය නොවුනු නිසා, මේ රටේ ගෑණු මිනිස්සුන්ගෙ මොළ ක්‍රියාත්මක වෙන්නෙ ආසියානු ලක්ෂණ සහිත වැඩවසම් ක්‍රමයක් තුල බව දකින්න පුළුවන්.

Tuesday, November 26, 2013

"රකින්නට බුදු දහම : සිවුරු හොරු, හෙන්චයියලා හා ආච්චිලා"



අවවාදයයි:
පහ වසරේ උනුත් දන්නා යම් යම් වචන ඔබ නොදන්නවා නම්, හෝ ඒවා කියවා මළ පනිනවා නම් මෙය කියවීමෙන් වළකින්න.


***


හරි. දැන් මේකයි කතාව. ඔය එක එක උන් කියනවනේ බුදු දහම රකින්න නම් කරන්න ඕනේ දේවල්. වැඩිපුර ළමයි හදපල්ල කියයි, හම්බ කඩ වර්ජනේ කරපල්ල කියයි, ඒවට යන උන්ට බිත්තර ගහපල්ල කියයි. රටේ නැති විකාර නෙ. දැන් මම මේ කියන්න යන්නෙ බුදු දහම රකින්න නම් කරන්න ඕනෙයි කියල මට හිතෙන දේ.

මට තේරෙන හැටියට නම්, බුදු දහම නැතිවේගෙන යන්න හේතු වෙච්ච කොට්ටාශ තුනක් ඉන්නව.

Wednesday, November 20, 2013

කොළඹ කාක්කො සහ අපේ මිනිස්සුන්ගෙ ඇනලොග් මානසිකත්වය.

"කාක් කාක්! මල්ලී ඇප්ලිකේස්න් පෝම්ද? පොටෝද? කාක් කාක් කාක්! ඕක පුරෝගන්න නේද මල්ලී? එන්ඩ මේ පැත්තෙන්! කාක් කාක්!"

පුංචි බොරැල්ලෙ පාස්පෝට් ඔෆිස් පැත්තට අපි ගියේ ඇත්තටම රට යන්න බලා ගෙන නෙවෙයි. නිකං වෙනස් වෙන කොළඹ වටේ රස්තියාදු පාරක් දාන්න.
(රස්තියාදු කිව්වහම ඕං වැරදි විඳිහට හිතන්න එපා)

"බලපන් උඹ මාව ඇදං ආපු අපාය! යකෝ කොටුව හොඳයි ඕයි මේ කාක් කූඩුවට වඩා."

Tuesday, November 19, 2013

ඈ-ගේ කුරුල්ලා-මම.

අහසෙ කළු වළාකුළු. හුළඟ සැරයි. වැස්සක් ලඟ නිසාද කොහෙද පාක් එක පාලුයි. කිරි කිරි ගාලා පැද්දෙන් ඔංචිල්ලාවක් අතින් අල්ලලා නවත්තගන්න ඈ ඒකෙ වාඩිවෙනවා. ඈට මාව පේන්නෙ නෑ. මට ඈව පේනවා. ඇගේ කතාව ඔබට කිව යුතුද නැද්ද මම දන්නෙ නෑ. ඒත් ඔන්න ඔහේ කියලා දානවා. කොහොමටත් ඔබ ඈව අඳුනන්නෙ නැහැනෙ.

මට ඈව හමුවෙන්නෙ  A/L chemistry class එකේදි. ඈ දැනන් හිටියා මම ඈට කැමැත්තෙන් ඉන්න බව. නමුත් ඈ ඒ ගැන දැක්වුවෙ උදාසීන ආකල්පයක්. ඈට ඔහුව හමුවෙන්නෙත් එහෙදිමයි. ඔවුන්ව ලඟින් ආශ්‍රය කළත්, ඔවුන් අතරෙ තිබුන සම්බන්ධය මොන වගේ එකක්ද කියලා මම දැනගෙන හිටියෙ නැහැ. මම ඒක තේරුම්ගන්න උත්සාහ නොකළෙත්, සමහරවිට මමත් ඈට කැමැත්තෙන් හිටි නිසා වෙන්නැති.  ඔවුන් ඒක label කරන්න නොගියෙ, සමහරවිට, ඒ මොකද්ද කියලා ඔවුන්වත් දැනගෙන නොහිටි නිසා වෙන්නැති.

Wednesday, November 6, 2013

"ඔබ, මම හිතනවාට වඩා මිනිසුන් හරිම පුදුමාකාරයි"


“අද ගොඩක් සෙනග හිටියද පුතේ?”
ගෙදර හියහම එයාගේ අම්ම අහනව ඇති.

“ඔව්.. අද නං වෙනදට වඩා ටිකක් හොඳයි”
එයා කියයි.

හ්ම්ම්.. නෑ.. සමහර විට දෙබස ඔයිට වඩා ටිකක් වෙනස් වෙයිද දන්නෙ නෑ.

“පුතේ, ඔන්න මම කෑම පිඟානක් බෙදල තියල ඇති. කාල නිදාගනින්, මහන්සිත් ඇතිනෙ”

එහෙම නැත්තං,

“ආ! ආවද? එහෙනං අර බෙදල තියෙන ටික කාල නිදාගනින්!” ?

Saturday, November 2, 2013

කුමන්ත්‍රණය නැතහොත් Answer the Question.

කුමන්ත්‍රණය: (නා) පුද්ගලයෙකුට/ ආයතනයක ට නපුරක් කරනු සඳහා රහසේ කථා කිරීම, නීතිවිරෝධී වැඩක් සඳහා කරනු ලබන සාකච්ඡාව.

මිනිස්සුන්ගෙන් ප්‍රශ්න ඇහැව්වාම සමහරක්ට තරහා යන්නේ ඇයි? එක්කෝ ප්‍රශ්නයට උත්තරේ නොදන්න නිසා. නැත්තං ඒ ප්‍රශ්නෙට ගැලපෙන උත්තරේ දෙන්න අකමැති නිසා.

ප්‍රශ්න කරන තරමට අපි දන්නවා උත්තර ලැබෙන බව. වැල යන පැත්තට නෙවෙද මැස්ස ගැසිය යුත්තේ? 

ඉතිං ඔබ අහන්නෙ නිවැරදි ප්‍රශ්නයද?

Tuesday, October 29, 2013

The Journey to the End of the Tunnel.




This is going to be a long read. Arguments will not be logical and I don't recommend trying this at home.

The reason I started exploring this area is because up until now, I didn't have any goals in my life. 

I had dreams. Big vague dreams about a colourful future. Without goals, I had no direction in my life. I didn't, others did. I wouldn't be the man that I am if it wasn't for the grand plans of everyone else. I mean how often do you sit down and have a serious talk with yourself about what you really want to achieve in life? If that doesn't ring any bells, do you even stop to consider this question; Are the things that I 'achieved' in my life really the things that I wanted for myself? Do these things make me happy?

Friday, October 25, 2013

රැජිණියනි එන්න, මල් පිපී ඇති සැටි බලන්න?


ලංකාව. ජනගහනය මිලියන විසිදෙකයි. ආර්ථිකේ බංකොලොත්. රට දුවන්නෙ ණය උඩ. ජනාධිපතිගෙ විතරක් වාර්ෂික වියදම රුපියල් කෝටි 856ක්.
'රුපියල් කෝටි'

'කෝටි'

තව දින විසි එකකින් පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව මෙහි අගනුවර වන කොළඹදී පැවැත්වීමට නියමිතයි (රැජිණට යටත්ව සිටි බව තවමත් මේ රටට ගෞරවයක්!) මෙයට සහභාගී වන රටවල් 54න් රටවල් 32ක්ම ජනගහයන ලක්ෂ 15ට අඩු කුඩා රටවල්. දුප්පත් රටවල්. කැනඩාව හා ඉන්දියාව සහභාගී නොවන බව දන්වලා තියෙනවා. රටට වෙන වාසියක් නම් නෑ මේ සමුළුවෙන්. නමුත් රටට අහිමිවන දේ නම් අති විශාලයි.

Tuesday, October 22, 2013

"මහායාන"

මම වාඩිවෙලා හිටියෙ දකුණු අත පැත්තෙ සීට් පේලියෙ, ඉස්සරහ ඉඳන් දෙවනි සීට් එකේ. සුදු ඇඳගත්ත මැදි වයස් නෝනල දෙන්නෙක් මට ඉස්සරහ සීට් එකේ. පන්සල් ගිහින් එන ගමන් වෙන්නැති. දෙන්නා එක්ක බර කතාබහක්. අහන් ඉන්න හිතුනා මට. ඔව්, අනුන්ගෙ කතා වලට ඇහුම්කන් දෙන එක කැත පුරුද්දක්. ඒත් ඒ කැත පුරුද්ද මට තියෙනවා.
"දීඝවාපිය? අනේ මම සොළොස්මස්ථාන වලින් වැඳලා නැත්තෙ දීඝවාපිය විතරයි අනේ. ජානකී යනකොට අපිටත් කතාකරන්නකො? අපෙ මහත්තයත් හරි ආසයි ඔය ගමන් වලට"
"මොකෝ නැතුව, අපෙ නංගිත් කිවුවා යනකොට පුශ්පලටත් කියන්න ඕනි කියලා. ඒක නෙවේ අනේ, අර පූජ්‍ය අහවල් හාමුදුරුවො බණකට කිවුවනෙ බුදුහාමුදුරුවො වැඩ ඉඳල තියෙන්නෙ ලංකාවෙය කියලා?"

Thursday, October 17, 2013

කාන්තාවාදයට නොවේ. නමුත්...

මේක කියෙවුවට පස්සෙ මම කාන්තාවාදියෙක් (feminist) කියලා ඔබ මාව ලේබල් කරන්න එපා. නමුත් අද උදේ වුන සිදුවීමකින් පස්සෙ මේක නොලිය ඉන්න බැරි බව හිතුනා.
උදේ පාන්දර හෝල්ට් එකට වෙලා හිටියෙ බස් එකක් එනකන්. ක්ලාස් යන්න පරක්කුයි. බස් වලට ඇඟිල්ල ගහන්න බෑ, සෙනඟ. 122ක් ඇවිත් නැවැත්තුවා. සෙනඟ පිරිලා. ඒත් 122 වේගෙන් යන නිසා තදබද වුනත් කමක් නෑ කියලා නගින්නත් හිතුනා. ආ... අන්න 138ක් එනවා. මේකෙ චප්ප වෙන්න ඕනෙ නෑ. මම පස්සට වුනා. බස් එක අද්දනවා. මේ අතරෙ දුවන් ආපු මැදිවියේ කාන්තාවක් අද්දන බස් එකට නගින්න හිහින් බස් එකෙන් වැටුනා. බස් එක බ්‍රේක් නොකලනම් ඈ රෝදෙකට යට වෙන්නත් තිබුනා. හෝල්ට් එකේ හිටි 'මහත්මයෙක්' හැමෝටම ඇහෙන්න ප්‍රබුද්ධ කතාවක් කරනවා.

Wednesday, October 9, 2013

The Plot Twist.

Dear diary,
Tigger was taken to the asylum after one of his deranged and damned "acts" killed Owl. I watched as they sedated him and locked him in the pale straight jacket. I was next to the place where we buried Owl. That damned animal.
Hare was the first to go. He was a hoarder. And a load of his junk and bric-a-brac fell on him one night by accident. He died of starvation. None of us heard his desperate cries.
Piglet was the one to find him. He had come to borrow a broom. He always broke his broom whenever he was cleaning his house. I just wish his broom broke much sooner. Now Piglet doesn't even come out of his room.

අසම්පූර්ණ අත්දැකීම් හතරක්..



1.
මං බස් එකක යනව. හිටගෙන. වාඩිවෙන්න ඉඩ නෑ. මට පේනව ඉස්සරහම තියෙන “පූජ්‍ය පක්ෂයට” සීට් එකේ මැදිවියේ මුස්ලිම් ජෝඩුවක් වාඩිවෙලා ඉන්න හැටි. අවුලක් නෑ. හාමුදුරු කෙනෙක්වත්, ෆාදර් කෙනෙක්වත්, කවුරුවත් නෑනෙ. ඔහොම ටික දුරක් යනව. එක හෝල්ට් එකක නැවැත්තුවහම හාමුදුරු කෙනෙක් බස් එකට නගිනව. වයස පෙනුමයි. “අවුරුදු හැත්තෑවක් විතර ඇති,” මං හිතනව. බස් එකට නගිනකොටම උන්වහන්සේ දිහා බලන අර ජෝඩුව, නොදැක්ක වගේ ජනේලෙන් එළිය බලාගෙන ඉන්නව. කොන්දොස්තර ඇවිත් සීට් එක හාමුදුරුවන්ට දෙන්න කියනව. “ඇයි අපි මුස්ලිම්ලා හින්දද?” උන් අහනව.

Friday, October 4, 2013

"අපතයා"


ඇඳගෙන ඉරුණු ඩෙනිම
දාගෙන කබල් සෙරෙප්පු
තුරුළු කරන් හීන
මාවත දිගේ ඇවිද යන
අපතයා උඹද?
උඹට හිනාවෙන මමද?

Thursday, October 3, 2013

කාන්තාවන්ට සවුදියෙන්..


සිරාම නිව්ස් එකක් අසන්නට ලැබුණාය. සමහර විට ඔබ දැනටමත් දන්නවා විය හැකිය.

සවුදියේ ඉහළම තලයේ ඉස්ලාම් පූජකයෙක් ඉල්ලං පුකේ මාමයිට් ගාගන්නට යන සීන් එකක්ය. සීන් එකට හේතු වී ඇත්තේ උගේ ප්‍රකාශයක්ය. ප්‍රකාශය මෙසේය.

“තදබල, නොසලකා හැරිය නොහැකි, අනිවාර්ය හේතුවක් නැති නම් කාන්තාවන් රිය පැදවීම ඔවුන්ගේ ශරීර සෞඛ්‍යයට අහිතකරය. ක්‍රියාකාරී වෛද්‍ය පරීක්ෂණ හා වාර්තා වලට අනුව, රිය පදවන විට කාන්තාවන්ගේ ඩිම්බකෝෂ වලට ඉබේම හානි සිදුවේ. ඊට අමතරව උකුල් පෙදෙස ඉහලට තල්ලු වීමක්ද සිදුවේ.”

Wednesday, October 2, 2013

"ශිෂ්ශත්තේ" : යාන්ත්‍රික වූ ළමා කාලය


ශිෂ්ශත්තේ
යාන්ත්‍රික වූ ළමුන් ලියන
අම්මලාගේ විභාගය
පාස් උනොත් ගොඩ
ෆේල් උනොත්?

Friday, September 27, 2013

කාලකන්නි (?) තුන්දෙනෙක් එක්ක විනාඩි තුනක්...

"උඹ දැන් revision යනවද?"
"නොයා බෑනෙ"
"එතකොට උඹ class යන්නෙ නොයා බැරිකමට?"
"Class නොයා කොහොම A/L ගොඩදාන්නද?"
"A/L pass නොවුනට මැරෙන්නෙ නෑනෙ"
"උඹ නම් කියයි. උඹට සල්ලි තියෙනවනෙ. අපි වගේ එවුන් A/L නොකර වෙන මොනව කරන්නද?
"ඇයි බන් දැන් ඔය ඕනෙතරම් දේවල් තියෙන්නෙ කරනවනම්? ඉස්සර වගෙ A/L වලට මැරෙන්න ඕනයැ? Student loan එකකින් private degree එකක් ක‍රපන්"

Tuesday, September 24, 2013

කෝපරේට් ලෝකය.


දඩාස්!
උදේ පාන්දර නැගිටින්නෙ ඇඳ උඩ නෙවෙයි ඇඳෙන් බිම වැටුනහම. එලාම් එක බල්ලට ගියාවේ. දැනටත් පරක්කුයි.

අම්මා උදේ පාන්දරම හදල දුන්න දුං දාන කෑම කාලා කටත් පුච්චා ගත්තා. අවුලක් නෑ  දත් මදිනකොට හරි යයි. කැතරිනා පරාදයි මම නාලා කරලා, ඇඳුම් ඇඳලා, සපත්තු දාලා ලෑස්ති වෙන වේගෙට. කොහොම කොහොම හරි අම්මටවත් වඳින්නෙ නැතිව, ගෙයිං එළියට පැනල බස් එකක එල්ලුනා.

"අයිසේ වට් බ්ලඩි ට්රැෆික්!" වටිං ගොඩිං මට ඇහෙනවා.
කාර් එකක් ගන්නකල් විතරයි. ඊට පස්සෙ යතෑකිනෙ පුක කෑඩිච්ච කඩියා වගේ.

අපොයි පොත් ප්‍රදර්ශනේ!


කොළඹ පොත් ප්‍රදර්ශනේ
ලාබෙට පොත්
ඊටත් වඩා ලාබෙට කෙල්ලො
වෙසක් කූඩු, තොරණ වගෙ

Friday, September 20, 2013

කෙලෙහිගුණේ හෙටත් ‍රකිමුද අපි?

මාසෙ පඩිය තිස්දාහයි
ගෑණියි, මමයි, අම්මයි, තාත්තයි, දරුවො දෙන්නයි
අම්මා ලෙඩින්
බෙහෙත්වලට මාසෙට පන්දාහයි
ළමයින්ගෙ ඉස්කෝල වලට දෙදාහයි
ලයිට් බිල් වතුර බිල් ණය ණය ණය....
පඩිය ඉවරයි

Monday, September 16, 2013

අනාගැනීම.

මෝඩයා! මැටි හරකා! කිව්වා නේද ඔය වගේ වැඩ කරන්න එපා කියල!”
තමුසෙව හැදුවට මටයි ගහන්න ඕන!

අහල පුරැදු යි වගේ නේද?

"පුතේ, හොඳ පුතා වගේ ගිහිං කඩෙන් අර බඩු ටික අරං ඵන්න."
"මගෙ හොඳ දූ ගිහිං රෙදි ටික වේලෙන්න දාන්න."

අවුරුදු පහේ හයේ මතක ඇති කාලෙක ඉදන් ම අපිට අපේ අම්මා තාත්තාගෙන් මේ වගේ දේවල් අහන්ට ලැබෙන්න ඇති අනිවාර්යයෙන්ම.
ඔව්. ඇත්ත.
අම්මා තාත්තා අපේ හොඳ වැඩ ‍‍අගයන්නෙත්‍‍, නරක වැඩ වලට බනින්නෙත්, ගහන්නෙත් අපිට උගන්නන්න. අපිට තියෙන ආදරේට.

නැහැදිච්ච කෙල්ල - අත්දැකීමක් යැයි සැලකිය හැකි යමක්

අව්ව සැර වුනත්, ගස් නිසා වැව් කන්ඩිය හෙවනයි. මම වැව් කන්ඩිය දිගේ ඇවිදන් යනවා. ඉස්කෝලෙ එක්සිබිශන් එකට ෆොටොස් ගන්න ආවට, ආවෙ අපරාදෙ කියලා හිතෙන තරමට රස්නෙයි. මාත් එක්ක ආපු එකා මට බනිනවා. හරියට හම්බන්තොට එමුයි කිව්වෙ මම වගේ!
"උඹ තමයි කිව්වෙ ගම්වල වස්තු බීජ තියෙනව කියල!" ඌ කියනවා. ඉතින් යකෝ මම කිව්වද උඹට මාත් එක්ක එන්නෙයි කියලා? ඌ ආට්ස් කාරයා. අනේ උගෙ ආට්ස්!
ඌ ගහක් යට වාඩිවෙනවා.
"අව්ව අඩු වෙනකන් මම මෙතනින් හෙල්ලෙන්නෑ.බලපන් ඔය අව්වෙ කොහොමද යන්නෙ කියලා?" ඌ කියනවා.

Thursday, September 12, 2013

ඇත්තටම ඔහු වීරයෙක් ද?

කෝච්චිය පරක්කුයි. සීතල හුළඟත් එක්ක එන හිරිකඩට ඔලුවෙ ඉඳන් තෙමෙනවා. ඒත් කුඩේකුත් නැතුව හොඳ ගාණට තෙමිලා, පෙඟිලා ඉන්න නිසා ඒක ඒ තරම් ප්‍රශ්නයක් වුනේ නෑ මට. මම උඩ බිම බල බල ඉන්නවා. කෝච්චිය තවම නෑ. මට ටිකක් ඈතින් තාත්තෙක්ගෙ අතේ එල්ලුන පුංචි කෙල්ලෙක්. අවුරුදු එකොළහක්, දොලහක් වයස ඇති ඈට. ඈ මොකද්දෝ දෙයක් ගැන හරි උනන්දුවෙන් කතාකරන බව පේනවා. ඇගේ තාත්තා සැරින් සැරේ ඈ අසන දේවල් වලට පිළිතුරු දෙන හැටිත් මට පේනවා. ඔවුන්ගෙ කතාව අහන් ඉන්න ආසාවක් මට එනවා.
'අනුන්ගෙ කතා අහන් ඉන්න එක කැත පුරුද්දක්!' කියලා මට දැන් බනින්නෙපා. ඒ කෙල්ල කතාකරන විදිය හරිම හුරතල්. ඉතින් මම ඔවුන්ගෙ ආසන්නයට ඇවිදන් ‍යනවා.

සාහිත්‍ය මාසයට පොඩි අයිඩියා එකක්..



සැප්තැම්බර්. සාහිත්‍ය මාසය.

මේ සාහිත්‍ය මාසය නිසාත්, කොළඹ පොත් ප්‍රදර්ශනය ළඟ ළඟම එන නිසාත්, පොඩි අයිඩියා එකක් දෙන්න හිතුන අපේ “ජෝඩු දාල ඉන්න එවුන්ට”..

කතාව මෙහෙමයි.

ලව් කරන ගොඩක් කොල්ලො (ඒ කියන්නෙ ඔය ලව් කළාට ලව් කිරිල්ල ගැන මෙලෝ අයිඩියා එකක් නැති අයියලයි, ලෝබ කුණාලයි ඇරුනම අනිත් උන්) සාමාන්‍යයෙන් කරන දෙයක්නේ ඔය කෙල්ලව එහෙ මෙහෙ එක්කන් ගිහින් කන්න බොන්න අරං දෙන එක. කෙල්ලෙක්ව සෙට් කරගන්න දත කන උනුත් හදනවනෙ ඒවා මේවා අරං දීල වැඩේ ගොඩදාගන්න.

Sunday, September 8, 2013

ඇත්තටම ප්‍රේමයේ නාමයෙන් ඔක්කොම විඳගෙන ඉන්න එක වීරකමක්ද?

"ආදරේ වෙනුවෙන් හැමදෙයක්ම දරාගෙන ඉන්න එක නේද වටින්නෙ?", ඈ මගෙන් අහනවා.

ඈ මගෙ හොඳම යෙහෙළිය. ඈව මම අඳුනගෙන දැන් අවුරුදු අටකටත් වැඩි. ඊට කලින් ඉඳන්ම අඳුනන අය හිටියත්, ඈ තරම් මට සමීප වුනේ නැහැ කවුරුවත්.

දැන් ඈට ගැටලුවක්. ඇගෙ ප්‍රේමය පිළිබඳ ගැටලුවක්.

ඈ නිතරම මා සමග ඇගේ ප්‍රේමය පිළිබඳ තොරතුරු කිවුවා. ඒවා සතුටින් කියූ දේවල් වලට වඩා දුක්ගැනවිලි ලෙසයි මට හැඟුනේ.
"එයා කැමති නෑ මම පිරිමි ළමයි ආශ්‍රය කරනවට"

Friday, September 6, 2013

"හොවර්ඩ් කෙලී සහ කිරි වීදුරුවේ කතාව"

පොඩි කතාවක්. සමහරවිට අහලත් ඇති. කමක් නෑ, කියවල බලන්න. ඊට පස්සෙ ඉතුරු ටික.

***

ඉස්කෝලෙ යන්න සල්ලි හොයාගන්න විදිහක් නැතුව, ගෙයින් ගෙට ගිහින් බඩු විකුණන්න පුරුදුවෙලා හිටපු කොලුගැටයෙක් හිටිය. හොවර්ඩ් කෙලී තමයි නම. දවසක් මෙයා බඩගිනි වෙලා බලනකොට අතේ තියෙන්නෙ සත දහයයි.  සත දහයකට කන්න දෙයක් ගන්න බැරි නිසා මිනිහ හිතනව ඊළඟට යන ගෙදරින් මොනව හරි කන්න ඉල්ලගන්න ඕනේ කියල.

ඉතිං මිහින ඊළඟ ගෙදරට ගිහින් දොරට තට්ටු කරනව. ලස්සන තරුණ ගෑනු කෙනෙක් ඇවිත් දොර අරිනව. දැන් කොල්ලට කන්න දෙයක් ඉල්ලන්න මොකද්ද වගේ.

Thursday, September 5, 2013

Indifference.

Indifference is the rain that falls upon you as well as me. It doesn't give a damn who we are or what we do.
It is the predator sinking its teeth onto its victims neck. It is hungry. No offense.
It is when you feel nothing, null and void.

Sunday, September 1, 2013

තමුසෙගෙ කෙහෙම්මල් ආදරේ..

මම තමුසෙට ආදරේ නෑ
මගේ ආදරේ සාපේක්ෂයිලුනෙ
(තමුසෙගෙ ආදරේ වගේම)
මම ඉන්නෙ තමුසෙගෙ පාලු මකන්න
වැඩ නැති වෙලාවට කතා කර කර ඉන්න
තමුසෙ මට ආදරේලු

ජාතිවාදී හම්බ කොල්ලෙක් මෙසේ කියයි

“අර බලපන් අයියා අර මෝඩ යක්කුල ටික ආ! හිහී.. මං කිව්වෙ අර “ශර්ව-ආගමික” ශෙට් එක.. අපිව බේරගන්න අපිට වඩා අමාරුවක් උන්ට තමා තියෙනවා. උන් හිතාගෙන ඇති අපි උන්ට ශපෝට් කියල ආ! අයියෝ ශල්ලි ආ! දැන් බලනකො අපි ළමයිල හදල හදල රට අල්ලනකොට.. හිහී!

Saturday, August 31, 2013

ඇයි හෙරොයින්? ගන්න අපේ දේ!

“..රුපියල් මිලියන 800 කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක්, ග්‍රීස් ආනයනය කරන මුවාවෙන් ගෙන්වා තිබියදී සොයාගැනීමට හැකි වූ බව රේගු දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ. ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරී මාලි පියසේන මහතා පවසන පරිදි, සැකකටයුතු කන්ටේනරයේ තිබූ අනෙකුත් ග්‍රීස් කෑන් ද පරීක්ෂාවට ලක් කෙරෙමින් ඇති බැවින් හෙරොයින් තොගය මීට වඩා වැඩි වීමටද ඉඩ ඇත. මේ සම්බන්ධයෙන් පකිස්ථානු ජාතිකයෙකු හා ශ්‍රී ලාංකීයයන් දෙදෙනෙකු ඇත අඩංගුවට ගෙන තිබේ..” 
                                                                                                                    - ප්‍රවෘතියක්.

Thursday, August 29, 2013

සුභ මංගලම්!

අවවාදයයි: මෙය රචකයාගේ මනඃකල්පිත රචනයක් වන අතර, මෙය කවරාකාරයකින් හෝ නුදුරු අනාගතයේ දී ඇත්තට සිදු වුනොත් ඕං අපි නෑ.
කලින් දවසක ගරු මර්වින් පෙරේරා මැතිතුමා (සමා වෙන්න ආචාර්‍ය්තුමා), නවනීදන් පිල්ලේ මැතිනියට කල මංගල යෝජනාව පෙරභවයේ කල පුණ්‍ය ක්‍රියාවකට පිළිගත් ඇය, මුළු මහත් ශ්‍රී ලංකාවට ම සතුටුදායක ආරංචියක් විය. මේ ඒ පිළිබඳ ව මැතිතුමා මාධ්‍ය ට කළ ප්‍රකාශය යි.
"ඔබතුමා පුදුම වුනා ද පිල්ලේ මැතිනිය ඔබගේ යෝජනාව පිළිගත්තහම?" (උදේ පාන්දරම ඩෝං යන ප්‍රශ්නනෙ මුං අහන්නෙ)

මොඩර්න් ෆේස්බුක් වීරයෙකුගේ ජීවිතයෙන්..


“හා හා ඔය දැන් නිදාගත්ත ඇතිනෙ. දැන් නැගිටිනව!” අම්ම ඇවිත් පෙරෝන රෙද්ද ඇදල දාල කාමරේ ජනේලෙ අරිනව. ඉර එළිය මූණට වැටෙනකොට නිදාගන්න බෑ. මං නැගිටිනව. අම්ම තේ එකක් ගෙනත් තියල. මූණ හෝදගෙන ඉන්නවද, තේ ඒක බීල ඉන්නවද? අනේ මංද. එක්කෝ තේ ඒක බොනව. දැන් ටක් ගාල කොම්පියුටරේ දාල ගේමට බහින්න එපැයි.

මං තේ ඒක බීල කොම්පියුටරේ ඔන් කරනව. ඒ මඟුල හද්ද පරණ හින්ද ඔන් වෙන්න පට්ට වෙලාවක් යනව. ඒ අතරෙ මං ගිහිං පටස් ගාල මූණ හෝදගෙන එනව. දැන් හරි. ඕනෙ ගේමකට රෙඩි. බුකිය පැත්තෙ ගිහිං බලන්න ඕනේ හම්බයො මොනවද කියන්නෙ කියල. අපේ රටට ඇවිත් අපිටම කෙළින්න හදන යක්කු. අපේ සමහර ගොන් වහන්සේලටත් ඒ ටික තේරෙන්නේ නැති හැටි!

Wednesday, August 28, 2013

අලුත් ආගමක්?

කලකට පසු රූපවාහිනිය (=TV එක. පචනාහිනී නාලිකාව නොවේ) නැරඹීමට සිතුනි. ආශ්චර්යයෙකි! ලස්සන ලස්සන adය. බලන් ඉන්නට ආසා හිතේ. ලස්සන ලස්සන ගෑල්ලමයි සිටිති. ඔවුන් අප ගැන ආදරයෙන් අපට කන්නට කියන අහර වල රස ගුණ ගැන ඇසීම සර්වාංගයම කිලිපොලා යයි. අර නාලිකාවේ තාච්චි දිලිසෙන්නටම මැදීමට හැකි සබන්ය. සබන් කැට ඇතුලේ පෙන්ඩන්ට් ය. මේ නාලිකාවේ චන්ඩි බන්ඩියට යෝගට් විකුණන අවුරුදු දහ අටේ අම්මලාය. "මමත් අම්මකෙනෙක්, අපි ඔක්කොම ඉන්නවා වගකියන්න" යයි කියන විධායක නිලධාරී අම්මලාය. (මෙම වෙළඳ දැන්වීම් වල, ළමයාට අවුරුදු අටක් පමණ වන විට අම්මාට දහ අටක් පමණ වන්නේත් තාත්තාට අවුරුදු විසි එකක් පමණ වන්නේත් කෙසේදැයි මම අහස පොළව ගැටලා නිතර කල්පනා කරන ගැටලුවකි.) ඔය අතරේ මා නිතරම දු‍ටු පාඨයක් වූයේ, "අනුකරණ වලට නො‍රැවටෙන්න" යන්නයි.  අනුකරණ? ඔවු. මෙම ලිපිය අනුකරණ ගැන මිස ඔබ සිතා සිටි පරිදි වෙළඳ දැන්වීම් ගැන නොවේ.

Monday, August 26, 2013

"ජාත්‍යාතල්" ( සිංහල;ක්‍රියා නාම)- [ජාත්.යා.තල්] - තම ජාතිය පිට නැගී ආතල් ගැනීම

"හලාල්... හම්බයා... මමමයි ගස් බැඳගත්තෙ... බොදු බල සේනා... එටිසලාට්... නොලිමිට් යන්නෙපා ඕයි!... තම්බි තම්බි... හලාල්... මට මතක නෑනෙ!... කැසිනෝ... නොලිමිට් ටොපි... ළමයි හදපල්ල ළමයි හදපල්ලා... ගිනිතියාගන්නව හරිද??... බිත්තර බෞද්ධ... CIB... -සිනාසී වයාලා දිවි ගීතේ-... රාවණාගෙ උමග... කන්ගැට්ටා... දෙදාස් පන්සීයෙන් මාසයක් ජීවත් වුනෑකි... අලුත් දියකඩනයක්... සජින් වාස්ස්ස්ස්ස්ස්ස්ස්..... නූරිවත්ත... එන්ජීඕ... චැනල් ෆෝර්...

Who's afraid of the dark?



Warning: Do not let the topic deceive or misguide you in anyway.



As children we used to poop in our pants, vomit our milk, cried till our parents got sick of us and were scared as hell to be left alone in the dark. Now we have grown up (meh.) attained some intelligence but still the dark succeeds in scaring the crap out of us.

Setting aside the cardboard bravado,all of us are afraid of the dark, afraid of the future, afraid of what lies beyond.

Sunday, August 25, 2013

වෙරළේ ජීවිත

ඊයෙයි පෙරේදයි මම හිටියෙ හලාවත. මීගමුවට කිට්ටුව.  මේ සටහන ඒ දවස් දෙකේදි හම්බ වෙච්ච චරිත හතරක් ගැන. මහගොඩක් වෙනස්කම් නං තියෙනවද මංද. කතාකරපු විනාඩි ගාන ඇතුලෙ සමානකම් හොයන්න ටිකක් අමාරුයි. කොහොමහරි මේ තියෙන්නෙ ඒ චරිත හතරෙ කතා හතරක්.



1.  ටෝනි 

පළවෙනි චරිතය තමයි ටෝනි. ටෝනි කියන්නෙ බැලූ බැල්මට රගර් ගහන එකෙක් වගේ පේන ඇඟක් තියෙන කෙනෙක්. කතෝලික. මම ඒක කිව්වෙ ආගම්වාදී වෙන්න නෙමේ, තව ටිකකින් කියන්න යන දේකට ඒක ඕනෙ වෙන නිසා.

The Intention

If we ever decided to go back and read through our first few posts , here's to that day.

Here we are , we've started a blog. Why ? We don't know. But we're about to find out. Not today, but we certainly hope that someday, it is useful , to someone. Even if that someone is just one of the four bored people who decided that this was somehow a good idea.

Friday, August 23, 2013

මේ ලිපියට නමක් දෙන්න

 අලුත් බ්ලොග් එකක්. පළවෙනි පෝස්‍ටුව. කුමක් ලිවිය යුතු දැයි මටම හිතාගන්න බැහැ. දේශපාලනය? (UPFA? UNP? JVP? ) කාලීන යමක්? ( ආගමික, ජාතිවාදී , ආගමික හා ජාතිවාදී, ආගමික හෝ ජාතිවාදී නොවන? කිරිපිටි? වතුර?) උපදේශාත්මක යමක්? ( අවාසනාවකට වගෙ උපදේශ දෙන්න මට වයස මදි තවම ) විචාරයක්? (චිත්‍රපටයක්, පොතක්, සින්දුවක්, සින්දුවක රූප රචනයක්?) එහෙම නැත්නම් ඔබාමාට බැනලාම පළවෙනි පෝස්ට් එක ලියන්නද? (මොකද සමහරුන්ට අනුව මේ රටේ ප්‍රශ්න වැඩි හරියකටම හේතුව ඔබාමා නිසා ) අත්දැකීම් ගැන, හිතට එන දේවල් ගැන ලියන්නත් පුලුවන් ඕනෙ නම්.  ඒත්.. අනේමන්දා... එහෙම නැත්නම්… නිකන්ම නිකන් කවියක්?